(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ජනතාවට නොමිලේ එල්.ඊ.ඩී (LED) විදුලි බල්බ ලබාදීමට කරුණු සලකා බලන ලෙස බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව නිලධාරීන්ට උපදෙස් දී ඇත.
එසේ ලබා දුනහොත් මාස දෙකකදී ඒ සඳහා වැය වූ මුදල රජයට උපයාගත හැකි බව බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාව පවසයි.
බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස්විය. මෙම තොරතුරු අනාවරණය කෙරුණේ එම රැස්වීමේදීය.
නව නිවෙසක් සෑදීමේදී මරු සිටින දිශාව පමණක් නොව හිරු සිටින දිශාව පිළිබඳවත් සැලකිලිමත් විය යුතු බව බලශක්ති ක්ෂේත්‍රයට සම්බන්ධ නිලධාරීහු කමිටුව හමුවේ පෙන්වා දුන්හ.
මෙම කාරක සභාවට ශ්‍රී ලංකා ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නිලධාරීහු පිරිසක්ද සහභාගිවූහ. එම අධිකාරියේ ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ඔවුහු කමිටුව හමුවේ කරුණු ඉදිරිපත් කළහ.
2025 දෙසැම්බර් මස 18
227
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
173
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනතාවට නොමිලේ LED බල්බ?
අරවින්ද මොණරවිල Thursday, 15 February 2024 06:16 PM
ඔය තව ගසා කෑමට මග පාදාගන්න ක්‍රමයක් හදාගන්න හදන්නේ..., රුපියල් සීයට විතර ගන්න පුළුවන් එල්.ඊ.ඩී. බල්බ් එකක් රුපියල් පන්සීයට විතර ගනියි. ඒ වෙනුවට කරන්න ඕනෑ එල්.ඊ.ඩී. බල්බ් පාවිච්චි කරන නිවෙස්වල විදුලි බිලට වට්ටමක් දීමයි...
chandima Friday, 16 February 2024 04:29 AM
කාරක සභාව එහෙම කිව්වද ?නැතිනම් කාරක සභාවට එහෙම කියන්න කිව්වද ?ආණ්ඩුවේ කෙහෙළියලා තවත් ඉන්නවා වගේ ?