(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ජනතාවට නොමිලේ එල්.ඊ.ඩී (LED) විදුලි බල්බ ලබාදීමට කරුණු සලකා බලන ලෙස බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව නිලධාරීන්ට උපදෙස් දී ඇත.
එසේ ලබා දුනහොත් මාස දෙකකදී ඒ සඳහා වැය වූ මුදල රජයට උපයාගත හැකි බව බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාව පවසයි.
බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස්විය. මෙම තොරතුරු අනාවරණය කෙරුණේ එම රැස්වීමේදීය.
නව නිවෙසක් සෑදීමේදී මරු සිටින දිශාව පමණක් නොව හිරු සිටින දිශාව පිළිබඳවත් සැලකිලිමත් විය යුතු බව බලශක්ති ක්ෂේත්‍රයට සම්බන්ධ නිලධාරීහු කමිටුව හමුවේ පෙන්වා දුන්හ.
මෙම කාරක සභාවට ශ්‍රී ලංකා ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නිලධාරීහු පිරිසක්ද සහභාගිවූහ. එම අධිකාරියේ ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ඔවුහු කමිටුව හමුවේ කරුණු ඉදිරිපත් කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය තව ගසා කෑමට මග පාදාගන්න ක්‍රමයක් හදාගන්න හදන්නේ..., රුපියල් සීයට විතර ගන්න පුළුවන් එල්.ඊ.ඩී. බල්බ් එකක් රුපියල් පන්සීයට විතර ගනියි. ඒ වෙනුවට කරන්න ඕනෑ එල්.ඊ.ඩී. බල්බ් පාවිච්චි කරන නිවෙස්වල විදුලි බිලට වට්ටමක් දීමයි...
කාරක සභාව එහෙම කිව්වද ?නැතිනම් කාරක සභාවට එහෙම කියන්න කිව්වද ?ආණ්ඩුවේ කෙහෙළියලා තවත් ඉන්නවා වගේ ?