නාමිනි විජේදාස - සන්ඬේ ටයිම්ස්
නොරච්චෝලේ පිහිටි ලක්විජය ගල් අඟුරු බලාගාරයට මෙගාවොට් 300ක් අමතරව එක් කිරීම සඳහා ජනාධිපතිවරණයට දින 10කට පෙර ලංකා විදුලිබල මණ්ඩලය ‘චයිනා මැෂිනරි ඉංජිනියරින් කෝපරේෂන්’ (සී.එම්.ඊ.සී.) සමාගමට ලිපියක් යවා ඇතැයි වාර්තා වේ.
ලංකා විදුලිබල මණ්ඩලය සිය අභිමතය දන්වමින් යවා ඇති මෙම ලිපිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව දැනුවත් කර නැතැයි ද වාර්තා වේ. එවැනි ලිපියක් යවන්නේ නම් මහජන උපයෝගිතා කොමිෂන් සභාව දැනුවත් කිරීම අනිවාර්යය බව ද පැවැසේ.
ලක්විජය බලාගාරයට එකතුවක් කිරීම ලංකා විදුලිබල මණ්ඩලයේ දීර්ඝ කාලීන සාමාන්‍ය ව්‍යාප්ත කිරීමේ සැලැසුම්වලින් එකක් නොවන බව ද වාර්තා වේ.
හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය රවි කරුණානායක මහතා කැබිනට් පත්‍රිකාවක් යොමු කර තිබෙන අතර ඊට අනුව නොරොච්චෝලේ බලාගාරයේ මෙගාවොට් 900ක සිවුවැනි ඒකකයක් ස්ථාපිත කිරීම සඳහා සලකා බලා තිබේ. පවත්නා යටිතල පහසුකම් සහ සමාන හෝ උසස් පද්ධති සහ පහසුකම් යොදා ගනිමින් එසේ කිරීමට ද අවධානය යොමු වී තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලය, ‘චයිනා මැෂිනරි ඉංජිනියරින් කෝපරේෂන්’ (සී.එම්.ඊ.සී.) සමාගමට යැවූ ලිපිය මගින් ශක්‍යතා අධ්‍යයනක් කිරීමට බලාපොරොත්තු වී තිබේ. අදාළ සමාගම මඟින් එම ශක්‍යතා අධ්‍යයනය කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය බලාපොරොත්තු වී තිබෙන අතර එම ශක්‍යතා අධ්‍යයනය මේ වනවිටත් සිදු කරන බව වාර්තා වේ.
අදාළ එකතු කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික, වාණිජ සහ මූල්‍ය ශක්‍යතාව සහ හැකියාව අගය කිරීම හා තක්සේරු කිරීම අදාළ චීන සමාගමට පවරා තිබේ. ඊට අමතරව පාරිසරික සහ අනෙකුත් නියාමන අවශ්‍යතා සම්බන්ධයෙන් ද සලකා බැලීම ඊට අවශ්‍ය කර තිබේ.
වරින් වර බිඳ වැටුණු පළමු ඒකකය ද ඇතුළුව ලක්විජය බලාගාරයේ අනෙක් ඒකක තුනම ඉදිකරන ලද්දේ සී.එම්.ඊ.සී. සමාගමය. 2011 වසරේ දී ආරම්භ කිරීමෙන් අනතුරුව අවස්ථා ගණනාවකදීම අදාළ ඒකකය අලුත්වැඩියා කරන ලදී. මේ වනවිට නඩත්තු කිරීමේ කටයුතු සඳහා අදාළ ඒකකයේ වැඩ නවත්වා ඇත.
ව්‍යාපෘතියේ සම්පූර්ණ වියදම ආවරණය කරගැනීම සඳහා සහන ණයක් ලබාගැනීම සම්බන්ධයෙන් ඇති හැකියාව විමසා බලන්නැයි ද ලංකා විදුලිබල මණ්ඩලය සී.එම්.ඊ.සී. සමාගමට උපදෙස් දී තිබේ. රටවල් දෙක අතර ණයක් ලබාගැනීම සම්බන්ධයෙන් සලකා බලන්නැයි එහිදී උපදෙස් දී තිබෙන අතර කලින් ඉදිකරන ලද ඒකක තුනට මුදල් සපයා ඇත්තේ චීනයයි.
