IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ජනාධිපති ලෝකයම වෙනුවෙන් ඉල්ලීමක් කරයි

(අංජුල මහික වීරරත්න)

ඉදිරි දෙවසර සඳහා ලෝකයේ ආහාර අවශ්‍යතා තක්සේරු කර, වාර්තාවක් ඉදිරිපත් කිරීමට සියලුම රටවල කෘෂිකර්ම අමාත්‍යවරුන්ගේ රැස්වීමක් කැඳවන ලෙස  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  COP27 හි ප්‍රධානත්වය දරන ඊජිප්තු ජනාධිපතිවරයාගෙන් සහ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගෙන්  ඉල්ලා සිටියේය. 

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊජිප්තුවේ ෂාම් එල් ෂීක්   (Sharm El Sheikh)  හි දී  පැවැත්වෙන දේශගුණික විපර්යාස පිළිබඳ COP-27 සමුළුවේ “ආහාර සුරක්ෂිතතාව” පිළිබඳ වට මේස සාකච්ඡාවට අද (07) සහභාගී වෙමිනි.

ගෝලීය ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා තරසර ණය සහන සැලැස්මක් කඩිනමින් සකස් කිරීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය. 

2023 පෙබරවාරි මස වන විට මෙම තිරසර ණය සහන සැලැස්ම සකස් කර 2023 පළමු කාර්තුව අවසන් වන විට එය ක්‍රියාත්මක කළ යුතු බව ද කී ජනාධිපතිවරයා  එසේ නොවුණහොත් රටවල දේශපාලන හා සමාජ ව්‍යුහයන්ට සිදුවිය හැකි හානිය නැවත පිළිසකර කළ නොහැකි බව පැවසීය. 



අදහස් (6)

ජනාධිපති ලෝකයම වෙනුවෙන් ඉල්ලීමක් කරයි

නිමේෂ් Monday, 07 November 2022 07:15 PM

මේ කන්නේ වගා කරන්න තවම පොහොර නැහැ කියල අපේ රටේ ගොවියෝ රජය චෝදනා කරනවා , රනිල් හාමු ගෙන් ඔතන ඉන්න සුදු මහත්ත්යෙක්වත් අහන්නේ නැත්ද අපේ රටේ විහින් ඇතිකරගත්තු ප්‍රශ්න වින්සදල ද ලෝකේ තියන් ප්‍රශ්න හොයන්නේ කියල ?

:       12       36

chandima Monday, 07 November 2022 08:10 PM

ලෝකෙට පරකාසෙ ගෙදරට මරගාතේ, නේද?

:       16       51

බද්රානි Monday, 07 November 2022 08:51 PM

කටින් බතල හිටවන නායකයින්ගේ පම්පෝරි අදහස් ඒ රටවල නායකයින්ට අවශ්‍ය නැහැ. කාර්මික රටවල පවා ගොවියා පොහොසත් පුරවැසියෙක්. කෘෂි රසායන ද්‍රව්‍ය ඇතුළු කෘෂි උපකරණ වල මිල අඩුයි. ස්වභාවික ආපදාවලදී පවා ඒ රටවල රජයන් ගොවීන්ව රැකබලා ගන්නවා. නමුත් ලංකාවේ වගේ රජය අස්වනු මිලට ගැනීමට බන්දී නැහැ. පෞද්ගලික ව්‍යාපාරකයින් නිසි මිලට අස්වනු මිලදී ගැනීමේ ක්‍රමවත් වැඩපිළිවෙලක් ඒ රටවල ක්‍රියාත්මකයි. රජයේ නිසි මිල නියාමනයකට යටත්ව ගොවියන් ගේ අස්වැන්නට නිසි මිලක් නියම වෙනවා. ලංකාවේ මෙන්, පාරිබෝගිකයින්ව මරාගෙන කන ව්‍යාපාරිකයින් ඒ රටවල නැහැ. සතොස වැනි සිල්ලර පෙට්ටි කඩ බිස්නස් දියුණු රටවල රජයන් කරන්නේ නැහැ. තියන වගාවත් විනාශ කරගෙන ලජ්ජා නැතිව ලෝකෙට උපදෙස් දෙන එකට ඒ රටවල නායකයින්ටත් හිනා යනවා ඇති අර කොහෙන්ද මන්දා??

:       1       2

AB Monday, 07 November 2022 10:41 PM

ඉදිරි දෙවසර සඳහා ලෝකයේ ආහාර අවශ්‍යතා තක්සේරු කර, වාර්තාවක් ඉදිරිපත් කිරීමට සියලුම රටවල කෘෂිකර්ම අමාත්‍යවරුන්ගේ රැස්වීමක් කැඳවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා COP27 හි ප්‍රධානත්වය දරන ඊජිප්තු ජනාධිපතිවරයාගෙන් සහ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගෙන් ඉල්ලා සිටීම කාලෝචිත මෙන්ම අගයකලයුතුද වේ. ආහාර අවශ්‍යතා තක්සේරු කිරීම පමණක් නොව ලෝකයේ වෙනත් රටවල වෙනත් දේශගුණික කලාපයන්හි කෘෂිකර්මය සිදුවන ආකාරය සහ නව තක්ෂණය යොදවා ගන්න ආකාරය සහ වෙනත් වැදගත් බොහෝ කරුණු මෙම ගින් දන ගැනීමට හැකිවනවා පමණක් නොව ක්වෙනථ් රටවලට කෘෂි බෝග ආනයනය පිළිබදවද දැනුවත්වීමට අවස්තවක් මෙමගින් ලබාදේ. මෙම සියලුම රටවල කෘෂිකර්ම අමාත්‍යවරුන්ගේ රැස්වීම ලනක්වේ පැවැත්වීමට හැකිනම් වැදගත් මෙන්ම ලංකාවේ සංචාරක කර්මාන්තයටද මෙන්ම ප්‍රයෝජනවත්වේ.

:       1       0

Perera Tuesday, 08 November 2022 03:55 AM

ලංකාවෙ ජනතාව ලෝකෙන් කරන ඉල්ලීම තමයි ඔය පිංජනාධිපතිවයි පාර්ලිමේන්තුවේ ඉන්න 225 යි එලවලා දාන්න උදව් කරන්න කියලා.

:       0       2

Kiri putha Tuesday, 08 November 2022 05:33 AM

ලංකාවෙ කන්න නැතිවුණාට හුඟක් රටවල මිනිස්සුන්ට කන්න තියනවා.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 168 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site