IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ජනතාවට තව බර පටවන බදු පනතක් ගේන්න යනවා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ආර්ථිකය කඩාවැටීමට හවුල් වූ අයට කිසිම ආර්ථික බලපෑමක් ඇතිවී නැතැයි ද  නමුත් සාමාන්‍ය ජනතාවට විශාල බලපෑමක් ඇති වී තිබෙන බවද ජාතික  ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

අර්බුදයේ ප්‍රතිවිපාක ජනතාව මත පටවමින් තිබෙන බවද සමාජ ආරක්ෂණ බද්ධ  යනුවෙන් අලුත් පනතක් හඳුන්වා දී තිබෙන අතර මුලු ආර්ථික ක්ෂෙත්‍රයටම මේ බද්ද අදාළ වෙන බවද අනුර දිසානායක මහතා කීය.

දැනට ඇති බර දැනටමත් ජනතාවට දරාගන්නට නොහැකි යැයිද මේ අලුත් බද්ද නිසා ජනතාව මත නැවත නැවතත් බර පැටවෙන බවද දිසානායක මහතා සඳහන් කළේය.

අර්බුදය නිර්මාණය කළ අය ගැන කිසිම තීන්දුවක් ගන්නේ නැතැයි ද  සාමාන්‍ය ජනතාව මත බදු බර පටවමින් ආතතියක් ඇති කරමින් සිටින බවත් අානයන, සේවා ,නිෂ්පාදන හා මිලට ගෙන විකිණීම යන ක්ෂෙත්‍ර සියල්ලටම මේ අලුත් බද්ද බලපාන හෙයින් මේ බදු පනත ට විරෝධතාවය ඉදිරිපත් කරන බවද අනුර දිසානායක මහතා සඳහන් කළේය.



අදහස් (9)

ජනතාවට තව බර පටවන බදු පනතක් ගේන්න යනවා

Bamunuarachchi Tuesday, 06 September 2022 12:16 PM

හලෝ ඔහෙම නේද කිව්වේ මේ කඩාවැටීම පටන් ගත්තේ 1977 කියලා. අපි දැක්ක විදිහට පටන් ගත්තේ 1971 ඉඳලා. රටේ කර්මානත් නැතිකලේ කවුද? ජෙප්පෝ. 1977 සිට වැටුන රටේ පාලකයෝ මොකද කලේ ණයට ගත්තා, කලින් ණයට ගත් නයවාරිකය ගෙව්වා ඉතිරිය ජනතාවට සහනාදාර දුන්න. ඔහෙලා රටට කල නස්පැත්තිය සමග එකතුවෙච්ච නය උගුලේ අපි හිර උනා. යහපාලකයෝ ණය අරගෙන මොකද කලේ කලින් ගත ණය වාරිකය ගෙවා කොන්දේ අමාරුකාරයින්ට සුඛෝඵභෝගී වාහන ගෙන්නුවා. තමුසෙලා අරගල කරලා ගෙවල් ගිනිතිබ්බ දැන් ඒවා හදන්න තුන්ගුණයක් ව්යදම යනවා. ඒවා ගෙවන්න බදු ගහන්න ඕනේ තමා . ඔහෙලා 1971-1989-2022 රට ගිනිතියලා කාබාසිනියා කලා දැන් ගෙවපල්ලා හොම්බෙන් ගිහිල්ල. දැන් අරගලය සැපද?

:       168       8

Hafeel Tuesday, 06 September 2022 02:04 PM

බිම නිදාගන්න එපා. වේයන් මොලයට හානි කරාවි...!

:       2       5

BamunuarachchiThursday, 08 September 2022 05:29 PM

එහෙනම් මම ඔහේගේ ඇඳට එන්නම්. කමක් නැහැනේ? දෙන්න දෙපැත්තෙන් සාංචි මැද්දෙන් කියලා කතාවක් තිබෙනවානේ?

:       0       0

පිටරැටියා Tuesday, 06 September 2022 05:24 PM

ජෙප්පන් ඒ කාලේ කරපුවා හරි කියූ කාලවල ජනතාව පෝලිම් වල දුක් වින්දේ නැහැ. දූෂිත පවුල් පාලනේ පට්ට හොරු සෙට් එකම කරපු මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ නිසා රට වලපල්ලටම වැටුණා. රටේ තිබුණු ඩොලර් වලටත් කරපු හරිය ලෝකෙම දන්නවා...

