
(ෂේන් සෙනෙවිරත්න)
මේ අභාග්‍ය අභාග්‍යසම්පන්න තත්ත්වයෙන් රටත් ජනතාවත් මුදවා ගැනීම සඳහා ක්‍රියා කරන ලෙස ජනාධිපතිවරයාටත් රජයටත් අවස්ථා ගණනාවකදී දැනුම් දුන්නත් ඒ කිසිවක් පිළිබඳව ජනාධිපතිවරයා හෝ රජය සැලකිල්ලක් යොමු නොකළ බව මල්වතු - අස්ගිරි මහනා හිමිවරු පැවැසූහ.
ජනපීඩක රජයට එරෙහිව පිටකොටුව බෝධිය ඉදිරිපිට උපවාසයේ යෙදුන උලපනේ සුමංගල හිමියන් ඇතුළු හිමිවරුන් මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදැකීමට පැමිණි අවස්ථාවේදී මහ නාහිමිවරුන් ඒ බව අවධාරණය කළේය .
මහ නාහිමිවරුන් වැඩි දුරටත් පවසා සිටියේ ජනතාව ප්‍රතික්ෂේප කළ පාලකයන් වහාම ඉවත් විය යුතු බවත් මේ අවස්ථාවේ දී ජනතාවගේ සුභ සිද්ධිය සඳහා පාර්ලිමේන්තුවේ සියලු දෙනා එක්සත්ව කටයුතු කළ යුතු බවයි


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම එක්කෙනෙක් දවස් 7කට ජනාධිපති වෙන්න හදනවා.
ඔබ වහන්සේ නිවැරැදියි. පොහොට්ටුවටවත්, රනිල්ටවත් රටේ ජනතාව ගැන කැක්කුමක් නෑ. මේ ගොල්ලන් හොරු රකින එක පමණයි කරන්නේ...