(ඩයනා උදයංගනී)
පාර්ලිමේන්තුව තුළ ජනාධිපතිවරයා තෝරා ගැනීමේදී ජනතා මතය නියෝජනය වී නොමැති බවත්, මන්ත්‍රීවරුන් ජන අරගලය සම්බන්ධයෙන් සංවේදී නොවූ බවත් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක, ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පැවසූහ.
කෙසේ වුවත් දැන්වත් මහ නා හිමිවරුන් ප්‍රමුඛ ආගමික නායකයන් සහ සිවිල් සංවිධාන කළ ඉල්ලීම් අනුව ඉතා ඉක්මනින් සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් පිහිටුවීමට, මහජනතාවගේ දුක නැතිකිරීමට, ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට හා හැකි ඉක්මනින් මහ මැතිවරණයක් පැවැත්වීමට වත්මන් පාලනය කටයුතු කළ යුතු බව ද සෝභිත හිමියෝ සඳහන් කළහ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2019 දී රනිල් වික්‍රමසිංහ මහතාට චෝදනා කරමින් රටක් මුලාවට පත්කළ බව කී සෝභිත හිමියෝ, ඔවුන් බැඳුම්කර වංචාව සිදුකළ හොරකු, දේශද්‍රෝහියකු, රට විකිණූ අයකු බව කියමින් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තු ආසනයද අහිමි කළ බව කීහ.
රනිල් වික්‍රමසිංහ මහතා එම චෝදනා ප්‍රතික්‍ෂේප කරන්නේ නම් තමන්ට අසත්‍ය චෝදනා එල්ල කළ අයට එරෙහිව පියවර ගත යුතු බව කී ඕමල්පේ සෝභිත හිමියෝ තමන් විසින්ම හොරකු ලෙස හංවඩු ගැසූ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිපති ධූරයට යෝජනා කිරීමට දිනේෂ් ගුණවර්ධන මහතාට නීතිමට හා සදාචාරාත්මක අයිතියක් තිබේදැයි තමන් ප්‍රශ්න කරන බව ද පැවසූහ.
හොරකම්, වංචා කරමින්, මුසාවාද කී අය ඉදිරි මැතිවරණයකදී ගෙදර යැවීමට ජනතාව බලා සිටින බව ද උන්වහන්සේ ප්‍රකාශ කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දන්නා හදුනන කෙනෙක් හැටියට ඔබවහන්සේ කලොත් කරන්නෙ ඔහොම මෝඩ වැඩමයි (ඔබවහන්සේ හරියට ලෝබ බව මම හොදින්ම දන්නවා නමුත් විස්තර කියන්නෙ නැහැ ) .වරක් චන්ද්‍රිකා මැතිණිය ජනාධිපති වෙලා සිටිද්දී මගුලක් කලා.මෙවර තවත් එකක් ඇත්තටම හාමුදුරුවනේ ඔබවහන්සේ ජනතා මතයක් කියන්නෙ මොකක්ද කියන්න අරගල කරුවො කියන්නෙ රටේ ජනතාව ගෙන් ඉතාමත් සුලු පිරිසක් මිස ඔක්කොම නොවෙයි මිනිස්සු ඉල්ලන්නෙ මොකාගෙන් හරි බෙහෙත් ටික .පොහොර ටික ඉන්ධන ගැනීමේ පහසුව. සහ ජීවන මාර්ගයක් විතරයි
ඔය ඔක්කොම හරියි කියමුකෝ, දැන් ඡන්දෙක කාලේ නොවේ.. දැන් අවශ්‍යතාව වන්නේ රටේ ආර්ථිකය උඩට ගන්න එක. ඒකට හැමෝම එකතුවෙලා සහාය දෙන්න. ප්‍රතිපත්ති සැලසුම් හදන එක කරන්න ඕනේ නම් ඒවාට ඕනේතරම් ක්‍රම තියෙනවා. යෝජනා ඉදිරිපත් කරලා, ඒවා කරගන්න. පාර්ලිමේන්තුවේ සිද්ධ වුනේ ව්‍යවස්ථාවට පටහැනි දෙයක් නොවේ. ඒ නිසා ගොරවන්නේ නැතිව ඉන්න..
ඔය කටින් බණ පමනක්ම දෙසන්න.... ඔය විදියට කතා කියනකොට " චීවරය " ගැන කල කිරෙනවා... "" දෙරුවන් සරණයි ""
කාලයක් දීලා, මොකද වෙන්නේ කියලා බලමු ...
ජනතා මතය පුතානෝයි කොටානෝයිජනපති-අගමැති කරන එකද... ඒක ඔයාගෙ මතය වෙන්න පුළුවන්.. ජනතාගේ මතය ඒක කියලා ඔයා කොහොමද කියන්නේ සාදු
1959 කහ පාට වස්ත්‍රයක් ඇදල පාරේ යන්න බැරිවුනාලු. එක කරගන්න නම් ලැසිති වෙන්න එපා.
රනිල් කවුරු වුණත් , මොන විදිහට රට පාලනය කලත් ව්‍යවස්ථානුකූලවයි එය සිදු වූයේ. N.G.O. නඩ වලට සහ වෙනත් වෙනත් අරමුණු ඇති සැමට කැලෑ නීතිය රජ කරවන්න වුවමනා ඇති තම තමන් ලබාගත් වරදාන අනුව. නමුත් සිදුවුණු අවජාතක කැරැල්ල කොහෙත්ම හොඳ නෑ. එය දිගින් දිගටම සිදු නොවිය යුතුයි.
