
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (30) පෙරවරුවේ මහනුවර ඓතිහාසික දළදා මාළිගාව වෙත පැමිණ දළදා සමිඳුන් වැඳ පුදා ගත්තේය.
ජනාධිපතිවරයා දළදා සමිඳුන් වැඩ සිටින ඉහළ මාලයේ කුටිය වෙත ගොස් පුෂ්පෝහාර දක්වා ආගමික වතාවත්වල නිරතව මහා සංඝරත්නයේ ආශිර්වාද ලබාගත්තේය. ආගමික වතාවත්වල නිරත වීමෙන් පසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දළදා මාළිගාවේ විශේෂ අමුත්තනන් වෙනුවෙන් වෙන් කර ඇති කුටිය වෙත ගොස් සමරු සටහන් පොතේ සමරු සටහනක් ද තැබුවේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දළඳා වැඳ ගන්න කියලා හිතාගෙන පැමිණ සිටි අහිංසක බැතිමතුන් එලවා දමලා රතු පලස් උඩින් නැටුම් ගැයුම් පිරිවරාගෙන ගිහින් වැන්දා කියලා කරන පව් සමාකර ගන්න ලැබෙන එකක් නම් නැහැ. අහිංසක ජනතාවම තමයි ඔය සෝබන වැඩ වලටත් ගෙවන්නේ...!
අපි මෙහෙ පෝළිම්වල වැඳපුදා ගන්නවා...
දළදා වඳින්නත් රතු පලස් උඩින් නේද යන්නේ?
කිසිම ජනවරමක් නැතුව පිනට පහළ වූ ජනපති. මහනායකවරුන්ගේම පිහිටයි.
මතක තියා ගන්න මෙ නිහතමානිව ඇවිදගෙන යන්නෙ රටෙ රජතුම. රජකාලෙ කෙනෙක් නම් මුතු කුඩේ යටින් ගියෙ. නමුත් මෙ සිවිල් පුරවසියෙක් වගෙ යන්නෙ රටෙ රජ. ඒ්කට ආඩපාලි කියන අය වැඩියි මෙතන. එහෙම කියන්න එපා. කුහක කම් නැති කර ගන්න දැන්වත්.
අතේ ලේ තැවරුනු මිනිසුන්ට දලදා සමිදු පිහිට හම්බවෙයි කියලාද හිතන්නෙ, මිනිහා ගත්ත චන්ද ගානට වඩා ගානක් වටේ ඉන්නවා මොකද ආයෙ බැන්කුවක් කඩපුහාම කියක් හරි දෙයි කියලාද?
යුක්තිය සාධාරණය ඉල්ලා සටන්කළ අහිංසක තරුණයින් සිය ගණනක් වධකාගාර 45 කදී ( බටලන්ද වධකාගාරයේදී ) දස වධදී මරා දැමු මිනි මරුවෙකුට ...උතුම්වූ බුදුන් වහන්සේගේ දන්තදාතුවේ ආශීර්වාදය කිසිලෙසකින්වත් නොලැබේවා...!!!මෙවැනි පාපිෂ්ටයෙක් දළදා මැදුරට පය තැබීමටවත් ඉඩ නොතැබිය යුතුව තිබුනා.මේ නාකි නරියා මේ සැරසෙන්නේ හිටපු ගම්කබරයාවගේම ආගම් , ජාති , බෙදා ප්‍රශ්නයක් ඇති කිරීමටයි. පහන නිවෙන්නට කලින් එහි එලිය වැඩිවෙනවා.එවිට අවට සිටින කෘමින් ඒ එලියට ලංවී දැවී විනාශ වෙනවා.ඒ සමගම පහනත් නිවී යනවා. තව මාසයක් දෙකක් වැඩිම වුනොත් රනිල් ඔය සෙල්ලම් දමාවි. ඊට පස්සේ...අපි බලමු. නොනවතින අරගලයට ජය වේවා....!!!