(සුජිත් හේවාජුලිගේ )
සංචරණ සීමා ලිහිල් කෙරුණු අද (25) දිනයේදී බොහෝ පිරිස් හැසුරුණු ආකාරය සතුටු විය නොහැකි හෙයින් ඉදිරියේදී වෙළඳ සල් විවෘත කිරීම වෙනුවට වෙනත් විකල්ප ක්‍රියා මාර්ගයකට යොමුවීමට සිදුවන බව කොවිඩ් පාලනය කිරීම පිළිබඳ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ජනතාවගේ සංචරණ අවම කිරීමේ පියවරක් ලෙස අත්‍යවශ්‍ය භාණ්ඩ ජංගම රථ යොදවා බෙදාහැරීමේ වැඩපිළිවෙලකට ඉදිරියේදී යොමු වීමට සිදු වනු ඇතැයිද යුද හමුදාපතිවරයා කියයි.
අත්‍යවශ්‍ය භාණ්ඩ නිවස ආසන්නයේම වෙළෙඳ සලෙන් ලබා ගැනීමට දුන් අවස්ථාව ඇතැම් පිරිස් අවභාවිතා කළ ආකාරයක් පෙනෙන්නට තිබූ බව පැවැසූ ශවේන්ද්‍ර සිල්වා මහතා මේ ආකාරයට ජනතාව අවිචාරවත් ලෙස කටයුතු කිරීම අවසන් ප්‍රතිඵලයට අහිතකර බලපෑම් ඇති කරනු ඇතැයි ද පෙන්වා දුන්නේය.
ජනතාවගේ මෙවැනි නරක හැසිරීම් නිසා කොවිඩ් පැතිරීම වේගවත් විය හැකි යැයිද යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි කාලතරණය කරලනේ.. අපිට තවම 25 අද..
ඇයි මේ හෙට දාන්න තියන ප්‍රවෘත්තියක් අදම දාලා...?
ලොකුගේ උන්නැහේගේ හැසිරීම ගැන කියන්න කවදා පිටකොන්ද හැදෙයිද?
වයසක මිනිස්සු බඩු කර ගහගෙන පයින් යන්නේ කොහොමද? ඒක වයසක මිනිස්සු කරන්නේ කොහොමද? ඔබ කිව්වා නිවසේ වාහනයේවත් යන්න එපා කියලා. ඒක ගැටළුකාරී නොවේද? මේ අවස්ථාවේදී එම නීතිය නොතකමින් බොහෝ අය වාහනවල ආවා. නීතියට වැඩ කළ අය දුක් වින්දා. මෙය අසාධාරණයක් නොවේද...?
හමුදාපතිතුමෝ, හැම එකටම මිනිස්සුන්ට බැනලා හරියන්නේ නැහැ. නායකත්වයත් එක්ක වගකීමත් ගත්තා නම් තමයි හොඳ. වහගෙන ඉඳලා අතෑරපු ගමන් ඕකවෙනවා. මිනිස්සුන්ට කන්න බොන්න ඕනෑ. අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය කඩ පුළුවන් තරම් වෙලා ඇරලා තියන්න. රටේ බඩු ප්‍රවාහනය නවත්තන්න එපා. ළඟම කඩේත් ඕනෑ බඩු තියෙන ක්‍රමයක් හදන්න. එතකොට මිනිස්සු තෙරපෙන එකක් නැහැ...
උස් තැන් දැක හැකිලෙන්නේ... මිටි තැන් දැක පුප්පන්නේ... කවුරුන්දැයි විමසන්නේ ... පිළිතුර මුළු රටේ දන්නේ...
ඔය කියන්නේ අර තොණ්ඩමන් මහතාගේ අවමගුල් උත්සවය ගැන වෙන්න ඕනේ...
