(යොහාන් භාසුර සහ කටුනායක - ටී. කේ. ජී. කපිල)
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා කටුනායක ගුවන් තොටුපළෙන් විදේශ ගතවීමට පැමිණි අවස්ථාවේදී ආගමන හා විගමන නිලධාරීන් ඔහුට රටින් පිටවීමට අනුමැතිය දීම ප්‍රතික්ෂේප කළ බවට පළවන ප්‍රචාරවල කිසිඳු සත්‍යතාවක් නොමැති බව ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමයේ සභාපති කේ. ඒ. ඒ. එස්. කණුගල මහතා නිවේදනයක් නිකුත් කරමින් අද (12) රාත්‍රී පැවසීය.
නිල වශයෙන් ධූරයේ රැදීසිටින ජනාධිපතිවරයා රටින් බැහැර යාම වැලැක්වීමේ නීත්‍යානුකූල බලයක් ආගමන හා විගමන නිලධාරීන්ට නොමැති බව ද කණුගල මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බේගල් ප්‍රචාරය කරමින් රට වනසන අරගල ප්‍රේමීන්ගේ තවත් කෙප්පයක් හෙළිකිරීම පිළිබඳ ලංකාදීපයට ස්තුතියි...!
ගෝඨාභය ගියොත් අරගලය හොම්බෙන් යනවා. රනිල් ඉබේම ජනාධිපති වෙනවා. කාටවත්ම ඒක නවත්වන්න බෑ. එක්කෝ රනිල්ව ඉවත්කර යායුතුයි. නැතිනම් ගෝඨාභය තනතුරේ තියාගෙන පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකින්, එහෙම පුළුවන් නම්, රනිල් එළෙව්වට පසුව ගෝඨාභයගේ ඉල්ලා අස්වීම භාරගත යුතුයි. මේවා තමයි අපේ ව්‍යවස්ථාවේ වෙනස්විය යුතු තැන්...
උසාවි නියෝගයක් නොමැතිනම් ගමන්බල පත්‍රයේ දෝෂ නැතිනම් කාටද? මොන නියෝගයක් යටතේද මගියෙක් හරවා යවන්නේ? ඒ මගියා මිනීමරුවෙක් වුණත් උසාවි නියෝගයක් නොමැතිනම් නිලධාරීන්ට කොකා පෙන්නලා ටටා බායි කියලා යන්න පුළුවන්....!
අනේ මහත්තයා, ඔය බලය හීනියට රෝල් කර ගන්න. ඊට පස්සේ ටික ඔබතුමා දන්නවනෙ. ඒ වීර මිනිස්සුන්ට උපහාරයක්ම වේවා