IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


ජනතාවට බෙදන්න ගෙනා සහල්වලටත් බදු ඉල්ලයි

(යොහාන් භාසුර)

ශ්‍රී ලාංකීය ආර්ථික දුෂ්කරතා ඇති ජනතාවට බෙදාදීමට ඉන්දීය ව්‍යාපාරිකයෙක් නොමිලයේ යොමුකළ සහල් මෙටි්‍රක්ටොන් 130 ක් හෙවත් කිලෝග්‍රෑම් 130,000 ක කන්ටේනර් 5 ක් මාස තුනකට අධික කාලයක් කොළඹ වරායේ රඳවා ගෙන සිටින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයේ සභාපති රුවන් අසුරමුණි මහතා පැවසීය.

කීරි පොන්නි සම්බා මෙම සහල් තොගය අදාල ව්‍යාපාරිකයා නැව් ගාස්තු ද දරා මෙරටට යොමු කළ බවත් එම සහල් කිලෝවකට රුපියල් 65 බැගින් තීරු බදු ගෙවිය යුතු යැයි වෙළෙඳ අමාත්‍යංශය දැනුම්දී ඇති බවත් ඒ මහතා කීය.

කොළඹ වරායේ රදවාගෙන තිබෙන නොමිලයේ ලැබුණු මෙම සහල් කිලෝග්‍රෑම් 130,000 ක ප්‍රමාණය විනාශවීමේ අවදානමකට ලක්ව තිබියදී ආණ්ඩුව ජනතාවට සහන දෙන්නේ යැයි අයවැය හරහා ප්‍රකාශ කරන බව කී ඒ මහතා නොමිලයේ ලැබෙන්නේ නම් සහල් කන්ටේනර් 200 කට හෝ අනුමැතිය ලබාදිය හැකි යැයි පවසා වර්තමාන ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරයෙක් තමන් නොමඟ යැවූ බව ද ඒ මහතා සඳහන් කළේය

මෙම සහල් තොගයෙක් කොටසක් මෙරට ප්‍රධානම ආගමික නායකයෙක් ද ජනතාවට පරිත්‍යාග කිරීමට ඉල්ලීමක් ද කර තිබූ බවත් ජනතාවට සහන දීමට අවශ්‍ය නම් ආණ්ඩුව කළ යුත්තේ මෙවැනි පරිත්‍යාගවලින් තීරු බදු නිදහස් කිරීම බවත් ඒ මහතා පැවසීය.

මෙම සහල් තොගය පිළිබඳව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්‍ෂ චන්දන පුංචිහේවා මහතාගෙන් කළ විමසුමකදී පැවසුවේ එම සහල් තොගය පිළිබඳව දැනුවත්ව නොමැති බවත් ඒ පිළිබඳව සොයාබලා ප්‍රකාශයක් නිකුත් කරන බවත්ය.

 



අදහස් (13)

ජනතාවට බෙදන්න ගෙනා සහල්වලටත් බදු ඉල්ලයි

Nishan Monday, 10 November 2025 03:12 AM

අනුරාධපුර ඇමති කොමිස් එක දෙනකන් බලන් ඉන්නවා ඇති. ඒක නොලැබුනොත් ඕවා නරක් වෙන්න ඇරලා පිටරටින් ගෙනෙයි.

:       8       14

ranjith Monday, 10 November 2025 07:09 AM

ජනතාවට ලෙන්ගතුද බලමු

:       4       10

වින්සන්ට් කජ්ජා Monday, 10 November 2025 08:14 AM

මේකට යටින් යන ගේම මොකක්ද කියල බලල, අවුලක් නැත්නම් වහාම නිදහස් කරන්න කියල පුරවැසියෙක් මේ ඉල්ලන්නේ.