ඔබතුමා කිව්වා මතකයි මීට මාසෙකට කලින් අපේ බුද්ධිමත් ජනතාව ඔබතුමාලා කියන විදිහට නිසි ක්‍රම වේද අනුගමනය කරයි කියලා.. එ්ක නිසා සංචරණ සීමා හෝ ලොක් ඩවුන් ඕන නෑ කිව්වා.. අපි මේකේ කොටලා ලිව්වා 'සර්‘ අපේ මිනිස්සු කියන දේ අහන ජාතියේ බඩු නෙවෙයි' කියලා...තවමත් ඔබතුමා මිනිස්සු මෙහෙම කරයි කියලා හිතාගෙන ඉන්නවා නම් ඔබතුමත් අර 225 ලෙවල් එකේ කෙනෙක්... මිනිස්සු අත්තේ තියලා රවට්ටලා තමන්ට ඕන වැඩ කරගන්නවා.
හමුදාපතිතුමා ජනතාවට පමණක් දොස් කියනවා.. නමුත් ලොකු දේශපාලකයෝ කරපු දේවල් වලට කටවහගෙන හිටියා.
ජනතාවගේ ගැන විතරක් නෙමේ වගකිවයුතු අයගේ හසිරීමත් හොඳ නැහැ වගෙයි පේන්නේ. සමහරුන් මේ තරු පටි ගහගෙන කොළඹ ඉඳන් කියන ඒවා නොවෙයි රටේ වෙන්නේ.
හැම දේටම මිනිස්සුන්ට බනින්න එපා, ඕක ගිහිං ලොකු තැනට කියන්න. ඒ තීරණ වල වැරැද්ද තමයි මේ. මේ මාධ්‍ය ඔස්සේ යුද්දෙත් කරපු හිස් චරිතයක්. ෆීල්ඩ් මාෂල් ෆොන්සේකා නැත්තං මේ අය යුද්දේ කරන විදියත් අපිට දැන් හිතා ගන්න පුළුවන්.
රටේ පාලකයින්ගේ, දේශපාලුවන්ගේ හැසිරීම ගැනත් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. දියවන්නාවේ අය හැසිරෙන හැටි සත්තු වගේනේ...!!!
මිනිස්සුන්ට බනින්න එපා... ඔබලාත් එසේ විය යුතුයි.
මම හිතුවා අර ඔබතුමා මාධ්‍ය වලට ඇවිත් අපේ ජනතාව කියන දේ අහනවා කියපු එක බොරුවට කියපු එකක් කියලා... ඒත් අද තමයි දන්නේ ඒක ඇත්තටම ඔබතුමා කියපු එකක් කියලා...?
අප්‍රේල් 12 වෙනිදා ඕක තේරුම් ගත්තා නම් මේ වගේ ව්‍යයසනයක් වෙන්නේ නෑ. ඇති යන්තන් මේ රටේ මිනිස්සු කියනදේ අහන්නේ නැති බව දැන්වත් තේරුම් ගත්තා. මීට පස්සේවත් බුරුලක් නොදී වැඩ කරන්න...
ඔව් ඔව් කොහොමින් කොහොම හරි මේ කොවිඩ් රැල්ලත් අපි පාලනය කරගමු.... ඉස්කෝලේ විනයභාර ගුරුතුමා වගේ තමයි යුද හමුදා පති තුමත්... හැසිරීම හොඳ නැත්නම් හැසිරීම හොඳ කරගමු නේද කට්ටිය.
බැල්කනියේ සිට බිම අතින් ස්පර්ශ කරන ලෙස ඔබට ආරාධනා කරනවා..
ළඟම කඩේ මුකුත් නැහැ...
හරි ලේසියි. හැමදේටම ජනතාව පිට පටවන්න. ඔච්චර ලොකු පට්ටමක් තියාගෙනත් කරන්න බැරිද? පෙරේදා දොස්තරලාට චෝදනා කළා. අද ජනතාවට.... ඕකට කියන්නේ බෝල පාස් න්‍යාය.. .
ලොකුගේගෙ හැසිරීම යහපත් ද?
