IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ජනතාව ’’හයිය’’ ආර්ථිකයක කොටස්කරුවන් කරනවා

(අංජුල මහික වීරරත්න)

අධ්‍යාපනය, ඉඩම්, නිවාස හා ව්‍යාපාර අයිතිය ලබා දෙමින් ජනතාව ශක්තිමත් ආර්ථිකයක කොටස්කරුවන් බවට පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

.ජනතාව ආර්ථිකයේ කොටස්කරුවන් කිරීම මගින්  නොබිඳෙන පුළුල් ආර්ථිකයක් ගොඩනැඟිය හැකි බවද ජනාධිපතිවරයා කීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි මෝදර, රන්දිය උයන  මහල් නිවාස ලබාදීමේ ජාතික උත්සවයට සහභාගී වෙමිනි.

2010 වසරේ කජීමාවත්තේ ගිනිබත් වූ නිවාස වෙනුවෙන් මෙම රන්දිය උයන  නිවාස සංකීර්ණයේ නිවාස 294ක් ජනතා අයිතියට පවරාදීම මෙහිදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි .

"වසර දහයකට වඩා කාලයක් කජිමාවත්තේ ජනතාව ජීවත් වී තිබෙන්නේ අපායක් වැනි ස්ථානයකයි. එහි ජීවත් වුනේ කොහොමද යන්නත්  හිතාගත නොහැකියි. එවැනි පසුබිමක මෙම මහල් නිවාස කඩිනමින් ජනතාවට ලබාදීමට හැකි වීම පිළිබඳ සතුටු ⁣වෙනවා" යනුවෙන් ද ජනාධිපතිවරයා කීය.



අදහස් (8)

ජනතාව ’’හයිය’’ ආර්ථිකයක කොටස්කරුවන් කරනවා

Nimal Wednesday, 10 April 2024 01:06 PM

ජනතාවට නම් දැන් තනිවම හිටගන්නවත් හයියක් නැහැ.

:       13       25

විපරමා Wednesday, 10 April 2024 01:40 PM

මහ බැන්කු බැඳුම්කර හොරාකාපු අය, කොහොමද දන්නේ නැහැ ඔය කියන දේවල් කරන්ඩ හිතාගෙන ඉන්නේ?

:       17       23

Don perea Wednesday, 10 April 2024 02:22 PM

මී හරක් ඉන්න රටක ගොන්නු රජවෙනවා.

:       15       19

Akila Wednesday, 10 April 2024 02:47 PM

පාර්ලිමේන්තුවට ආව දවසේ ඉදන් මේ සියා ඕකම නේද කියුවේ ,දැන් රාජපක්ෂ්ලාත් එක්ක එකතුවෙලා රට නැට්ටටම බංකොලොත් කරාට පස්සෙත් එකම කියනවා

:       15       17

Hafeel Wednesday, 10 April 2024 02:51 PM

මෙයා හැමදාම එහෙම කරනවා මෙහම කරනවා කිය කියා ඉන්නවා මිස කරපු දෙයක් නැහැ. මහ බැංකු බැදුම්කරුත් එතන.

:       14       18

Rata Perata Wednesday, 10 April 2024 05:43 PM

මේ මනුස්සයා ගෝඨාභයට අන්තයි. සුරංගනා කතා කිය කිය ලෝකය වටේ සවාරි ගහනවා. දොන් කියනවා වගේ මී හරක් ඉන්න රටක ගොන්නු රජවෙනවා.

:       0       0

විදුර Thursday, 11 April 2024 04:29 PM

රට විනාස කල කාලකන්නි දේශපාලන කුණු බල්ලෝ...

:       0       0

අශාන් Friday, 12 April 2024 04:14 AM

මෙයා මුලින්ම ඇමැති වුනේ 1977. පස් වතාවක් අගමැති අවුරුදු හතලිස් ගාණක් පාර්ලිමේන්තුවේ... තාම රට හදන්න කතාකරනවා. දැන් රැවටුණා ඇති...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 386 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site