
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් රුපියල් කෝටි ගණනාවක් වටිනා යතුරුපැදි 12 ක් ඇතුළු වාහන 29 ක් අස්ථානගතවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද පැමිණිල්ලක් අනුව ජනාධිපති කාර්යාලයේ ප්‍රවාහන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාගෙන් පැය හය හමාරකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
වර්තමාන ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පොලිස්පතිවරයාට ලිඛිතව කළ පැමිණිල්ලක් අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇතැයි එම ආරංචි සඳහන් කරයි.
මෝටර් රථ නවයක් යතුරුපැදි 12 ක් කැබ් රථ 6 ක් හා ට්‍රැක්ටර් දෙකක් එම වාහන අතර වේ.
2022 වසරේ විගණන දෙපාර්තමේන්තුව මගින් සිදු කළ විගණනයකදී ජනාධිපති කාර්යාලයේ භාවිතය සඳහා ලබා දී තිබූ වාහන 800 කට අධික ප්‍රමාණයකින් 51 ක් අස්ථානගතවී ඇති බවට වාර්තාවකින් අනාවරණය වී ඇති අතර ඉන් අනතුරුව වාහන 22 ක් සොයා ගැනීමට කටයුතු කර තිබිණි.
ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රවාහන කොට්ඨාසයේ අධ්‍යක්ෂ මහේෂ්. හේවාවිතාරණ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා පැය හයහමාරකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා ගත්ත ද අස්ථානගතව තිබෙන වාහන සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ඉදිරියට ගෙන යාමට තරම් වැදගත් තොරතුරක් ඔහුගේ ප්‍රකාශවලින් අනාවරණ වී නැතැයි ද දැනගන්නට ඇත.
ඔහු ප්‍රවාහන අධ්‍යක්ෂවරයා ලෙස එවකට වැඩ භාර ගත් දිනයේ සිට ගොනු නිසියාකාරව පවත්වාගෙන යන බවත් පැරණි ගොනු කිසිවක් සොයා ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති බවත් එනමුත් සති තුනක කාලයක් ඒ සඳහා ලබා දෙන මෙන් ඔහු ඉල්ලීමක් ද කර ඇතැයි දැනගන්නට ඇත.
ප්‍රවාහන අධ්‍යක්ෂවරයාගේ ප්‍රකාශයෙන්, අස්ථානගතව තිබෙන වාහන සම්බන්ධයෙන් වැදගත් තොරතුරක් අනාවරණය නොවුණත් එලෙස අස්ථාන ගත වී තිබෙන එම වාහන විකල්ප ක්‍රමවේද ඔස්සේ විමර්ශන සිදු කර සොයා ගැනීමට කටයුතු කරන බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය සැබෑවක් නම් වහාම ඒ ගැන පරීක්ෂා කර වැරැදිකරුවන්ට දඬුවම් දිය යුතුමයි. එම වාහන නැවත සොයා ගත යුතුමයි. මෙය කොට්ටහච්චි නෝනාගේ උගන්ඩා ඩොලර් වැනි නාටක පිටපතක් නොවනු ඇතැයි ද අපි විස්වාස කරමු.
හැංගි මුත්තං සෙල්ලම ඉවරවුණා කියලා දන්නැතුව තාම හැංගිලා ඉන්න විසිනමයක්...
පරණ හොරකම් දූෂණ අල්ලන එක ඉතා හොඳයි, එත් ඔය වාහන රෙද්ද්දවල් නෙවේ මේ රටේ මූලිකම ප්‍රස්නය. ආනයන සීමා නිසාත් අධික බදු නිසාත් නොවටිනා ගණන් වලට මෙහෙ වාහන විකිණෙනවා තමයි නමුත් ඔය තරම් අවධානයක් ඒ සඳහා දිය යුතුද? සහල් මාෆියාව, එළවලු මාෆියාව, බිත්තර මාෆියාව, අස්වනු බෙදාහැරීමේ ප්‍රස්න, පාස්කු ප්‍රහාරය, ණය අර්බුදය ආදී නොයෙකුත් ප්‍රස්න තියෙනවා. කෝ ඒවාට විසඳුම්. මිනී මැරුම් ආදීයත් වැඩි වී තිබෙනවා. ඒවාට හේතු සොයා විසඳුම් දිය යුතුයි
වාහන 800කින් රටට කරපු සේවය තමා අපේ බදු මුදලින් වාහනයි ඉන්ධනයි පුද්ගලයන් 800 කට වඩායි නඩත්තු කරපු එක. ඉතිං අපි මෙහෙම හරි ඉතුරු උන එකයි පුදුමේ
බොහෝම අපූරුයි බලධාරීන්ගේ ක්‍රියා කලාපය. හරියට ඉදිකටු වගේ හරි සියුම් දේවල්නේ එනිසා ඔය හැම එකක් ගැනම කොහොමද අවදානෙන් ඉන්නේ, ඔය කොහේ හරි මඟහැරිලා ඇති.
ප්‍රවාහන අධ්‍යක්ෂක පඩි ගත්තේ ජිල් ගහන්නද ?
ට්‍රැක්ටර් 2 ක්ද v8 දෙකක්ද ?
වහාම ගරාජ් නම්බර ටහනම් කර විදිමත්ව වාහන ලියාපදිංචි නම්බර ගන්න කිව්වා නම් ඔය වාහන පමණක් නෙමෙයි තව ගොඩක් හොර වාහන අල්ලගන්න පුළුවන්