ෆේරඩී සිල්වා..!!!
ජනතාවටම බැන බැන ඉන්න...
රෝග වසංගත විද්‍යාෙව්දී ජනතාවට දොස් කියන එක නොවේ.. මිනිස්සුන්ගේ හැසිරීම නිවැරැදි කරන්න වැඩ පිළිවෙළක් තියෙන්න ඕනේ.. ඒකට තව සෞඛ්‍ය අධ්‍යාපන, සෞඛ්‍ය ප්‍රවර්ධන ආදී නොයෙක් ආයතන පිහිටුවා තියෙන්නේ මිනිස්සුන්ගේ චර්යාමය වෙනස්කම් කරන්න උපාය මාර්ග තියෙනවා. කෝ ඒ ආයතන අද නැතුවා වගේ..
රටේ ඇති පහසුකම්, මිනිසුන් මෙවැනි අවස්ථාවක හැසිරෙන ආකාරය පිළිබඳ කිසිදු අධ්‍යයනයක් නොකර ගන්නා මෙවැනි තීරණ නිසා තමයි මේ ඔක්කොම. හැමදේම එහෙමයි. කාබනික පොහොර හදන කර්මාන්ත ශාලාවක් නැතුව ඒවා නතර කලා, කාලයක් එක පාරටම එළවලු කූඩවල නැතුව ගෙනියන්න එපා කියලා නීතියක් දැම්මා කාගෙදෝ ඉතුරු වෙච්ච කූඩ ටිකක් විකුණගන්න. කිසිම සැලැස්මක් නෑ වැඩවල. ඒවා කරන විදිහ කියලා යෝජනා යැව්වත් ඒවා බලන්නෙවත් නෑ
ඇත්තම කියනවා නම්, ලංකාවේ ඉන්න අශිෂ්ඨ, අවිනීත, අසමත්ජාතී වගේ නෙමේ, "යුක්රේන් ටුවරිස්ලා හා නිරෝධායනය සඳහා පැමිණි ඉන්දීය ජාතිකයින්" ඉතාම විනයගරුකව වැදගත් ලෙස හැසුරුණා.. මේ ලෙඩේ බෝකර ගත්තේ ශ්‍රී ලාංකිකයින්මයි. ඔවුන් මේ දකුණු ආසියාවටම පිළිලයක් මිනිස් බෝම්බ තමයි ආයේ කතා දෙකක් නැහැ...
හොඳම දේ තමන්ගේ කට පාලනය කරගැනීම. ඔබලා හිතනවා නම් ඔබලා තමයි හැමදේම හොඳටම දන්නේ කියලා.. එ්ක තමයි ඔබලාට වැරදෙන තැන. එ්ක තමයි දැන් වෙන්නෙත්...
අර ලොකු ගෙයක් තියෙන දේශපාලකයෙක් කිව්ව ගමන් සංචරණ නීති නැති කරපු මෙයා දැන් බයිලා ගහනවා.. දැන්නම් බොස්ලා, සර්ලා, ගෝලයො ඔක්කොම ජෝකර්ලා වී ගෙන එන්නේ අත්‍යාවශ්‍ය දේවල් තියෙන පොඩි කඩ දෑන් නෑ... තිබ්බත් බඩු නෑ.
පළාත් සභා ඡන්දයෙන් බබා හම්බවෙයි ඔක්කොම එකතු කරලා...
රාජ්‍ය විරෝධීන්ට මොන වසංගතය ආවත් ඔහොම තමයි. පිටුපසින් ඉඳ උසි ගැන්වීම් ඔය... එකටම 10 දෙනෙක් ඔලුව වැනුවාම හිතන්නේ ජනපතිකම ලැබුණා කියලා...
තවත් නාගැනීමක්... ඒකත් ජනතාවගේ කරේ...
මෙයාට වගේ අපේ සල්ලිවලින් ජනතාවට වාහන දීලා නැහැනේ. කවුද මේ? අපෙන් පඩි අරගෙන අපිටම බනින්නේ..?