අනේ සාදු පින් අයිතිවෙයි මහාන කම කරගෙන ඉන්නකෝ.නිකන් අපිට පව් පුරවන්නේ නැතුව
දිනපතා දෙන ඔය පරස්පර ප්‍රකාශ අහල අහලම ජනතාව ගනන් ගන්නෙ නැති මට්ටමටම ඇවිල්ලා හාමුදුරුවනේ
අපේ රටේ හිටපු ජනාධිපතිවරයාව නොමග යැවූ ඔබ වැනි කෙනෙකුට සදාචාරාත්මක අයිතියක් තියෙනවද ඒ විදියට ප්‍රශ්න කරන්න...? ඔබ කියනා විදියට රට කරන්න ජනාධිපති වුනේ පාඨලී චම්පික රණවක නෙමේ...
ජවිපෙ/ පෙරටුගාමී සරණං යන්නේ නැතුව දැන්වත් බුදුන් සරණ යන්න. රට කාලා තියෙන ඒවා ඇති.. ඔබතුමා එය දැනගෙන පන්සලේ කටයුතුත්, සමාජයේ කටයුතුත් වගකීමකින් කළොත් ඔබටත්, අපටත්, රටටත් වගක් වෙයි...
අනේ හාමුදුරුවනේ, කටවහගෙන ඉන්නවාද? කාබනික වගාවක් ගැන කියවලා ගෝටාභයව විනාශ කිරීමේ පව ඵල දෙනකම්.
පාර්ලිමේන්තුවේ වැඩි හරියක් ඉන්නේ දූෂිත දේසපාලුවෝ .රනිල් ගේ පිහිටෙන් ගොඩ යන්ඩ බලන අය. .මහ මැතිවරණයකදී ජනතාව නිවැරැදි තීන්දුවක් දෙයි.
අනේ හාමුදුරුවනේ කරැණාකරල නීතියානුකූලව පත්වූ ජනාධිපතිට ඔහුගේ රාජකාරිය කරන්නට ඉඩදෙන්න.
බලන්න අපේ හාමුදුරුවනේ හීනෙකින්වත් හිතපු දෙයක්ද මේ උනේ. මීය කැඩුවේ කව්රුවත් පැණි කාටවත්. දැන් මොනවා කරන්නද ඔහොම කරගෙන යන්න ඉඩ දෙමු. දැන් ගොඩක් කල් මේ වෙනස ලබාගන්න කට්ටිය මහන්සි උනානේ.......තෙරුවන්සරණයි සරණයි.
දන්න බණ පදයක් අහන්න කැමති එවුන්ට දෙසල යන වලකට පාර හොයාගන්න එක නොදන්න දේශපාලනය ගැන වැදිබණ දෙසනවාට වඩා කාලෝචිතයි. තවත් පව් නොදී පැත්තකට වඩිනවා යහපති....
මහජන ඡන්දයෙන් තමාගෙම ආසනයවත් දිනා ගන්න බැරිවූ, මහජනතාව එකසේ ප්‍ර්‍රතික්ෂේප කලා වු ද කෙනෙකු ජනාදිපති වරයකු ශ්‍රී ලංකාවට සිටීම සුපිරි ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයකි. මොන තරම් ආඩම්බරයක්ඩ?අපූරු ජනතා මතයකි !!
අරගලයෙන් තොර විසඳුමක් නැත හාමුදුරුවනේ.අරගලයට ජයවේවා! අරගලයට ජයවේවා.!!
දැන්වත් පංසලට වෙලා දෙන දානේ කාලා බණක් කියාගෙන භාවනාවක් කරගෙන ඉන්න. රට කරන එක ඒක කරන අය කරයි.
සොබිත හාමුදුරුවනේ තමන් ගෙ අගමික වැඩ කටයුතු කරගෙන සාසනයට පමණක් සෙවය කරන්න හිතට ගන්න , රටෙ දෙසපාලන කටයුතු ගිහියන් විසින් කරගෙන යන්න ඉඩදෙන්නෙ . හැකිනම් ඩොලර් ටිකක් රටට සොයාගන්න උපකාර කරන්න .
තෙල් ,පොහොර ,ගෑස් ටික අඛණ්ඩවම ලැබෙනව නම් ඔය අරගලය කැලේ. මිනිස්සු ඉන්නෙ පාලකයන් තේරිමට නොව එදිනෙදා ජීවිතය පවත්වා ගැනීමේ අරමුණක් ඇතිව . ඔබ වහන්සේ ලා ඒකෙන් අයුතු ප්‍රයෝජන ගැනීම හොඳ නැහැ .
අනෙ නිකන් ඉන්න හාමුදුරුවනෙ... ජනමතය තව අවුරුඩු 2.5 ඉතිරිවෙලා තියෙනව.. ගන්න පුලුවන් උපරිම නීත්‍යානුකූල පියවර අරන් තමයි ජනදිපති පත්වුනේ ව්යවස්තානුකූලව..... එකට ඉඩ තියල... වෙන දෙයක් බලාගෙන ඉන්න පන්සලට වො......
වරක් ඇමෙරිකාවේ ජනාධිපති කෙනෙක් තමන් මානසික රෝගියෙක් නොවන බව වෛද්‍ය පරීක්ෂණයකින් පෙන්නුවා. ඔබතුමාත් එලෙස වෛද්‍ය පරීක්ෂණයකට ඉදිරිපත් වී මානසික රෝගියෙක් නොවන බව පෙන්නුවොත් නරකද?
මේක කහවතට ප්‍රස්නයක් කරගන්න එපා. දෙන දානයක් වලදලා, පිනක් දහමක් කරගෙන පංසලට වෙලා ඉන්න. එසේ ඉන්න බැරිනම් බුද්ධ සාසනය ඇත හැර යන්න. වෙරයෙන් ජිවත් වෙනවට වැඩිව