(යොහාන් භාසුර)
රට අනුරට කියා බලය ගෙන අයවැය හරහා රටම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට (අයිඑම්ෆ්) යටපත් කර ඇති බවත් ජනාධිපතිවරයා අයිඑම්එෆ් වහලෙක් බවට පත්ව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (17) පැවසීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය පිළිබඳව අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එසේ සඳහන් කළේය.
ජනාධිපතිවරයාගේ අයවැය කතාව සහ එදා ජනාධිපතිවරණ වේදිකාවේ ඉදිරිපත් කළ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන ප්‍රතිපත්ති මාලාව සංසදනය කළ යුතු බවත් මේ තුළ අඩංගු පොරොන්දු මේ අයවැයේ කොපමණ ක්‍රියාත්මක කර ඇත්ද කියා සොයා බැලිය යුතු බවත් විපක්ෂ නායකවරයා කීය.
රට අනුරට කියන මේ ප්‍රතිපත්ති මාලාව තුළ ලොකු කේක් ගෙඩියක් හදනවා කියා පොරොන්දු වුවත් රට අනුරට නොව රට අයි එම් එෆ් එකට ගිය වගනම් පෙනෙන්න ඇති බව කී විපක්ෂ නායකවරයා අයිඑම්එෆ් එකේ සීමාවන් තුළ අයවැයේදී කටයුතු කර ඇති බව ද සඳහන් කළේය.
අයවැයට අනුව ප්‍රාථමික ශේෂය 2.5ක් නඩත්තු කරමින් ප්‍රාථමික වියදම් දළ දේශීය නිෂ්පාදනයේ වියදමක් ලෙස සියයට 13 ක් කළ යුතු බවත් 2024 රාජ්‍ය මූල්‍ය කළමනාකරන පනතේ සියයට 13ක සීමාව අයිඑම්එෆ් න්‍යාය පත්‍රයක් බවත් සඳහන් කළේය.
ප්‍රාථමික ශේෂය 2.5ක් පවත්වාගෙන යාමම අයි එම් එෆ් එකේ නිර්දේශ බව පැහැදිලිවම ඉතාමත්ම සීමාසහිත සම්පත් ප්‍රමාණයක් ආයෝජනය වෙනුවෙන් වෙන් කර ඇති බවත් මෙම අයවැය රටේ ප්‍රශ්න වලට විසදුම් නැති අයවැයක් බවත් විපක්ෂ නායකවරයා කීය.
මෙම අයවැය තුළ ක්ෂුද්‍ර කුඩා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ ණය උගුලට, දුප්පත්කම තුරන් කරන්න විසදුම් නොමැති ඉහළ ආර්ථික වර්ධනයක් ව්‍යවසායකත්වය හරහා නඩත්තු කිරීමක් මේ තුළින් සිදුනොවන බවත් වැවිලි කර්මාත්නය කෘෂිකර්මාතය හා ධීවර ක්ෂේත්‍රයට අදාළව දුන් පොරොන්දු ඉටු කරන්න නොහැකි වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අලුත් ණය ප්‍රතිව්‍යුහගත කරණ ගිවිසුමකට යනවා යැයි මැතිවරණ වේදිකාවේ කිව්වත් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා කෙළින්ම යන්නේ අයිඑම්එෆ් එක අඩි පාරේ බවත් තමා බලයට පැමිණියත් අයි එම් එෆ් රාමුවට අනුව කටයුතු කළ යුතු වුවත් එහි දී තමා ජනතාවාදී වැඩපිළිවෙළක කටයුතු කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා කීය.
වත්මන් ජනාධිපතිවරයා ජනතාවාදී නොවන බවක් පෙනෙන්නට ඇති බවත් මේ අයවැයට සංශෝධන ඉදිරිපත් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
රාජ්‍ය සේවකයන්ට මාස හයෙන් හයට වැටුප් වැඩිවීම සිහිනයක් කර වත්මන් ජනාධිපතිවරයා ජනවරමට පිටුපා අයිඑම්එෆ් එකේ ප්‍රාණ ඇපකරුවකු වී ඇති බවත් මේ අයවැය කතාව හා ප්‍රතිපත්ති මාලාව සංසන්දය කරන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
මාස 6න් 6ට රාජ්‍ය සේවයේ වැටුප් වැඩිවීමක් ගැන කිව්වත් අවසානයේ වැටුප් වැඩිවන්නේ වසර 3ක් තුළ සොච්චම් මුදලකින් කරන බව කී එය අද පවතින ජීවන වියදමට ප්‍රමාණවත් නොවන අතර පෞද්ගලික අංශයට කුඩම්මාගේ සැලකිල්ල දක්වන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටික දවසකට ඔහේට දෙන්නෙයි මේක කරන්න?