මිනිස්සුන්ට හැසිරීම ගැන කියලා දෙන්න කලින් තීරණ ගන්න කොට හිතලා බලන්න. මිනිස්සුන්ට මුදල් පාවිච්චිය අවම කරන්න කියලා, දැන් එක පාරටම ගෙවල් ගාව කඩෙන් බඩු ගන්නලු. මොකො ගමේ කඩේ කාඩ් නැති නිසා තමයි අපි සුපර් මාර්කට් එකට යන්න පුරුදු උනේ. මොකද අපි මුදල් භාවිතය අඩු කරලා නිසා. ඒත් සුරක්ෂිතයි අනම් මනම් කියලනේ පටන් ගත්තේ. දැන් එක සැරෙම කියාපි ළඟම කඩෙන් බඩු ගන්නලු. ඔක්කොමත් හරි, මේ වැස්සේ සතියකට බඩු, කොහොමද තනි මිනිහෙක් ගේන්නේ..? ඒකවත් ඔය පුටු වල ඉඳගෙන, ටීවි එකට ඇවිත් කියන මහත්තුරු, එයාලට නම් කෑම බීම සියල්ල ලැබෙන නිසා ප්‍රශ්නයක් නැතිව ඇති. එ්ත් අනික් මිනිස්සු, එක්කෝ බඩු බෙදන්න විදියක් තියෙන්න ඕනෑ.. එහෙමවත් නැ..., අපිට කොච්චර වැස්සේ හරි පයින් යන්නද මෙයාලා මේ කියන්නේ... අනික ගෑස් එකක් ගේන්න ගියාම, ආපහු එ් මනුස්සයා යන්න එපැයි. විකාර... කරන්න ඕනෑ දේ මුලින් නොකර දැන් මිනිසුන්ට කෙලිනවා..
ඔබතුමාට පුලුවන්ද පයින් ඇවිත් බඩු අරන් ගිය එක දේශපාලකයෙක් පෙන්නන්න, බෑ . ඔය වෙනස හින්ද තමයි මිනිස්සු තමන්ට පුළුවන් විදියට නීතිය නවාගෙන වැඩකරන්නේ.
සේරම ගහන්නේ බයිලා.
දැන් නං ඉතිං බුද්ධිමත් ජනතාව ඉල්ලගෙන කන හැඩයි? කරන්න දෙයක් නැති වෙයි.
මේ රටේ මහජනයා තරම් ඉවසාගෙන ඉන්න ජනතාවක් කොහේවත් නැති තරම්ය. අපි ඉතාමත්ම ගරු කරපු අයෙකි මොහු. ත්‍රස්තවාදයට තිත තැබු ඔබලාගෙ තවත් වැදගත් රාජකාරිය රටේ මහජනතාවද අාරක්ෂා කිරීමයි. එනම් අපි බදු ගෙවන්නෝය සංචරන නීති ප්‍රකාශ කිරීමට කලින් එහි නිවැරදිබව බලන්න වටිනවා නේද? එක්අයෙක් කඩේ යන එක, වාහනයෙන් නොයා පයින් යෑම, ලඟම කඩේට යෑමට අපිද කැමතිය නමුත් ලඟ කඩේ අපිට අවශ්‍ය බඩු නැතිනම්? අනික ලඟ කඩේ කට්ටියට මාර ජොලි දැං බඩුත් එයාලට ඕන ගනං. එයාල බොරදියේ මාළු බානවා?
මම නම් කියන්නේ දැනට ලංකාවේ පවතින කොරෝනා ප්‍රභේදය මේ රටට සුදුසු එකක් නොවෙයි.
පොඩ්ඩක් ඉවසගෙන ඉන්න ඊලඟ ඡන්දෙදී ජනතාව පෙන්වයි හැසිරීම කටාර් වල අපි.
