(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අයවැයෙන් ජනතාවට සහන නැති හෙයින් අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමේදී තමා ඡන්දය දීමෙන් වැළකී සිටිය බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
තමා ජනතාවට සහන දීම වෙනුවෙන් පෙනී සිටින බවද ඔහු සඳහන් කළේය.
මෙවර අයවැය යෝජනාවල හොද නරක දෙකම ඇති බවත් සමහරක් යෝජනා ප්‍රායෝගිකව ඉටුකළ නොහැකි ඒවා බවත් මන්ත්‍රීවරයා කීවේය.
ගියවර එනම් 2023 වර්ෂය වෙනුවෙන් ඉදිරිපත් කළ අයවැය යෝජනාම මෙවර අයවැයටද ඇතුළත් කර ඇති බව නාමල් රාජපක්ෂ පැවසීය.
විශේෂයෙන්ම ආණ්ඩුවේ මන්ත්‍රීවරයකු ලෙස අයවැයේ වැරදි හා දුර්වලතා පෙන්වා ජනතාව වෙනුවෙන් පෙනී සිටීම සහ ඔවුන්ට ප්‍රතිලාභ ලබාදීමට කටයුතුකිරීම තමන්ගේ යුතුකමක් බවද ඔහු පැවසීය.
ග්‍රාමීය ආර්ථිකය දියුණු කිරීමට ප්‍රායෝගික වැඩපිලිවෙලක්ද අයවැයේ නොමැති බවත් එසේම අයවැය යෝජනා බිම්මට්ටමේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ ගැටළු ඇතිබව පෙනී යන බවත් මන්ත්‍රීවරයා කීය
රාජපක්ෂ මහතා මෙසේ පැවසුවේ
අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසුමකදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයි එකට විරුද්දව චන්දෙ නොදුන්නේ? තොපි රට කැවා...
අපෝ උම්බ නන් චන්දෙ දීපන්.රට කාල දෑන් තමය් මිනිස්සු ගෑන හිතන්න පටන් අරන් තියෙන්නෙ.උම්බ හිතුවද හෑමදාමත් මිනිස්සු අන්දන්න පුලුවන් කියල.කාලකන්නි රාජපක්ස හෑත්ත.
ඇයි කිරි පුතේ තාත්තල බාප්පලත් එක්ක ආන්ඩු කරපු කාලෙ ග්‍රාමීය සංවර්ධනය කොරන්න වෙලාවක් තිබුනෙම නැතිද?
ජනතාව දැන් තණකොල කන එක නවත්තල තියෙන්නෙ. ඒ්ක නිසා ඔය බොරු බයිල ගහල ජනතාව ගොනාට අන්දන්න බැහැ චන්දයක් ලගම අැති ඒකයි ඔය තප්පුලන්නෙ. කොහොමත් මෙදා පාරනම් ඔය ඔක්කොම ගෙදර නවතින්න වෙයි.
ඔයා රග පෑවට චන්ද නෑ
ගොන් පාට් දාන්න එපා මිනිහො, ඔවට රැවටුනු කාලය ඉවරයි.
උබලාගේ අප්ප බාප්ප ගෙනාපු අය වැයවල් තමයි අපිට හොදටම කරේ.
අනේ පල යන්න .අපිව ගොනාට අඬන්නේ නැතුව .ඉන්නකල් රට කාලා දැන් මිනිස්සු ගැන හිතනවා ලු .තොපිට හෙන ගහනවා
මෙයා පොඩි රඟපෑමක් කරන්නේ .තාත්තට විරුද්ධව යන පුතෙක් .අපි රැවටුනා හොඳේ
රටම හොරාකාලා විනාශ කරපු දූෂිත පවුල් පාලනේ උන් කරපු හරිය හොන්දටම ඇති හොර පෙරකදෝරුවා සුද්දවන්තයා වෙන්ඩ හදනවා .
අනික මේ අය වැයේ නැහැනේ නීති විභාගේ හොරට ලියන විදිහ . එකත් හේතු වෙන්න ඇති චන්දෙ නොදෙන්න ? කාවද උන්නැහේ මේ රවට්ටන්න හදනේ ? හැබැයි ලබන චන්දෙදි නම් ඔහෙලට රැවටෙන අය නැහැ
ජනතාවට සහන දෙන්න ගිහින් තමයි රටට කෙලඋනේ. තවත් කෙලවන්නද කල්පනාව. හැබැයි ඔහේ දේශපාලනයෙන් තොලොංචි වෙනවා නම් ජනතාවට සහනයක් තියේවි.
