
(අංජුල මහික වීරරත්න)
අරගලයේ සැබෑ ජනතා අපේක්ෂාව ජයග්‍රහණය කරවීමට නම් එහි අයහපත් පැතිකඩ ඉවතලා යහපත් අරමුණු සමග සියලු දෙනා යළි ඒකරාශි විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාව පිළිබඳ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි ඇතුළු මහජන සභාව සමග ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් බොහොමයක් සමග මේ වන විට සාකච්ඡා කර ඇති බවත් ජාතික ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පක්ෂ කිහිපයක් සමග පමණක් සාකච්ඡා කිරීමට ඇති බවත් ජනාධිපතිවරයා පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි කීවෙි ඉදිරියට ගෙන යන වැඩපිළිවෙලට මහජනතාව සම්බන්ධ කර ගත යුතු අතර සර්ව පාක්ෂික ස්ථාවරත්වය සඳහා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන සාමකාමී වැඩපිළිවෙළට එක්වීමට සුදානම් බවයි.
නීති විරෝධි, ව්‍යවස්ථා විරෝධි, දාමරික ත්‍රස්ත ක්‍රියා අපි කිසි කලෙක අනුමත කරන්නේ නැති බවත් සාමකාමීව ජන අරගල ක්‍රියාත්මක වුණේ මිනිස්සුන්ට කරන්න කිසිම දෙයක් නැති නිසා බවත් සෝභිත නාහිමියෝ කීහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපති හැමදෙනාම සතුටු කරන්න ගිහිල්ල කාවවත් සතුටු කරන්න බැරිව කෙලගනී කියලා මට විතරද හිතෙන්නේ. මට පෙනෙන්නේ සියලුදෙනාගේම අදහස් අරගෙන තමන්ට ඕනදේ කරාවි. ජෙප්ප්නට අදහසක්වත් දෙන්න බැරිවෙනවා.
රට ගිනිතියන හාමුදුරු . ඡන්දෙ අරන් පාර්ලිමේන්තු ගිහින් වතාවක් චන්ද නිස්ක්‍රිය කලාත් වගේ මතකයි.
මම මේ දන්නේ නැති නිසා අහන්නේ. සොභිත හිමි හෙන පොරක්ද ? රටටම කෙළවපු එක්කේනෙක් නෙවෙයිද?
පන්සල් නිසයි එදා මේ අය පිදුවේ - අද මේ අයයි චිවර ගුණය ඉරුවේ ගුණදම් රකින සඟ රුවණ දරුවේ - නැත පින්බිමට උතුම් සඟ ගරුවේ