
(යොහාන් භාසුර)
ජනාධිපති සහ අග්‍රාමාත්‍ය තනතුරට කළින් ගත් තීරණයට අනුව සමඟි ජන බලවේගය ඉදිරිපත්වීමට තීරණය කළ බවත් නාමයෝජනා ලබන සඳුදා භාරදෙන බවත් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා අද (15) පස්වරුවේ පැවසීය.
නාමයෝජනා භාරදෙන අවස්ථාවේදී ජනාධිපති ධූරයට සහ අග්‍රාමාත්‍ය ධූරයට ඉදිරිපත් වන මන්ත්‍රීවරු හෙළි කරන බව කී කරුණාතිලක මහතා විවිධ පාර්ශව සමඟ සාකච්ඡා කර යම් සම්මුතියකට පැමිණීමට අවශ්‍ය කටයුතු සැකසීමට ද ක්‍රියාත්මක වෙමින් සිටින බව ද වැඩි දුරටත් සඳහන් කළේය.
සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් කොළඹ 7 පිහිටි විපක්‍ෂ නායක කාර්යාලයේදී අද (15) පැවැති සාකච්ඡාවෙන් පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා එසේ පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සජිත් ආවොත් ආරියාව ප්‍රේමදාසගේ කාලේ වගේ වෙයි...! හිරුණිකා ජාතිය අමතයි. සිංහලයාගේ ශබ්ද-කෝෂය අතටම අරගෙන..!
ඉතිහාසයේ අපි දැකපු හොඳම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන. 2015 දී ජාත්‍යන්තර සහයෝගය ලබාගත්තු හැටි පුදුම හිතෙනවා. මොකද මහින්ද ඒක විනාශකරලා තිබුණේ. මෛත්‍රිපාල වගේ පරිණත අත්දැකීම් ඇති පුබුද්ධ අයෙකුට පමණයි රටේ ප්‍රශ්න විසඳන්න පුළුවන්...!
ඔය තනතුරු දෙකට රනිල් සහ රාජපක්ෂ කෙනෙක් නැතුව වෙන ඕන කෙනෙක් පත්වුණාට කමක් නැහැ.
මෙතෙක් පැවති පූර්වාදර්ශයක් අනුව සභානායක අගමැති ලෙසට පත්කිරීම කරන්න වෙනවා නේද? එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ගැලපෙනවා 1993 සිදුවීම මෙතෙක් අභියෝගයට පත්වෙලා නැහැ... ඒ නිසා දිනේෂ් අගමැති වියයුතුයි. රනිල් ජනාධිපති ලෙසට දිගටම සිටිය යුතුයි...
ජයවේවා...! අපේ කැමැත්ත අලුත් බලවේගයකට...