පල යන්න .ඕවට රැවටෙන්න කොල්ලෝ කෙල්ලෝ මෝඩ තකතීරුවො නෙමෙයි බන් .ඕවා ගිහින් කියපන් මයින් කපුටු පරපුරට .
ඇත්තටම උවමනාවක් තිබුනානම් චන්දය දීමෙන් වැළකී සිටිනවා වෙනුවට විපක්ෂව චන්දය දෙන්න තිබුනානේ. තවමට් හදන්නේ ජනතාවව අන්දවන්නයි.
ආසියාවේ ආශ්චර්යය පෙන්වන්ඩ බැරි වෙච්ච් නිසා එහෙම නෙවෙයි නේ ද.
ජනතාවට සහන කියන්නෙ සමුර්ධි හා අස්වැසුමට අමතරව තවත් මොනවාද. රටේ ආදායම හැමදාම සහන සදහා දීමේ විපාක තමයි දැන් රටේ ජනතාව භුක්ති විදින්නෙ. කොහොම වුනත් තමුන් රටේ පාලනය සදහා සුදුසුකම් ලබන්නේ නැහැ .මෙතෙක් කල වැරදි අතර දළදා මාළිගය අසල වාහන රේස් පැදීම තමුන්ට පුද්ගලික වනසේ විභාගයට ඉදිරිපත් වෙන්න පහසුකම් ලබාගැනීම පිය රජු ලවා චන්ද්‍රිකාවක් යැවීමට කියලා සහෝදරයා වෙනුවෙන් ජනතා මුදල් නාස්තියක් වීමට ඉඩහැරීම ,නෑදෑ බාප්ප කෙනෙක් සිදුකලා කියන ගුවන් යානා ගණුදෙනු හා ඒවාට තමුන් කිසිම ප්‍රතිචාරයක් නොදීම , මෑතකදී අධිකරණය ලබාදුන් තීන්දුව ගැන නුඹ දැක්වූ ප්‍රතිචාරය පෙන්නන්න පුළුවන් .ඉතින් නුඹ රටේ රජා වුනත් කරන කටයුතු කොටියා කැලේ මාරුවුනාට කොටියගෙ පුල්ලි මැකෙන්නෙ නැහැ වගේ වෙනසක් වෙන්නෙ නැහැ
හැත්ත බුරුත්තම දේශපාලනයෙන් අයින්වෙන්න… ඒ ඇති.
අනේ තමුසෙගෙ චන්දෙ රෝල් කරලා ගහගන්නව.
Ohhhh කාලය නාස්ති කිරීමක් NR. උඹ හිතන්නේ මිනිස්සු 1990 ගණන් වල වගේ කියලද???
වෙලාවකට ශ්‍රිලංකාවේ පාර්ලිමේතුව ඇමරිකාවේ එහෙම පෙන්නන්නේ නැත්තේ ,පෙන්නුවානම් එහෙම ඔස්කාර් සිනමා උළලේ ඔක්කොම සම්මාන ටික මේ ගව මඩුවේ ඉන්න ආටක නාටක සෙට් එකට තමා දෙන්න වෙන්නේ
රමණීයයි ඒ මධුර ජවනිකා..... අනේ ඔය ගොන් පාට් වලට රැවටෙන්නේ නැහැ දැන්නම්. මේවා ඔක්කොම බොරු රගපෑම්.
හොරා කන තරමක් හොරා කාල අයවැයේදි චන්දය ප්‍රකාශ කිරෙමෙන් වෙලකි සිටීමෙන් පමනක් තොපේ පව් හේදෙනවද? රට කාල දැම්ම කලකන්නි.
හෙල ගැඹුරුයි දරුවා පරිස්සමෙන්
වත්මන් ආර්ථික අර්බුදය නිර්මාණය කළේ රාජපක්ෂ පවුල විසින් බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර ඇත. ඉතින් කට වහගෙන ඉන්න.
විශේෂයෙන්ම ආණ්ඩුවේ මන්ත්‍රීවරයකු ලෙස අයවැයේ වැරැදි හා දුර්වලතා පෙන්වා ජනතාව වෙනුවෙන් පෙනී සිටීම සහ ඔවුන්ට ප්‍රතිලාභ ලබාදීමට කටයුතුකිරීම තමන්ගේ යුතුකමක් බවද ඔහු පැවසීය. හූ හූ...