(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලාංකික ජනතාවට සෑහීමකට පත් විය හැකි දිගු කාලීන ආර්ථික සහ දේශපාලනික විසඳුම් ළඟා කර ගැනීම සඳහා ඉක්මණින් කටයුතු කරන ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටියේය.
එක් දේශපාලන පක්ෂයක අභිවෘද්ධිය සඳහා නොව ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය සඳහා මේ අවස්ථාවේ කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටින බව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසුවේය.
ශ්‍රී ලාංකික ජනතාවට සෑහීමකට පත්විය හැකි දිගු කාලීන ආර්ථික ස්ථාවරත්වයක් ළඟා කර ගත හැකි විසඳුම් ඉක්මණින් හඳුනා ගනිමින් ක්‍රියාත්මක කරන ලෙස මෙම රජයෙන් හෝ ව්‍යවස්ථානුකූලව පත්වන නව රජයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය ඉල්ලා සිටින බව එම ප්‍රකාශයේ සඳහන් වේ.
ඇමෙරිකා එකසත් ජනපදය විරෝධතාකරුවන්ට සහ මාධ්‍යවේදීන්ට පහර දීම පිළිබඳ අප්‍රසාදය පළ කළ අතර සෙනසුරාදා විරෝධතාවයේදී ඇති වූ ප්‍රචණ්ඩත්වය විවේචනය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ නුඹලා මැදිහත් වුණු හැම රටකටම වුණේ විනාශය අත්වෙච්චි එක පමණයි.
එහෙනම් මිලියන 22 ස්ථිර විසඳුම් ගෙනෙන්න ඕනේ....!
‘අරාබි වසන්තය’ නමැති රාජ්‍ය විරෝධී විරෝධතා රැල්ල ලිබියාවට පැතිරුණේ 2011 වසරේදීය. ඒ අනුව, දීර්ඝ කාලයක් තිස්සේ ලිබියාවට නායකත්වය දුන් ලිබියානු නායක කර්නල් මුවම්මාර් ගඩාෆිට එරෙහිව කැරැල්ලක් ආරම්භ විය. එම කැරැල්ල මෙහෙයවූයේ ලිබියාවේ විපක්ෂ දේශපාලන කණ්ඩායම්ය. ආරම්භයේ දී ගඩාෆි, හමුදාව සහ පොලිසිය යොදවා විපක්ෂය සංවිධානය කළ ජනතා විරෝධතා මර්දනය කරද්දී, ඇමෙරිකාව, ප්‍රංශය ඇතුළු නේටෝ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ සහාය විපක්ෂ කැරැලිකරුවන්ට හිමිවිය. ඇමෙරිකාවෙන් සහ ප්‍රංශයෙන් ලිබියානු කැරැලිකරුවන්ට අවි ලැබුණි. ඒ අනුව, ලිබියාවේ සිවිල් යුද්ධයක් නිර්මාණය විය. කර්නල් මුවම්මාර් ගඩාෆි අමු අමුවේ ඝාතනය කිරීමෙන් පසු සිවිල් යුද්ධය අවසන් වූ නමුත්, ලිබියාව අස්ථාවර වීම කෙමෙන් ආරම්භ විය. ගඩාෆි පාලනයට එරෙහිව එක් වී සටන් වැදුණත් විපක්ෂ දේශපාලන කණ්ඩායම් සහ ඔවුන්ට හිතවත් සන්නද්ධ කණ්ඩායම් දෙකඩ විය. ඇමෙරිකාවට, ප්‍රංශයට සහ නේටෝ සංවිධානයට හිතවත් කණ්ඩායම් සහ හිතවත් නොවන කණ්ඩායම් අතරේ බෙදීම් හටගත්තේය. බටහිර අනුග්‍රහයෙන් රජයක් පිහිටුවීම සිදුවුවත් එය පිළිනොගැනීමට බටහිර හිතවාදී නොවන දේශපාලන කණ්ඩායම් පියවර ගත්තේය.