ජනතාව වැරැදි ඇති. නමුත් රජයක් හැටියට කොරෝනාව පාලනය කරගැනීම නිසි ක්‍රියාමාර්ග නොගත් බවත් ඔබතුමා පිළිගන්න.
‘‘ගම සමග පිළිසඳරක්‘‘ රැස්වීමේ ඉන්නවා කියලා තමයි ඔවුන් හිතාගෙන ඉඳලා තියෙන්නේ..
අපේ අය කඩේ ගිහින් රාක්ක පිටින් බඩු අරං ආවෙ හරියට ලෝක, විනාසෙ ලං වෙලා වගේ. එක මනුස්සයෙක් නියමෙටම කිව්වා ගියෙ නැත්තෙ නැව් විතරයි කියලා. අනික දුරස්ත භාවය.
විශ්‍රාම යනකම් වත් යුද විරුවෙක් යන නම රැකගන්න බලන්න. නොදන්න වසංගත මර්දනයක් කොරන්න ගිහින් වරිගෙ නහගන්නෙ නැතුව. නැත්නම් කුජීතම වෙලා යන කාලෙ වැඩිය දූර නැතිබව මතක් තියාගන්න. ඒක එකාගෙ මෝඩ උපදෙස් පිලිපදින්නෙ නැතුව මහ පොළොවෙ යථාර්ථය දැනගෙන කට අරින්න..
හමුදාපතිතුමෝ, දේශපාලකයන්ගේ මෝඩ තීරණ වෙනුවෙන් පෙනී ඉඳලා ජනතාව ඔබතුමාට තියන ගෞරවය නැති කරගන්න එපා. නිකමට හිතලා බලන්න, දවස් හතරක් වහලා තියලා ආයේ ඉස්සරහට, දිගටම වහන්න තියනකොට... ගේ ළඟ තියන් සිල්ලර කඩෙන් පයින් ගිහින් මොනවද ගන්න පුළුවන්? ගෙදරකට සති දෙක තුනකට ඇති වෙන්න බඩු ගන්න පුළුවන්ද සිල්ලර කඩෙන්... අනික තාම පඩි හම්බවුණෙත් නෑ.. ගන්න දෙයක් ජීවිතේ ගැට ගහගන්න ගන්න වෙලා තියෙන්නෙ ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන්.. ගමේ සිල්ලර මුදලාලිට ක්‍රෙඩිට් කාර්ඩ් පෙන්නුවාම කුණු හරුප තමා හම්බෙන්නේ බඩු වෙනුවට.. ඒක හින්දා දාන නීතියක් ප්‍රායෝගික විදිහට දාන්න. ජනතාවගේ හැසිරීම හොඳ නෑ කිය කිය බොරුවට බනින්න එපා. එදා මැද හිටපු ඩබල දැක්කාම අපිට හිතුණා මේ වගේ තීරණ එයි කියලා. ඉස්සර ඔබතුමාත් එක්ක මේකට එකතු වෙලා හිටියේ අනිල් ජාසිංහලා වගේ ඔළුව වැඩකරන මිනිස්සු.. දැන් ඉන්නේ කඳ බඩ විතරක් තියන මදේ හිස් පුස්සන්... ඉස්සරහට තව ඔය වගේ ගොං නීති එයි කියලා ජහමනයා වෙච්ච අපිට දැන් හිතෙනවා....
දැන් ඔය රට වහන්න කියලා මැරෙන්න හදන අයට රට වැහුවත් පඩිය ලැබෙනවා. රට වැහුවොත් එළියට යන්න ලැබෙනවා. ඉතින් මැරෙන්න හදනවා...
නිදහස් දින නිලඇඳුම් ඇඳගත් රටේ පුරවැසියන් 5000ක් 6000ක් පමණ යුද උපකරණ කරගහගෙන ඒකට එක්රැස්වෙලා පෝලිමේ ගිහින් නන්දසේන මහත්මයාට සහ ඔබට සැලියුට් ගැහුවා. ඔබතුමා කතා කරන්නේ ඒක ගැනද?