:       0       4

BamunuarachchiThursday, 08 September 2022 05:46 PM

කවදාද ඉපැදුණේ? සීයාගෙන් අහන්න මැතිණියගේ ආණ්ඩුව කාලේ අපි පාන්ගන්න පෝලිම්වල හිටියේ නැද්ද? කන්තෝරුවල වැඩ කරන්න කඩදාසි හිඟයක් තිබුණේ නැද්ද? සීනි හිඟයක් තිබුනේ නැද්ද? දමිල කඩකාරයා පුතාට කිරිදෙන්න සීනි අවශ්‍ය නිසා සීනි අවුන්ස 4 දවසකට දුන්නා. පිටරැටියෙක් ලංකාවේ අපිට ඉතිහාසය කියාදෙන්න එනවා... මහා ජෙප්පෙක් උඩ බිරුවත් ඇති පොඩි ජෙප්පන් ඔහේ බුරනවා. මහා ජෙප්පන් පළාත් සභා අපිට එපා කිව්වාම පොඩි ජෙප්පන් පලාබබා අපිට එපා කිව්වා. රටේ තිබුණු ඩොලර්වලට මොකද වුණේ? ඩොලර් තිබුණේ මහා භාණ්ඩාගාරයේද? කාගේවත් ගෙදරද? කාගේවත් ගෙදර තිබුණානම් ඒක එයාගේ පුද්ගලික දෙයක්. එයාට ඕනේ දෙයක් කරන්න පුළුවන්... නොදන්නා දේවල් කතා නොකර ඉන්න හලෝ. කාගේවත් කියමනක්, මගේම කියමනක් හැටියි කියන්න ගිහිල්ලා නාගන්න එපා...

:       0       1

Rasika Tuesday, 06 September 2022 12:49 PM

කලින් උඩ පැන්නා බදු අඩුකරපු නිසා ආර්තිකය වැටුනා කියලා. දැන් මොකද කියන්නෙ? තානාපති කාර්යාලයෙන් ලැබුන පිටපත හරියට කියෙව්වද?

:       3       6

DANUSHKA Tuesday, 06 September 2022 05:56 PM

මිත්‍රයා බදු වර්ග ගොඩක් තියනවා. ඒ බදු වෙනයි, මේ බදු වෙනයි. අනික බදු ගැන විතරක් නෙමේ කියලා තියෙන්නේ... ආර්ථිකය වැටුණාම ජනතාවට විතරක් බදු ගහලා හරියන්නේ නෑ. ඒ තැනට වට්ටන්න ආර්ථිකය කළමනාකරණය කරපු අයට පියවරක් නැද්ද කියන ප්‍රශ්නේ අහන්නේ?

:       1       1

ravin Tuesday, 06 September 2022 03:19 PM

මෙරට බඩු ක්‍රමවෙදයෙ වෙනසක් වියයුතුමයි. ලොකයෙ බොහො දියුනුවු හා දියුනුවන රටවල ක්‍රමවෙදයනම් රටෙ වසන සියලුදෙනා බදු ගෙවිය යුතුවෙ. එම බඩු මුඩල්වලින් තමා සියලු පොදු කටයුතු කෙරෙන්නෙ. උදාහරන ලෙස පාරවල් නිසිලෙස ප්‍රමිතියට අනුව නඩත්තු කිරිම, පොදඅ ප්‍රවාහන කලටවෙලාවට පවත්වාගෙන යාම, පාසල් නඩත්තුව හා පවත්වාගෙන යාම, සෞක්‍යය සේවය පවත්වා ගෙන යාම වගේ පොදු දේවල්. මෙරට කෙරෙන්නෙ වක්‍ර බඩු හා නයටගෙන ඉහත සෙවාවන් පවත්වාගෙන යෑමක්.

:       2       1

fairoos Tuesday, 06 September 2022 04:56 PM

එක කොටසකට රට ගැන දුක දැනෙනකොට තව කොටසක් අපේ රටේ නෙවෙයි වගේ ජීවත් වෙනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 384 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site