ඉතින් මෝඩයෝ IMF එකටත් ඇහුන්කම් දෙන්න ඕනෑනේ. ඔවුන්ගෙන් ණය අරන් තියෙනවානේ...!
කෝටි 50ට මොකෝ හලෝ වුණේ..
මෙයා වැස්සකටවත් ලංකාවේ බැංකු ශාකාවකට ගොඩවෙලා නැතිව වගෙයි කතාව. සීයා හොඳට හෝ නරකට හෝ ගහලතියෙන ගිවිසුමක් තියෙන විත්තිය මේ පුතාණෝ දන්නෙම නැද්ද? මෙයා වැරදිලාවත් ජනපතිවුණා නම්,
අන්තෝජටා බහි ජටා.කිව්වලු නම සමගි ජන බලවේගය වුණාට නැත්තෙත් ඒකයි..තමුන් ගේ කෙරුව්වාවල් ගැනත් අපිට අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ .
මෙයාගෙන් ඔහොම කතා මිසක් වෙන මොනවා බලාපොරෛාත්තු වෙන්නඩද?
ඔබ නේමේ නේ රට පාලනය කරන්නෙ. ඒනිසා ඔබට බය වෙන්න දෙයක් නැහැ. ඔබ වැඩකරන්නෙ. නමගිය හොරුරෑනක් එක්ක. නමුත් ජනදිපති හොරුන් ස්තුගාලා දාලා අවංක සේවකයින් අර්න් ඉන්නෙ. ගරු මැති ඇමැතිලා නෙමේ. ඉතින් මේරජයට මොලේ තියෙන නිසා ණය අරන්.
රනිල්ගේ වහල්කමට වඩා මේ වහල්කම හොඳයි වගේ
එයා වහලෙක් වුණාට කමක් නෑ ඔයා හිවලෙක් වෙන්නේ නැතුව ඉන්නකෝ
අයිඑම්එෆ් එකට හිරවෙන තත්වයට රට ගෙනාවෙ ඔහෙගෙ පියානෝවයි, ඔහෙලයි, කපුටයි, මයිනයි, ගෝතයයි, මඤ්ඤං සීයයිනෙ..!
එතකොට සජියෝ සෙල්ලම් සේන රට කලේ අයිඑම්එෆ් එකේ කොන්දේසිවලට අනුව නෙමෙයිද?
අපට ණය දෙන ජාතින්ගේ සමුළුවක් අපිට ඒ අය ණය දෙනවා නම් අපේ කොන්දේසි දාන්න හිටියේ අපරාදේ ලංකාවේ මිනිස්සුන්ට වාසනාව නැති වුණා
සජිත් වහලෙක් වෙලා ඉන්න ගත්තු ණය වලට, මෙවරත් යටවෙලා ඉන්නේ කෝටි 50 අරගෙන මේ දවස්වල රනිල්ගේ වහලෙක් වෙන්න සාකච්ඡා වෙනවා...
පක්ෂ වහලෙක් වගේ වෙනවාට වැඩිය එක හොඳයි.... ඇයි මනුස්සයෝ බිලියන ගාණක ණය අරගෙන නේද අයිඑම්එෆ් එකෙන් ඔහෙලා
මේ අවස්ථාවේ රට කල යුත්තේ අයිඑම්එෆ් ක්‍රම උපදෙස් වලට අනුව මිසක් වෙන ක්‍රමයකට නොවේ ,එහෙම නොකලොත් ආර්ථිකේ කඩ වැටිලා අපි හැමෝම අමාරුවේ වැටෙනවා. ඔබ ජනාධිපති වුණත් එක කරන්න වෙනවා , එම නිසා අනුර අයිඑම්එෆ් වහලෙක් ලෙස හැදින්වීම වැරදි. නමුත් අනුර සහ ඔහුගේ කණ්ඩායම කල එකම වැරැද්ද මේවා දැන දැනත් චන්දෙට කලින් ජනතාවට කරන්න බැරි පොරොන්දු දීම