:       3       10

ukranga Monday, 10 November 2025 08:24 AM

කප්පන් වසන්ත කියන්නේ නිකන් නෙමෙයි නේ , ඇමතිට. මුන්ට බලේ දීපු ගොන් රැලට හොඳ පාඩම් ඕවා

:       8       13

Lal Monday, 10 November 2025 08:49 AM

මේකත් හොඳ බදු හොරකමක් .... පොඩි ගානක් දාල Invoice හදනවා ..තෑගි වගේ පෙන්නනවා .... බදු ගෙවන් නැතිව clear කර ගන්නව ..පස්සේ විකුනනවා

:       14       15

Lalla Monday, 10 November 2025 11:04 AM

තේ කෝප්පයේ කිඹුල්ලු හොයල වැඩක් නෑ නේද

:       2       4

Bunny Preena Monday, 10 November 2025 09:08 AM

ජනාධිපතිතුමා සහකම්පනයක් ගැන කතා කරනවා. නමුත් බිම් මට්ටමෙන් මේවා හරි හැටි සිදුවෙනවද කියලා හිතෙන්නේ මෙවැනි දේවල් ආරංචි වෙනකොට .දුප්පතුන්ට බෙදන්න ගේන සහල් වලටත් මෙවැනි දේවල් සිදුවීම ගැන අපට තියෙන්නේ දැඩි කම්පනයක්

:       6       11

සෙනෙවිරත්න Monday, 10 November 2025 10:47 AM

මේ ප්‍රකාශ කරන ඒව එහෙමම පිළිගන්න එපා, මේ වගේ අයියල කරන්නෙ එකක් කියන්නෙ වෙන දෙයක්, ඔය පිං හාල් ලැබුණ බවක් මෙතෙක් කිසිම මාධ්‍යක දුටුවෙ නැහැ, මීට වසර දෙකකට පෙර තමිල්නාඩුවේ අය පිනට දුන්නට පස්සෙ, මේ බදු හොරකම්, ඔව රජය හරහා බෙදනවනම් සාධාරයක් වෙයි, නැත්නම් බදු නැතිව එළියට අරගෙන විකුනාවි.

:       7       14

de silva Monday, 10 November 2025 01:35 PM

සතොසේට , ෆුඩ් සිටි හෝ කීල්ස් එකට පුළුවන් නේද ඔය සහල් වලට ගහන රුපියල් 65 බද්ද ගෙවල සහල් ටික නිදහස් කරගෙන තමන්ටත් රුපියල් 5 පමණ ලාභයක් තබාගෙන රුපියල් 75-80 අතර මිලකට පාරිභෝගිකයෙකුට කිලෝ 5 බැගින් බෙදා හරින්න ,

:       4       4

R.T.sarath Monday, 10 November 2025 01:38 PM

ලංකාවේ සහල් මිල සහ තොග පාලනය කරන්නේ ඩඩ්ලි , ඩඩ්ලි කැමතිනම් ඔය සහල් වෙළඳපලට ඒවි අකමැතිනම් කුණු කුඩේට යාවි , බිග් කුච්චන්ලා හිටියට කරන්න පුළුවන් මගුලක් නැහැ

:       3       9

ගුණරත්න Monday, 10 November 2025 01:39 PM

ඉල්ලපු කප්පන් ලැබිල නැතිව වගේ. දැන් ඕක එක්ස්පයර් වෙලා වලදාන්න නියෝග කරාවි

:       8       9

කෞෂිMonday, 10 November 2025 03:23 PM

ගෙවන ගාණ මදි හින්ද හෑලි නොලියා වාක්‍යයෙන් දෙකෙන් දැන් ෂේප් වෙන ගුණරත්න කිව්වොත් ඉතිං ඇත්තම තමයි.

:       0       1

අරවින්ද මොණරවිල Monday, 10 November 2025 07:23 PM

බදු ගෙව්වේ නැත්නම් සහල් නොවෙයි රත්තරන් කන්ටේනර් පිරෙන්න ගෙනාවත් වැඩක් නැහැ, පැලවත්ත එකවුන්ට් එක පුරවා ගන්න ඕනෑ මේ අවුරුදු පහ ඇතුළත...

:       3       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 297 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 415 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 393 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site