උපයෝගිතාව සම්බන්ධයෙන් කිසිදු නෛතික බැඳීමක් නැතැයි ද වලංගු වන්නේ මාස හයකට වන බැවින් අදාළ චීන සමාගම මාස හයක් ඇතුළත ශක්‍යතා අධ්‍යයන වාර්තාව ලබාදිය යුතු බව ද අදාළ ලිපියේ සඳහන්ව ඇත. ඊට අමතරව අදාළ මාස හය ඇතුළත බලාගාරය ඉදිකිරීම සඳහා සැලැස්මක් මෙන්ම එකතු කිරීම සඳහා පුළුල් තාක්ෂණික සහ වාණිජ යෝජනාවක් ඉදිරිපත් කරන්නැයි ද අදාළ ලිපියෙන් ලංකා විදුලිබල මණ්ඩලය චීන සමාගමට දන්වා ඇත.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකේ වැරද්දක් නැහැනේ , සියල්ල ලිකිතව නිවැරදි ක්‍රමවෙදයටම තියෙනවානේ . ඕක ආරම්බයේදීම කොටස් 3 කින් එකක් 300mw බැගින් තමයි සැලසුම් කරේ එතකොට මේ ලිපිය යවල තියෙන්නේ එදා 2015 ට ඉස්සෙල්ල කල සැලසුම අකණ්ඩව ඉදිරියට ගෙනියන්න නේ . රටේ විදුලි අවස්තාවයට සාපේක්ෂකව උත්පාදනය සිදුවිය යුතුයි, දැන් මේ ආණ්ඩුව හදන්නේ බොරු බොරු හේතු පෙන්නලා එයාලම 2015 ට පෙර කරපු වියාපෘතිය පහුගිය ආණ්ඩුවේ වරදක් බව එත්තුගන්වලා අත්හිටවලා වැඩි මිලට හදිසි විදුලිය මිලදීගැනීම් කරන්න ඉස්සරහට ෂා මරු මොලේ. ගහමු ගහම් ඉක්මනට කරගන්න දෙයක් කරගමු පරම්පරා හත අටකට .
අර කතාවක් තියනවා හඬ ඊසොප්ගේ වුණත් අත ජාකොබ්ගේ කියලා සමහර කමෙන්ට් දැක්කම මට ඒ කතාව නිකමට මතක් වුණා. මේ ඊනියා මණ්ඩලේ "හදිසි මිලදී ගැනීම්" ටෙන්ඩර් මුළුමනින්ම දූෂිතයි මේක මම නෙමෙයි කියන්නේ මේ රටේ ඉන්න උගත් කාරණා දන්නා වරලත් විදුලි ඉංජිනේරුවරු... හැබැයි ලස්සනම දේ කවදාවත්, කිසිම කෙනෙක් මේවා ගැන හොයන්නේ නැහැ.
ඇත්තටම අපිට ඕනෑ තවත් ගල්අඟුරු බලාගාරයක්ද, නැත්නම් විකල්ප ශක්ති ජනකද? ගෘහස්ත පරිභෝජනයට සූර්ය කෝෂ පද්ධති සමාජගත කරන එක රනිල්ගේ ආණ්ඩුවෙන් නැවැත්තුවේ මේ වගේ හංගලා මංකොල්ල කන්න තමයි. එක කට්ටියක් පවුල් නඩත්තු කරගන්න හදනකොට අනිත් කට්ටිය තනි තනිවම රජවෙන්න දැඟලුවා. මේකට වැරදිකාරයින් රටේ මිනිස්සුම තමයි. කාලකන්නි හොරුන්ව තෝරාගෙන උඩ තියාගෙන ගොන්කම් කරනවට..
මේ ආණ්ඩුව මේ ලියුම ගානේ සතුටු වෙන්න ඕනේ. මේ ගල් අඟුරු මාරයාව ලංකාවට ගෙනාවේ ඒ ගොල්ලෝ... ඒක වැරදියයි කියපු එජාපය තව මේවගේ මාරයින් හදන්න හදන්නේ මොකද කියන ප්‍රශ්නේ තමයි මට තියෙන්නේ... රවී ගෙවල්වල සූර්ය බල නිෂ්පාදනයට කෙල කරලා දැම්මේ මේක ගෙන්න වෙන්න ඕනේ... දැන් බලමු මේ ආණ්ඩුව මොකද කරන්නේ කියලා. ලෝකේ ගල්අඟුරු බලාගාර වහගෙන යනකොට අපි ණය අරගෙන ඒවා හදනවා. මාර මොලේ... හැබැයි සූර්ය බලය එපාලු. අපේ ගෙදර සූර්ය බලය නිෂ්පාදනය කරට මේ අයට කොමිස් හම්බවෙන්නේ නෑනේ. බලමු දැන් මොකද වෙන්නේ කියලා...?
මෙතන සිදුවී ඇත්තේ තාප විදුලි බල ජනනය පුළුල් කිරීමට අවශ්‍ය ඊළඟ අදියර ක්‍රියාත්මක කිරීමේ ආරම්භක පියවරක් පමණයි. හැබැයි ඒ සඳහා අත්‍යාවශ්‍ය මහජන උපයෝගිතා කොමිසම් අනුමැතිය ලබා නොගැනීම හා මැතිවරණ කාල පරාසයක ආරම්භ කිරීමයි සිදුවී ඇති වැරැද්ද...
සූර්ය බලයෙන් රටම ගොඩගන්න බැරි වෙන්න පුළුවන්. ඒ වගේම සම්ප්‍රේෂණය තුලනය කර ගැනීමේ ප්‍රශ්නත් ඇති. එහෙත් ගෙවල්වල බිල අඩුකර සහනදායී පදනමක් මත දිවා කාලයේ සූර්ය බල උත්පාදනයට රජය විශේෂඥ උපදෙස් ගෙන උදව් කරන්න ඕනේ. ඒ ගමන් පුද්ගලික තාප බලාගාරත් බිඳ නොවැටී තබාගන්න ඔවුන්ටත් යම් මුදලක් ලැබෙන විදියට තියෙන්න ඕනේ. ඒවාට වියදම් ගිහින් තියෙන්නෙත් අපේ ධනය නේද? විදුලි බල මණ්ඩලේ අය මේකට කවදාවත් කැමති වෙන්නේ නැහැ.