IMG-LOGO

2025 මැයි මස 12 වන සඳුදා


ජනාධිපති IMF වහලෙක් වෙලා

(යොහාන් භාසුර)

රට අනුරට කියා බලය ගෙන අයවැය හරහා රටම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට (අයිඑම්ෆ්) යටපත් කර ඇති බවත් ජනාධිපතිවරයා අයිඑම්එෆ් වහලෙක් බවට පත්ව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (17) පැවසීය. 

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය පිළිබඳව අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එසේ සඳහන් කළේය.

ජනාධිපතිවරයාගේ අයවැය කතාව සහ එදා ජනාධිපතිවරණ වේදිකාවේ ඉදිරිපත් කළ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන ප්‍රතිපත්ති මාලාව සංසදනය කළ යුතු බවත් මේ තුළ අඩංගු පොරොන්දු මේ අයවැයේ කොපමණ ක්‍රියාත්මක කර ඇත්ද කියා සොයා බැලිය යුතු බවත් විපක්ෂ නායකවරයා කීය.

රට අනුරට කියන මේ ප්‍රතිපත්ති මාලාව තුළ ලොකු කේක් ගෙඩියක් හදනවා කියා පොරොන්දු වුවත් රට අනුරට නොව රට අයි එම් එෆ් එකට ගිය වගනම් පෙනෙන්න ඇති බව කී විපක්ෂ නායකවරයා අයිඑම්එෆ් එකේ සීමාවන් තුළ අයවැයේදී කටයුතු කර ඇති බව ද සඳහන් කළේය.

අයවැයට අනුව ප්‍රාථමික ශේෂය 2.5ක් නඩත්තු කරමින් ප්‍රාථමික වියදම් දළ දේශීය නිෂ්පාදනයේ වියදමක් ලෙස සියයට 13 ක් කළ යුතු බවත් 2024 රාජ්‍ය මූල්‍ය කළමනාකරන පනතේ සියයට 13ක සීමාව අයිඑම්එෆ් න්‍යාය පත්‍රයක් බවත් සඳහන් කළේය.

ප්‍රාථමික ශේෂය 2.5ක් පවත්වාගෙන යාමම අයි එම් එෆ් එකේ නිර්දේශ බව පැහැදිලිවම ඉතාමත්ම සීමාසහිත සම්පත් ප්‍රමාණයක් ආයෝජනය වෙනුවෙන් වෙන් කර ඇති බවත් මෙම අයවැය රටේ ප්‍රශ්න වලට විසදුම් නැති අයවැයක් බවත් විපක්ෂ නායකවරයා කීය.

මෙම අයවැය තුළ ක්ෂුද්‍ර කුඩා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ ණය උගුලට, දුප්පත්කම තුරන් කරන්න විසදුම් නොමැති ඉහළ ආර්ථික වර්ධනයක් ව්‍යවසායකත්වය හරහා නඩත්තු කිරීමක් මේ තුළින් සිදුනොවන බවත් වැවිලි කර්මාත්නය කෘෂිකර්මාතය හා ධීවර ක්ෂේත්‍රයට අදාළව දුන් පොරොන්දු ඉටු කරන්න නොහැකි වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අලුත් ණය ප්‍රතිව්‍යුහගත කරණ ගිවිසුමකට යනවා යැයි මැතිවරණ වේදිකාවේ කිව්වත් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා කෙළින්ම යන්නේ අයිඑම්එෆ් එක අඩි පාරේ බවත් තමා බලයට පැමිණියත් අයි එම් එෆ් රාමුවට අනුව කටයුතු කළ යුතු වුවත් එහි දී තමා ජනතාවාදී වැඩපිළිවෙළක කටයුතු කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා කීය.

