
(ඩයනා උදයංගනී)
අර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා ජනතාවගේ පැත්තේ සිට රජයට උදව් කිරීමට තම කණ්ඩායම සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය රාජාසන කතාවේදී අලංකාර වචන භාවිතා කළ බව කී අලහප්පෙරුම මහතා මහජන ප්‍රශ්නවලට සංවේදී නම් එය ප්‍රදර්ශනය කළ යුත්තේ වචනවලින් නොව ඉන් ඔබ්බට ගිය ක්‍රියාවෙන් බව ද සඳහන් කළේය.
මහජන පීඩනය හා ආතතිය සමඟ ගණුදෙනු කිරීමේදී සංවේදී වන ලෙස තම කණ්ඩායම ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කළ බවත්, ඉන්ධන පෝලිම්වල 26ක් මියගොස් ඇති තත්වයකදී තුළ මර්දනයේ යන්ත්‍රයක් තුළින් ජනතා පීඩනය යට කළ හැකි බව සිතනවා නම් එසේ සිතන අය ලෝක ඉතිහාසයේ එසේ ක්‍රියා කළ නායකයන්ට අත්වූ ඉරණම ගැන යළි සිතාබැලිය යුතු බව ද ඩලස් අලහප්පෙරුම මහතා කීවේය.
මෙම අවස්ථාවේදී මහජන බදු මුදල් ඇමතිවරුන්ගේ වරප්‍රසාද වරදාන ලෙස භාවිතා නොකරන ලෙස තම කණ්ඩායම ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බව ද මන්ත්‍රීවරයා පැවසීය.
ඩලස් අලහප්පෙරුම මහතා මේ බව පැවසුවේ කොළඹ දී අද (5) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් මහතා මෙහිදී පැවසුවේ ප්‍රධාන දේශපාලන පක්‍ෂ අතර සම්මුතියක් ඇතිකරගෙන ජනතාවට යහපතක් වෙන සියලු දේට රජයට සහය ලබාදෙන බවත්, එහිදී ඇමතිධූර හෝ කිසිම තනතුරක් භාරනොගන්නා බවත්ය.
මේ අවස්ථාවේ කැබිනට් මණ්ඩලය තර නොකර ජනතාවට අවශ්‍ය දේට මූලිකත්වයදීම සඳහා මුදල් වෙන්කළ යුතු අතර, ඇමතිවරුන්ගේ හා රාජ්‍ය ඇමතිවරුන්ගේ සුඛ විහරණය සඳහා ඒ මුදල් යෙදවීම සුදුසු නැතැයි ද මහාචාර්යවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙමනම් මෙච්චර කල් හිටියේ ජනතාවගේ පැත්තේ නොවේද? දැන්ද ජනතාව මතක් වුනේ? අනේ මේ ඩලස් 18, 19, 20 වැනි සංශෝධන සේරටම අත උස්සලා, දැන් ජනතාව මතක්වෙලා. ඒ වගේම දැනදැනම රාජපක්ෂලාගේ අසාධාරණවල් සාධාරණය කිරීම සඳහා උපරිම පෙනී සිටිය කෙනෙක් තමයි මේ ඩලස්... තවද රනිල් හරි කියලා මතයේ මම නැහැ. ඔවුන් සේරම එකයි...!
අර පැත්තේ සිට රජයට උදව් කරන්නට සූදානම්...!
ජනතාව කිව්වේ... මහජනයාද? අපි වගේ සුළු ජනයාද?
ජනධිපති සිහිනය බොඳවෙලාද? කොට මොඩ්ල් ලංකාවට හරි යන්නේ නැත..
ජනතාව වෙනුවෙන් වැඩ කරන්න එළියේ සිට ඇමැතිකම් කීපයක් ගන්න..
අනේ අපි වෙනුවෙන් කරදර වෙන්න එපා. ඔයයොග්ලො සියලුදෙනාම ඉල්ලා අස්වෙලා ගෙදර යන්න. ඒක ලොකු උදව්වක්.
හිටගෙන ඉඳගෙනද ඉස්සරහ පැත්තේද පස්ස පැත්තේද අදාළ නැහැ ආර්ථිකය ගොඩගන්න රජයට උදව්වෙන්න. උදව්වෙන්න බැරිනම් කකුලෙන් අදින්නේ නැතුව ඉන්න.
මට නම් පේන්නේ අසූචි තවරා ගත්තු නරියෙක් වගේ. මහජන ආකර්ශණයක් පේනතෙක් මානයක වත් නැත. බයිලා ගැහුවාට...
මේ ඉන්නේ බහුභූතයින් සෙට් එකක්...
කතාවට නම් බොහොම දක්ෂයි, නමුත් වැඩ...?
අවශ්‍ය නැහැ. ගෙදර යන්න. ඔබලටත් බැහැ, පුළුවන් නම් අද අපට මෙහෙම වෙන්නේ නැහැ.
ඩලස් අලහප්පෙරුම මහතා ඉතා ගෞරවනීය දේශපාලනඥයෙකු ලෙසයි මම සලකන්නේ. මෙතුමාගේ අවංක එමෙන්ම අකර්ශනීය කතා විලාශය මම ඉතාම අගය කරනවා. එහෙත් මෑතකදී සිට මෙතුමාගේ කතා විලාශය තරමක් වෙනස් වී, ක්‍රමයෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ ආභාෂයක් ලබමින් සිටින බව පෙනෙනවා. එය ඔබතුමාට කිසිසේත්ම ගැලපෙන්නෙ නැහැ... එය ඔබගේ පරිහානියට ද හේතුවිය හැකියි. මේ අවස්ථාවේදී ජනතාවට අවශ්‍ය වන්නේ එකතු වී රට වෙනුවෙන් වැඩකරන්නා වූ දේශපාලඥයින්ය. ඒ බව ඔබතුමාද හොඳින්ම දනී.