
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
අනුර කුමාර ජනාධිපතිතුමා රට ගියේ බාගේ ටිකට් අරගෙන දැයි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදීී පැවසීය.
ජනාදිපතිතුමාට රටවල් තුනකට යන්න වියදම් වුනේ මිලියන 1.8ක් බව කියනවා.බාගෙ ටිකට්ද දන්නෙ නෑ ගත්තේ.එකොළොස් දෙනෙක් එහෙම ගියේ කොහොමද?එච්චර ලාභ නම් විපක්ෂයේ ඔක්කොම එකතුවෙලා ඒ රටවල් තුනට ගිහින් එමු. මරුනේ.යැයි මන්ත්‍රීවරයා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාධාරණ ප්‍රශ්නයක්. ඡන්දෙට කලින් මාලිමාව කිව්වේත් බොරුනේ. සමහරවිට රට ගිහින් යාලුවෙක්ගේ ගෙදර නතරවෙලා, එහෙන් කාලා හිටියා වෙන්න ඇති. මෙහේ ඉඳලා ගියේ, ආවෙත් බස් එකේද දන්නෙත් නැහැ...
ඔය, මෙයා භාග ටිකට් හොයනවා. තව කට්ටියම රවුමක් යන්න අහනවා. මෙයාට තේරෙන්නෑ. ඒකම තමයි, එයාගේ මහ උං එලෙව්වේ කියලා. මෙයාට මොලයක් නං ඇති හැබැයි වැඩ නෑ වගේ.. ඇත්තටම බදුල්ලේ අයගේ නියෝජනය පව්...!
මෙහෙමනේ ඕක වෙන්නේ... ජනාධිපතිතුමා සහ මාලිමාවේ මැති ඇමැතිවරු, වැටුප්, දීමනා ගන්නේ නැහැ. ඒවා මුලින්ම යන්නේ පැලවත්තේ එකවුන්ට් එකට. ඒකෙන් මන්ත්‍රී වරුන්ගේ පුද්ගලික වියදම්, ගමන් බිමන් වලට අවශ්‍ය විය හියදම් කරනවා බිල් ටික ගෙවනවා...
මේවගෙ අදබාලයෝ අහන්නේ මේවගෙ බාල ප්‍රශ්න
කතාව ඇත්තනේ... බොරු කියන එකේ සීමාවක් නැහැ. දැන් ඉන්න ඇමැතිවරුන්ට නැත්නම් කොහොමද බිස්නස් ක්ලාස්... ව්‍යාපාර පන්තියේ ගුවන් ටිකට් එකකින් චිනේට ගිහින් එන්නම ටිකට් එකට විතරක් මිලියන් 2ක් යනවා. බලයට ආවෙත් බොරු කියලනේ ඉතිරි කාලයත් බොරුවෙන්ම පාලනය කරන්න සමාව ගන්නවා වෙනුවට දළදා ප්‍රදර්ශනයක් කරන්න.
වියදම් වෙලා තියෙන්නේ එච්චර නම් ගිය විදියයි, හිටිය විදියයි දැනගන්න ඇති රුදාව මොකක්ද?
බරවා වලට මන්ද මුගේ කඳයි බඩයි මහත්වෙලා තියෙන්නේ. මුගේ මොළේ භාගේ ටිකට් එකකටත් වඩා අඩුද කොහෙද?
ජනාධිපතිතුමා ගියේ ඒ ඒ රටවල් වලින් කරන ලද ආරාධනාවන්ට අනුව. එහෙම ගියාම අවශ්‍ය පහසුකම් ඒ රටවලින් සපයනවා කියලා කඳ බඩ තිබුණට මොලේ නැති චාමර සම්පත් දන්නේ නෑ. මට නම් පෙනෙන්නේ කවුරු හරි මේවා ලියලා දීලා මේ මනුස්සයා අමාරුවේ දානවා.
තමන්ගේ මොළේ තරමට තමයි දෙයක් දකින්නේ, දෙයක් කීවහම වටහා ගන්නේ, දෙයක් ගැන ප්‍රශ්න කරන්නේ, බදුල්ලේ ඉතුරු උණු බුද්දිමත් ජනතාවගේ තේරීම.
ලක්ෂ 18කින් නඩයක් එක්ක රටවල් තුනකට ගිහින් ආවලු. උඹලගේ පච තවදුරටත් පිළිගන්න බෑ.
මොලය උඩ වාඩි වුණාම ඔහොම අදහස් එනවා චාමර, පුළුවන් තරම් හිටගෙන ඉන්න බලපං!