වත්මන් ජනාධිපතිවරයා ජනතාවාදී නොවන බවක් පෙනෙන්නට ඇති බවත් මේ අයවැයට සංශෝධන ඉදිරිපත් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

රාජ්‍ය සේවකයන්ට මාස හයෙන් හයට වැටුප් වැඩිවීම සිහිනයක් කර වත්මන් ජනාධිපතිවරයා ජනවරමට පිටුපා අයිඑම්එෆ් එකේ ප්‍රාණ ඇපකරුවකු වී ඇති බවත් මේ අයවැය කතාව හා ප්‍රතිපත්ති මාලාව සංසන්දය කරන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

මාස 6න් 6ට රාජ්‍ය සේවයේ වැටුප් වැඩිවීමක් ගැන කිව්වත් අවසානයේ වැටුප් වැඩිවන්නේ වසර 3ක් තුළ සොච්චම් මුදලකින් කරන බව කී එය අද පවතින ජීවන වියදමට ප්‍රමාණවත් නොවන අතර පෞද්ගලික අංශයට කුඩම්මාගේ සැලකිල්ල දක්වන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කීය.



අදහස් (15)

ජනාධිපති IMF වහලෙක් වෙලා

රනේ Monday, 17 February 2025 07:02 PM

ටික දවසකට ඔහේට දෙන්නෙයි මේක කරන්න?

:       7       54

Pankumburage Monday, 17 February 2025 07:17 PM

ඉතින් මෝඩයෝ IMF එකටත් ඇහුන්කම් දෙන්න ඕනෑනේ. ඔවුන්ගෙන් ණය අරන් තියෙනවානේ...!

:       6       58

වික්‍රම විදුර Monday, 17 February 2025 09:07 PM

කෝටි 50ට මොකෝ හලෝ වුණේ..

:       1       11

පිටරටවැසියා Monday, 17 February 2025 09:14 PM

මෙයා වැස්සකටවත් ලංකාවේ බැංකු ශාකාවකට ගොඩවෙලා නැතිව වගෙයි කතාව. සීයා හොඳට හෝ නරකට හෝ ගහලතියෙන ගිවිසුමක් තියෙන විත්තිය මේ පුතාණෝ දන්නෙම නැද්ද? මෙයා වැරදිලාවත් ජනපතිවුණා නම්,

:       1       12

ගමේ එකාලා Monday, 17 February 2025 11:09 PM

අන්තෝජටා බහි ජටා.කිව්වලු නම සමගි ජන බලවේගය වුණාට නැත්තෙත් ඒකයි..තමුන් ගේ කෙරුව්වාවල් ගැනත් අපිට අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ .

:       1       9

Perera Monday, 17 February 2025 11:18 PM

මෙයාගෙන් ඔහොම කතා මිසක් වෙන මොනවා බලාපොරෛාත්තු වෙන්නඩද?

:       1       12

චතුරි Tuesday, 18 February 2025 01:51 AM

ඔබ නේමේ නේ රට පාලනය කරන්නෙ. ඒනිසා ඔබට බය වෙන්න දෙයක් නැහැ. ඔබ වැඩකරන්නෙ. නමගිය හොරුරෑනක් එක්ක. නමුත් ජනදිපති හොරුන් ස්තුගාලා දාලා අවංක සේවකයින් අර්න් ඉන්නෙ. ගරු මැති ඇමැතිලා නෙමේ. ඉතින් මේරජයට මොලේ තියෙන නිසා ණය අරන්.

:       2       9

B Amarasinghe Tuesday, 18 February 2025 05:07 AM

රනිල්ගේ වහල්කමට වඩා මේ වහල්කම හොඳයි වගේ

:       1       10

Shantha Tuesday, 18 February 2025 05:49 AM

එයා වහලෙක් වුණාට කමක් නෑ ඔයා හිවලෙක් වෙන්නේ නැතුව ඉන්නකෝ

:       1       9

ලක්විදු Tuesday, 18 February 2025 09:02 AM

අයිඑම්එෆ් එකට හිරවෙන තත්වයට රට ගෙනාවෙ ඔහෙගෙ පියානෝවයි, ඔහෙලයි, කපුටයි, මයිනයි, ගෝතයයි, මඤ්ඤං සීයයිනෙ..!

:       1       9

m. saman perera Tuesday, 18 February 2025 09:40 AM

එතකොට සජියෝ සෙල්ලම් සේන රට කලේ අයිඑම්එෆ් එකේ කොන්දේසිවලට අනුව නෙමෙයිද?

