(නිමල කොඩිතුවක්කු)
ඉදිරි ජනාධිපතිවරණය සඳහා කිසිසේත්ම ශ්රී ලංකා පොදුජන පෙරමුණට සහය නොදෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රී කුමාර වෙල්ගම මහතා ලංකාදීපයට අද(7) පැවැසීය.
ශ්රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කළ යුතු බවට වන ස්ථාවරයේ තමන් දැඩිව සිටින බවත් පැවසූ ඒ මහතා ශ්රී ලංකා නිදහස් පක්ෂය ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය ලබා දුනහොත් කෙටිකාලීනව දේශපාලන විවේකයක් ලබා ගන්නා බවත් සඳහන් කළේය.
ජනාධිපතිවරණය සඳහා ස්වාධීනව ඉල්ලා ජයග්රහණය කිරීමට නොහැකි බව හැඟී ගිය හෙයින් මෙවර නාම යෝජනා භාර නොදුන් බවත් වෙල්ගම මහතා සඳහන් කළේය.
රාජපක්ෂවරුන්ට පමණක් තරග බිමට ඒමට අවස්ථාවක් ලබා දිය නොහැකි බවත්, ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවට දිනේෂ් ගුණවර්ධන මහතා හෝ ඉදිරිපත් වූයේ නම් තමන්ට ගැටලුවක් නොමැති බවත් ඔහු සඳහන් කළේය.
චමල් රාජපක්ෂ මහතා ඇප මුදල් භාරදී නාම යෝජනා භාර නොදුන් බැවින් තමන්ද නාම යෝජනා භාර නොදී සිටීමට අවසන් මොහොතේ තීරණය කළ බවත් වෙල්ගම මහතා වැඩිදුරටත් පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව්.. ඔබ තුමා විවේකෙන් ඉන්න.
පව් අනේ.
ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න ඕනෑ කියන්නේ ඕකට තමයි. අනෙක තමන්ට ඇති පෞද්ගලික වෛර පිරිමහගන්න දේශපාලනයට නෑවිත් ඉන්න එක හොඳයි...
කතාව ඇත්ත... තවත් පවුල් ගහක් රෝපණය වෙලා ඉවරයි. ප්රතිඵල සුන්දර වෙන එකක් නැහැ...
ජනතාව ඉල්ලන්නේ ගෝඨාව නම් ඡන්දේ දිනේෂ් ඉල්ලලා හරියනවද? පස්සේ ඇමතිකම් ඉල්ලන් ඒවි... ගන්න නම් එපා.
ඔබතුමා ඡන්දේ ඉල්ලන්නේ නැතිනම් ඔබතුමාගේ අනුගාමිකයින් කාටද ඡන්දේ දිය යුත්තේ කියන එක පැහැදිලිව කිව යුතුයි.
මෙන්න තනි වචනේ මිනිහෙක්
කොන්දක් ඇති ශ්රී ලංකා කාරයෙක්
යූ.ඇන්.පී යට සහාය දුන්න නම් හරිනේ. අර ඔයාලගෙ පක්ෂේ නායකයා ගිය පාර දුන්නා වගේ.අපිට නම් නැතුවට කමක් නෑ.
ඉල්ලුවනම් අරයගේ ඡන්දේ හරි ලැබෙනවනේ.
ඇයි ?? හා දැනුයිනේ මතක් උනේ මේදවස් වල කෝච්චි ස්ට්රයික්.
අනේ ඔබවැනි මිනිස්සු අයින් වෙන්න නෙමෙයි අයින් කරලාම දාන්න ඕනේ... දේශපාලනයේ අවසන් තීන්දුව..
එක ඡන්දයක් අඩුවෙයි... එච්චරයි....
ඔයාට ඕනදෙනේ ඉතින් කර ගන්ඩ. හැබෙයි ඡන්දෙන් පස්සේ පිළිකන්න පැත්තෙන් යනවා බොරු. හූ කියනවා
තමන්ගේ ගජ මිත්රයන් ටික අලුත්ම v8 වල යද්දී විවේක සුවයෙන් හිටිය එකේ ප්රතිඵල තේරෙයි...
මෙයා කරන්නේ වෛරී දේශපාලනය.මෙයා නැතිවුණා කියලා පොහොට්ටුවේ අපේක්ෂකයා පරදීද දන්නෑ නේද? පව් අනේ පොඩි එකා......
අනේ අපොයි දුම්රියේ ප්රශ්නේ දුරදිග ගිය හැටි... යුද්ධයකුත් තියෙන වෙලාවේ වෙලාවට කිසිම වැඩක් කළේ නැහැ. කෙහෙල්මල් කෝච්චියක් නිසා ඉතින් ගෝඨා යකඩ හුචක්කුව රටින් පැන්නුවා. යුද්ධය ජයගත්තා.. කෝච්චි ඩ්රයිවර් වෛර බැඳගත්තා ඔන්න ඕකයි තත්වේ...
ලංකාවේ ඉන්න කුහක ම මනුස්සය කිව්වත් වැරදි නැහැ. මෙයා බයෙන් ඉන්නේ පව්.
මතුගම පැත්තට ගිහිල්ලා බලන්න... කොච්චර මිනිස්සු වෙල්ගම එක්ක ඉන්නවද කියලා..
ලෝකේ පෙරලන්න ඇවිත් පාලු ගෙදර වලං බිදලා ගියා.....
ලැජ්ජයි .. ලැජ්ජයි ...ලැජ්ජයි ...
අනේ පව්..............
සරම බැනියම අදින ලංකාවේ ලොකුම බොරුකාරයා.
අයියෝ ලැජ්ජාවේ පන යනවා මහත්තයෝ