අලුත් එකක්, භාගේ ටිකට් දෙන ගුවන්යානා බදුල්ලෙ ද තියෙන්නේ?
ලක්ෂ 18 කින් කණ්ඩායමක් සමඟ රටවල් තුනක දවස් ගාණක සංචාරකයන් කර ආවා කියන එක මාලිමා එන්කෙෆලයටිස් රෝගය වැලඳී ඇති අහිංසක රෝගීන්ට සැබෑවක් සේ පෙනෙනවා විය හැක. නමුත් මෙයක් හුදෙක් මුසාවක් මිසක යථාර්ථයක් නොවන වග දන්නේ බුද්ධගයා වඳින්න ඉන්දියාවට හෝ ගිහින් ආපු කෙනෙකුට ය. හිටපු නායකයින් රටේ සල්ලිවලින් ජොලි කරා කියන එකට සුදුහුනු ගාන්නට අවශ්‍ය නැත.
මස් කඩේ නානට පෙන්නුව නම් හොඳ ගාණක් ගන්න පුලුවන්.
රටක්, තවත් රටක නායකයකුට හෝ ඇමැතිවරයෙකුට හෝ ආරාධනා කළාම, ගුවන් ටිකට්පත ඇරෙන්න අනෙකුත් සියළුම පහසුකම් සපයනවා. හැබැයි, සොමියට යන දේශපාලන බත්බැලයින්ට එහෙම පහසුකම් සපයන්නේ නෑ. එතකොට ඒ වියදම් ඔක්කෝම ජනපති වැය ශිර්ෂයට වැටිලා, ජනතා බදුමුදලින් තමයි ගෙවෙන්නේ. ලංකාවේ දේශපාලන බත්බැල-නඩ පිනවපු කාලේදී එහෙම තමයි වුනේ. දියුණු රටවලත් රාජ්‍ය නායකයින්, ඒ රටේ ව්‍යාපාරික ප්‍රජාවත් එක්ක විදෙශ් සංචාරවල යෙදෙනවා. හැබැයි, ඒ ව්‍යාපාරික ප්‍රජාව රාජ්‍ය නායකයත් එක්ක අනෙකුත් රටවලට යන්නේ.., ආයෝජන සහ ව්‍යාපාරික අවස්ථාවන් උදෙසා වැනි රාජ්‍ය ත්‍රාන්තික කටයුතු වලට විතරයි. ලංකාවේ වගේ සොමියට ගිහිං වතුර මාරුකරගෙන එන්න නෙමෙයි.
වැස්සකටවත් ඉස්කෝලෙකට ගිහින් නැති කෙනෙක්. කියන්නේම ගොන් කතා....!
මෙයා නම් අමු ගොනෙක්...!
මේ බඩ ලොකු මහත්තයා දන්නේ තමන්ගේ පැත්තේ බස් කර්මාන්තෙ කෝච්චියේ අත්දැකීම් ගැන විතරක් වෙන්න ඇති. ඉතින් බදුල්ලේ ගරු ජනතා නියෝජිතයට හිනා වෙන්න එපා.
ඉන්දියා සංචාරය: රුපියල් මිලියන 1.22ක්, මෙයට ගුවන් ගමන් ගාස්තු සහ රාජතාන්ත්‍රික තෑගි සඳහා රුපියල් 312,350ක් ඇතුළත් විය. චීන සංචාරය: ගුවන් ගමන් ගාස්තු චීන රජය විසින් දරන ලදී... ජනාධිපති ලේකම් කාර්යාලය විසින් රුපියල් 386,000ක් පමණක් වැය කරන ලදී. එක්සත් අරාබි එමීර් රාජ්‍ය සංචාරය, ගුවන් ගමන් ගාස්තු ආවරණය කරන ලද අතර, මුළු වියදම රුපියල් 279,971කි.
අනේ, මෙතන මේකට ගහ මරාගන්ඩ එපා. ඉස්සර මහින්දගේ කාලේ ගියේ ලංකාවෙන් සල්ලි වියදම් කරගෙන. දැන් අනුර යන්නේ නිකන්. මොකද දැන් හරියට මිනිස්සුන්ගේ ආගන්තුක සත්කාරය වැඩිවෙලා. අපි එහෙම හිතලා සාමදානයෙන් ඉමු.
අර තඹුත්තේගමට වෙලා හිටියා නම් ඔය කියන ලක්ෂ 18ක් ඉතිරි නේ.
අර ඉස්සර එක් කෙනෙක් කීවේ නැවෙන් ඩොලර් ගේනවා කියලා.
ඒකයි අපේ අම්මලා තාත්තලා අපිට ඉස්කෝලේ යන්න කිව්වේ.