(යොහාන් භාසුර)

දූෂණ චෝදනා ලබා සිටින්නේ යැයි කියන නිලධාරියෙක් දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) තනතුරට පත්කිරීමට විරෝධය දක්වමින් දුම්රිය ස්ථානාධිපතිවරු ඊයේ (9) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක කර තිබෙන සංකේත වැඩවර්ජනය හේතුවෙන් බොහෝ දුම්රිය ස්ථානවලින් අද (10) ප්‍රවේශපත් නිකුත් නොකළේය.

එසේ වුවද ඇතැම් දුම්රිය ස්ථානවලින් ප්‍රවේශපත් නිකුත් කළ ආකාරය දැකගත හැකි විය. හැටන්, පානදුර සහ අම්බලන්ගොඩ ආදි දුම්රිය ස්ථාන කීපයක ප්‍රවේශපත් නිකුත් කර තිබේ.

දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පැවසුවේ අද රාත්‍රී 12.00 යෙන් වර්ජනය අවසන් කරන බවත් බලධාරීන් මේ මොහොත දක්වා කිසිඳු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවත්ය.  

(ඡායාරූප: ළහිරු හර්ෂණ)