
(සුජිත් හේවාජුලිගේ )
ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පවුලක බදුබර 2021 වසරට සාපේක්ෂව 2022 වර්ෂයේ දී සියයට 42 කින් පමණ වැඩි වී ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතාගේ මූලිකත්වයෙන් කෙරුණු පරීක්ෂණයකදී තොරතුරු අනාවරණයවී ඇත.
ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පවුලක්( සිවු දෙනකුගෙන් යුතු ) මාසයකට රුපියල් 28,000 බදු මුදලක් රජයට ගෙවන බව එම පරීක්ෂණයේදී තොරතුරු හෙළි වූයේ යැයි මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා ලංකාදීපයට පැවැසීය.
භාණ්ඩ මිල ඉහළ යාම නිසා ජනතාව මත පැටවුණු වක්‍ර බදු බර 2021 සිට 2022 දක්වා කාලයේදී තුනකින් පමණ වැඩිවී ඇති බව පවසන මහාචාර්යවරයා සාමාන්‍ය පවුලක් මාසයකට ගෙවන වක්‍ර බදු ප්‍රමාණය
රජයේ නව බදු සංශෝධන හේතුවෙන් රුපියල් 4000 කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇතැයිද සඳහන් කළේය.
ජාතික දරිද්‍රතා මායිමේ සිටින පවුලක් මේ වසරේ ජූලි මාසයේදී රුපියල් 3900 ක වක්‍ර බදු ප්‍රමාණයක් මාසිකව ගෙවූ බවත් ඒ අනුව එම පවුලක් දිනකට රජයට ගෙවූ වක්‍ර බදු ප්‍රමාණය රුපියල් හාරසිය හැටක් බවත් ඔහු කීවේය.
ලංකාවේ දුප්පත්ම පවුල් සියයට 10 ගත්විට( පවුල් පන් ලක්ෂ හැත්තෑ දහසක්) රුපියල් 6700 වක්‍ර බදු ප්‍රමාණයක් මාසිකව රජයට ගෙවන බව පවසන වසන්ත අතුකෝරළ මහතා සමෘද්ධියෙන් රුපියල් 4500ක් ලැබුණද මේ වක්‍ර බදු ප්‍රමාණය නිසා ඔවුන් රුපියල් 2,200 ක පමණ ශුද්ධ අලාභයක් ලබන බවද සඳහන් කළේය.
එම දුප්පත් පවුල්වලින් රජය මාසිකව වක්‍ර බදු ලෙස ලබාගන්නා මුදල් ප්‍රමාණය ඔවුන්ගේ ආදායමෙන් සියයට නවයක් බවද ඔහු පැවසුවේය.
පහළම ආදායම් ලබන සියයට 30ගත්විට ඔවුන් රජයට මාසිකව රුපියල් 10,600 ක මුදලක් වක්‍ර බදු වශයෙන් ගෙවන බවත් එය ඔවුන්ගේ ආදායමෙන් සියයට තිස් එකක් බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
මේ අතර ඉහළ පරිභෝජන මට්ටමක් පවත්වා ගෙන යන පවුල් සියයට තිහ ගත්විට ඔවුන් මාසිකව රජයට වක්‍ර බදු වශයෙන් රුපියල් 56,000 ක් ගෙවන බවද අතුකෝරල මහතා පැවසීය.
මාසයකට රුපියල් ලක්ෂයකට වඩා ආදායම් උපයන පවුල් ලක්ෂ 11කට වැඩි ප්‍රමාණයක් රටේ සිටින බව ප්‍රකාශ කරන මහාචාර්යවරයා රටේ පොහොසත්ම පවුල් සියයට 10 ( පවුල් 570000ක් ) මාසිකව උපයන ආදායම රුපියල් දෙලක්ෂ තිස්පන්දහසකට වැඩි බවද ප්‍රකාශ කළේය.
ලංකාවේ ඍජු බදු ගෙවන්නන් ලක්ෂ තුනකට ආසන්න ප්‍රමාණයක් සිටින බවත් එය සමස්ත ජනගහනයෙන් සියයට 1.3ක් බවත් ඔහු පැවසුවේය.
රජයට බදු ගෙවන සේවා නියුක්ත පුද්ගලයන්ගේ සංඛ්‍යාව සියයට 3.6ක් බවද අතුකෝරල මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන්නේ අසාධාරණ බදු ක්‍රමයක් බවත් රජය සිය මුළු බදු ආදායමෙන් සියයට හැත්තෑවක් උපයාගන්නේ වක්‍ර බදු වලින් බවත් ඔහු කීවේය.
ජනතාව මත පැටවෙන මෙම වක්‍ර බදු උද්ධමනයට සෘජුවම බලපාන බව වසන්ත අතුකෝරල මහතා වැඩිදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
348
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1008
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනතාව බදු බරේ ගිලුණු හැටි වාර්තාවකින් එළියට