
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ආර්ථිකය කඩාවැටීමට හවුල් වූ අයට කිසිම ආර්ථික බලපෑමක් ඇතිවී නැතැයි ද නමුත් සාමාන්‍ය ජනතාවට විශාල බලපෑමක් ඇති වී තිබෙන බවද ජාතික ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
අර්බුදයේ ප්‍රතිවිපාක ජනතාව මත පටවමින් තිබෙන බවද සමාජ ආරක්ෂණ බද්ධ යනුවෙන් අලුත් පනතක් හඳුන්වා දී තිබෙන අතර මුලු ආර්ථික ක්ෂෙත්‍රයටම මේ බද්ද අදාළ වෙන බවද අනුර දිසානායක මහතා කීය.
දැනට ඇති බර දැනටමත් ජනතාවට දරාගන්නට නොහැකි යැයිද මේ අලුත් බද්ද නිසා ජනතාව මත නැවත නැවතත් බර පැටවෙන බවද දිසානායක මහතා සඳහන් කළේය.
අර්බුදය නිර්මාණය කළ අය ගැන කිසිම තීන්දුවක් ගන්නේ නැතැයි ද සාමාන්‍ය ජනතාව මත බදු බර පටවමින් ආතතියක් ඇති කරමින් සිටින බවත් අානයන, සේවා ,නිෂ්පාදන හා මිලට ගෙන විකිණීම යන ක්ෂෙත්‍ර සියල්ලටම මේ අලුත් බද්ද බලපාන හෙයින් මේ බදු පනත ට විරෝධතාවය ඉදිරිපත් කරන බවද අනුර දිසානායක මහතා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හලෝ ඔහෙම නේද කිව්වේ මේ කඩාවැටීම පටන් ගත්තේ 1977 කියලා. අපි දැක්ක විදිහට පටන් ගත්තේ 1971 ඉඳලා. රටේ කර්මානත් නැතිකලේ කවුද? ජෙප්පෝ. 1977 සිට වැටුන රටේ පාලකයෝ මොකද කලේ ණයට ගත්තා, කලින් ණයට ගත් නයවාරිකය ගෙව්වා ඉතිරිය ජනතාවට සහනාදාර දුන්න. ඔහෙලා රටට කල නස්පැත්තිය සමග එකතුවෙච්ච නය උගුලේ අපි හිර උනා. යහපාලකයෝ ණය අරගෙන මොකද කලේ කලින් ගත ණය වාරිකය ගෙවා කොන්දේ අමාරුකාරයින්ට සුඛෝඵභෝගී වාහන ගෙන්නුවා. තමුසෙලා අරගල කරලා ගෙවල් ගිනිතිබ්බ දැන් ඒවා හදන්න තුන්ගුණයක් ව්යදම යනවා. ඒවා ගෙවන්න බදු ගහන්න ඕනේ තමා . ඔහෙලා 1971-1989-2022 රට ගිනිතියලා කාබාසිනියා කලා දැන් ගෙවපල්ලා හොම්බෙන් ගිහිල්ල. දැන් අරගලය සැපද?
කලින් උඩ පැන්නා බදු අඩුකරපු නිසා ආර්තිකය වැටුනා කියලා. දැන් මොකද කියන්නෙ? තානාපති කාර්යාලයෙන් ලැබුන පිටපත හරියට කියෙව්වද?
මෙරට බඩු ක්‍රමවෙදයෙ වෙනසක් වියයුතුමයි. ලොකයෙ බොහො දියුනුවු හා දියුනුවන රටවල ක්‍රමවෙදයනම් රටෙ වසන සියලුදෙනා බදු ගෙවිය යුතුවෙ. එම බඩු මුඩල්වලින් තමා සියලු පොදු කටයුතු කෙරෙන්නෙ. උදාහරන ලෙස පාරවල් නිසිලෙස ප්‍රමිතියට අනුව නඩත්තු කිරිම, පොදඅ ප්‍රවාහන කලටවෙලාවට පවත්වාගෙන යාම, පාසල් නඩත්තුව හා පවත්වාගෙන යාම, සෞක්‍යය සේවය පවත්වා ගෙන යාම වගේ පොදු දේවල්. මෙරට කෙරෙන්නෙ වක්‍ර බඩු හා නයටගෙන ඉහත සෙවාවන් පවත්වාගෙන යෑමක්.
එක කොටසකට රට ගැන දුක දැනෙනකොට තව කොටසක් අපේ රටේ නෙවෙයි වගේ ජීවත් වෙනවා.