ආරක්ෂාවට වග කියන නායකයෙක් කියලනේ පත්කර ගත්තේ. දැන් සනීපද?
සර්ව ආගමික පූජ්‍ය / පූජක පාර්ශවයේ සියල්ලන්ගේම අවධානය පිණිසයි. මේ වනවිට කෝවිඩ් වසංගතය වෙනුවෙන් වසරකට අධික කාලයක් මුළුල්ලේ ඔබගේ විශ්වාසයන් සහ ඇදහීම් අනුව කොරෝනා මර්ධනය වෙනුවෙන් ලවුඩ්ස්පීකර් මඟින් උදේ සවස යාඤා, පිරිත්, කවිබණ, ස්තෝත්‍ර විකාශය කළ බැව් ඔබත්, අපත්, රටත් දනිමු. එහෙත් පන්සල් අවටත්, පල්ලි අවටත්, කෝවිල් අවටත් ජීවත්වෙන මිනිසුන් දිගින් දිගටම කොරෝනා රෝගයට ගොදුරු වීමත් එයින් මියයාමත් සිදුවේ. එබැවින් එම ක්‍රමය අසාර්ථක බැව් කණගාටුවෙන් වුවත් කියන්නට කැමැත්තෙමු ! කරුණාකර තව දුරටත් උදේ, සවස, අහළ, පහළ මිනිස්සුන්ගේ කන්බෙර පලමින් අධික ශබ්දයෙන් ලවුඩ්ස්පීකර් භාවිතා කිරීම දැන්වත් නවත්වන්න...! එය ශබ්ද දූෂණයකි...! පරිසර දූෂණයකි...! සංචරණ සීමා පණවා ඇති බැවින් මේ දිනවල බොහෝ දෙනෙක් තම තමන්ගේ නිවෙස්වල කල්ගත කරති. මේ මහා ශබ්ද දූෂණය ඔවුන්ට මහත් හිරිහැරයකි.! එවන් සරල දෙයක්වත් තේරුම් ගැනීමට තරම්වත් බුද්ධියක් නැති පිරිසට නිවන මෙන්ම ස්වර්ගයද, මෝක්ෂයද බොහෝ දුර බැව් දැන්වත් තේරුම් ගන්නේ නම් මැනවි...!
මහදැනමුත්තයි ගෝලයෝ රොත්තයි
රට ඇරලා දාපල්ලා. කවද හිටියත් මැරෙනවනේ. කොරෝනා හැදිලා මැරෙන එකෙක් මැරෙයි..
මෙතුමා ජනතා සේවකයෙක් බව අමතක වෙලා වගේ. හැම රාජ්‍ය සේවකයෙක්ම ඉන්නේ ජනතාවට සේවය කරන්න. ජනතාවගේ සල්ලි වලින් පඩි ගන්නවා නම් ඔබේ රාජකාරිය කරන්න. මිනිස්සුන්ට දොස් කියන්නේ නැතුව. හැසිරීම හරි නැත්තම් නීතී දාන්න. තූත්තුකුඩියේ ඉඳන් ආවා වගේ හැසිරෙන්නේ නැතුව...
පුලුවන්නම්, කාට හරි කියන්න පුලුවන්ද මේ රටේ කවුද වැදගත් විදිහට හැසිරෙන්නේ කියලා? දරන තනතුර අඳින ඇඳුම කුමක් උවත්, මොන විදිහකට මවාපාගෙන හැසිරුනත්, ඇතුලේ ඉන්නේ, ගෝත්‍රික වනචාරියෙක්ම තමයි. කාට තිත්ත උනත් ඇත්ත ඒකයි. "උස් තැන දැක හැකිලිලා මිටිතන් දැක පුප්පන" අයට කොහෙද මානව හැගීම් තියෙන්නේ.
දේශපාලකයන්ගේ හැසිරීම හොඳයිද?