IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ජනාධිපති කාර්යාලයේ සැප වාහන වෙන්දේසිය ඇරැඹේ

(අංජුල මහික වීරරත්න) 

ජනාධිපති කාර්යාලය සතු  සුඛෝපභෝගී වාහන 14ක්, භාවිතයෙන් ඉවත් කරන ලද වාහන 6ක්  සහ වාහන අමතර කොටස් අළෙවි කිරීමට අදාළ වෙන්දේසිය අරඹා තිබේ.

රජයේ වියදම් කපා හැරීම සහ මූල්‍ය වගවීම ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් මෙලෙස ජනාධිපති කාර්යාලය සතු වාහන විකිණීමට තීරණය කර තිබිණි. 

ඒ අනුව ඩිෆෙන්ඩර් ජීප් රථ 09ක්, වොල්වෝ ජීප් රථයක්, ක්‍රයිස්ලර් මෝටර් රථයක්, මහේන්ද්‍රා බෝලෙරෝ රථයක්, රෝසා බස් රථයක්, ඩිස්කවරි රථයක් සහ ටොයෝටා මෝටර් රථයක් ඇතුළු වාහන 15ක් ඊයේ දින වෙන්දේසි වී තිබු අතර ඉතිරි වාහනවලට අදාළ වෙන්දේසිය නුදුරේදීම පැවැත්වීමට නියමිත බව ජනාධිපති කාර්යාලය පවසයි.

මෙම වාහන ජනාධිපති ලේකම් කාර්යාලයේ නිත්‍ය කාර්ය මණ්ඩල වෙත ලබා දී තිබූ වාහන නොවන අතර,  හිටපු ජනාධිපතිවරයා විසින් සිය ධූර කාලයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  41 (1) වගන්තිය යටතේ පත් කරන ලද උපදේශකවරුන් සහ කාර්ය මණ්ඩලය විසින් භාවිත කළ වාහන වේ.

මෙම වාහන මිලදී ගැනීම සඳහා විශාල ඉල්ලුමක් පැවති අතර ලංසු භාර ගැනීම ඊයේ දහවල් 12.00 වන තෙක් පැවැත්වුණු අතර ලංසු විවෘත කිරීම රාත්‍රී 8.00 දක්වා සිදු කෙරිණි.  

මෙම අවස්ථාවට ව්‍යාපාරිකයන් 199 දෙනෙක් පමණ එක්ව සිටියහ.



අදහස් (1)

ජනාධිපති කාර්යාලයේ සැප වාහන වෙන්දේසිය ඇරැඹේ

ඇ නිමල් Sunday, 02 March 2025 07:40 AM

පළාත්බබාලා වාහන වෙන්දේසි කරන අවස්තාවල සකසන දැන්වීම් එකක් ලිපිගොනුවේ ගොනුකර අනෙක් ලිපි සියල්ලම අස්ථාන ගත කරනවා ඒවා කරන්නේ වාහන භාරව සිටින නිලධාරි කෙනෙක්. ඉන් පස්සේ හිතවතුන්ට රහසේ කියනවා. ඉන් පස්සේ වෙන්නේ මොනවාද කියන්න අවශ්‍ය නැහැනේ...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 485 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site