(යොහාන් භාසුර)
ජනාධිපතිවරණය ආසන්නයේ නැවත ආගම් හා ජාති භේද ඇතිවිය හැකි බවත් 2015 න් පසු විවිධ පාර්ශව බලය ලබාගැනීම සඳහා සමාජය භේද කිරීමට පියවර ගෙන තිබේ බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
ඒ අතර මුස්ලිම් සිංහල ජාති අතර අවිශ්වාසය වර්ධනය කර බෞද්ධ ඉස්ලාම් මත ගැටුමක් ද ඇති කිරීමට පියවර ගත් බව කී රණවක මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ධුරයෙන් ඉවත්වීමෙන් පසු මෙම ගැටලුකාරී බලවේග ආරම්භ වූ බව ද ඒ මහතා සදහන් කළේය.
ඉදිරි ජනාධිපතිවරණය ආසන්නයේ දී නැවතත් එවැනි විනාශකාරී බලවේග ක්‍රියාත්මක විය හැකි බවත් එවැනි ජාති ආගම් භේද මතුකිරීම පාලනයේ වගකීම වර්තමාන ජනපතිට සහ ආරක්ෂක අංශවලට ඇති බවද වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තිමට සිංහල ජාතියම වඳකරලා ගියේ...
දේශපාලනේට ආවේම ජාතිවාදය විකුණලා. නොම්මර එකේ කෙනෙක්... පරදින්නේ ඇප නැතුව...
ඔන්න ඔන්න පරණ තැටියම වාදනය කරන්න පටන් ගත්තා... ඇත්තටම වෙන මාතෘකාවක් ඇත්තටම නැද්ද කතාකරන්න...
ජාතිවාදයෙන් රටක් දියුණු කළ නොහැකිය...
මේ සැරේ කියලාම කරන්න වගේ හදන්නේ...
හෙළ උරුමය කියන පක්ෂයට නම දානකොට හෙළයින් නොවන අය රටේ ඉන්නවා කියලා හිතපු නැති කෙනා දැන් එනවා අනිත් අය ජාතිවාදය අවුස්සන කතා ගැන රටට කියන්න.
ජාති, ආගම් අවුස්සන පක්ෂයක් මුලින් හදාගෙන දේශපාලනයට ඇවිත් සංඝයා වහන්සේලාත් පාර්ලිමේන්තු එක්ක ඇවිත් විකාර නටලා දැන් රටේ නායකයා වෙන්න සිහින දකිනවා.
ජාතිවාදය තමයි රනිල්ගේ, රාජපක්ෂලාගේ එකම ඡන්ද ආයුධය...
භේද අවුස්සන කෙනා ඉන්නේ මහ පුටුවේ...!
එක එක පක්ෂවල එල්ලිලා ඉන්නේ නැතිව ඒවාගෙන් ඉවත් වෙලා ජනමතය විමසා බලන්නකෝ... එතකොට සනීප වෙයි...
මෙයා තමයි ඉස්සෙල්ලාම ජාතිවාදය පතුරවලා දේශපාලනයට ආවේ.. සිංහල උරුමය කියලා පටන් අරගෙන තමයි සිංහල ජාතිවාදය අවුස්සලා මෙයා තමයි පටන් ගත්තේ...
ඔන්න මෙයාම පටන් ගත්තා.. මේයා තමා හොඳම ජාතිවාදියා.
හරියට කිව්වා. කවුද මේ ප්‍රශ්නය හැදුවේ. ඒ ඔබයි.