:       1       7

Manoj Tuesday, 18 February 2025 09:49 AM

අපට ණය දෙන ජාතින්ගේ සමුළුවක් අපිට ඒ අය ණය දෙනවා නම් අපේ කොන්දේසි දාන්න හිටියේ අපරාදේ ලංකාවේ මිනිස්සුන්ට වාසනාව නැති වුණා

:       0       5

kamal Koyrala Tuesday, 18 February 2025 12:13 PM

සජිත් වහලෙක් වෙලා ඉන්න ගත්තු ණය වලට, මෙවරත් යටවෙලා ඉන්නේ කෝටි 50 අරගෙන මේ දවස්වල රනිල්ගේ වහලෙක් වෙන්න සාකච්ඡා වෙනවා...

:       1       4

Rata Perata Tuesday, 18 February 2025 01:01 PM

පක්ෂ වහලෙක් වගේ වෙනවාට වැඩිය එක හොඳයි.... ඇයි මනුස්සයෝ බිලියන ගාණක ණය අරගෙන නේද අයිඑම්එෆ් එකෙන් ඔහෙලා

:       1       4

De silva berlin Tuesday, 18 February 2025 01:05 PM

මේ අවස්ථාවේ රට කල යුත්තේ අයිඑම්එෆ් ක්‍රම උපදෙස් වලට අනුව මිසක් වෙන ක්‍රමයකට නොවේ ,එහෙම නොකලොත් ආර්ථිකේ කඩ වැටිලා අපි හැමෝම අමාරුවේ වැටෙනවා. ඔබ ජනාධිපති වුණත් එක කරන්න වෙනවා , එම නිසා අනුර අයිඑම්එෆ් වහලෙක් ලෙස හැදින්වීම වැරදි. නමුත් අනුර සහ ඔහුගේ කණ්ඩායම කල එකම වැරැද්ද මේවා දැන දැනත් චන්දෙට කලින් ජනතාවට කරන්න බැරි පොරොන්දු දීම

:       3       5

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

අනියම් ඇසුර චූන් පාන් වෙළෙන්දාට මරුවා කැඳවයි
2025 මැයි මස 11 1324 0

බේරුවල ,වලතර, ඩෝසර්වත්ත ප්‍රදේශයේ අනියම් අඹු සැමි යුවළකගේ පවුල් ආරවුලක් දුරදිග ගොස් කාන්තාව අනියම් පුරුෂයාව තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇතැයි


මන්ත්‍රීලා සල්ලිවලට ගන්නේ නෑ
2025 මැයි මස 11 488 0

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට සෙසු පක්ෂවල සභිකයන් මුදල් හෝ වෙනත් වරප්‍රසාද හෝ ලබාදී නොගන්නා බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන්නේ යැයි විදේශ කටයුතු අම


අගමැති සහ ඇමැති බිමල් තුවාල ලැබුවන්ගේ සුවදුක් බලන්න යති
2025 මැයි මස 11 635 0

බස් අනතුරින් තුවාල ලැබූවන්ගේ සුව දුක් බැලීම සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය හා බිමල් රත්නායක මහතා අද 8.00 පමණ ගම්පොළ ශික්ෂණ රෝහලට පැමිණියහ.


‘‘විදුලි පාරිභෝගික අයිතීන් සුරකිනවා‘‘
2025 මැයි මස 11 191 0

විදුලි ගාස්තු වැඩි කිරීමකට එරෙහිව සියල්ලන් පෙළ ගස්වමින් විදුලි පාරිභෝගිකයින්ගේ අයිතිය සුරක්ෂිත කිරීමට කැපවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැ


සේමිණිට ඇප
2025 මැයි මස 11 432 0

පෞද්ගලික ආරක්ෂක සේවයක් පවත්වාගෙන යමින් එහි සේවය කරන ලද සේවකයන්ගේ අර්ථසාධක මුදල් සහ දායක මුදල් නොගෙවීම සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටියදී අත් අඩංගුවටගෙ


ඉන්දු-පකිස්ථාන සටන් විරාමය ගැන ජනපතිගෙන් නිවේදනයක්
2025 මැයි මස 11 379 0

ඉන්දියාව සහ පාකිස්තානය අතර සටන් විරාම එකඟතාව ශ්‍රී ලංකාවේ ජනාධිපති, රජය හා ජනතාව ලෙස සාදරයෙන් පිළිගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිවේදනය


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1068 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1450 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 375 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site