
(ආරියරත්න රණබාහු )
ජනතාව ප්‍රතික්ෂේප කළ පිරිස් පණ ගැට ගහ ගැනිීම සඳහා සන්ධාන ගතවීම් සිදුකරමින් සිටියද ඒ කිසිදු සන්ධානයකට ජාතික ජනබල වේගය එකතු වන්නේ නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැලවත්ත පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
මේ රටේ දැවැන්තම සන්ධානය වන ජනතාව සමඟ ජාතික ජනබලවේගය මේ වන විට විශාල ලෙස සන්ධාන ගතවී ඇතැයි පැවසු ලේකම්වරයා දිනෙන් දින ඒ සන්ධානය ට ජනතාව ඒක රාශි වන බව පෙනෙන්නට ඇතැයි ද පැවසීය.
ලාභ සහ ජනප්‍රිය දේශපාලන සටන් පාඨවලට ජනතාව රැවටුනු යුගය නිමාකරමින් සමාජයේ ගැඹුරු වෙනස්කම් සඳහා ජනතාව පෙරට එමින් සිටින බවද හෙතෙම කීය.
ඉදිරි මැතිවරණවල පරාජය පිළිබඳව බියට පත්ව ඇති පාලකයන් දුෂිත කණ්ඩායම් විවිධ උපක්‍රම භාවිතා කිරිමට පටන්ගෙන ඇතැයිද කී ලේකම්වරයා ඒ අනුව රංචු ගැසෙමින් නව පෙනුමකින් ජනතාව තව දුරටත් රැවටිය හැකිදැයි මාන බලනබවද පැවසීය.
රටක් බංකොළොත් පිරිසකට නැවත රට දියුණු කළ නොහැකි බවද පැවසු ඒ මහතා ජන්ද මඟ හැරිම සඳහා බොරුවට වැඩපිළිවෙළවල් හදන බවද කීය.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරිම කඩිමුඩියේ කළ නොහැක්කක් බව පෙන්වා දුන් ටිල්වින් සිල්වා මහතා ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් යටතේ නව ව්‍යවස්ථාවක් සම්පාදනය කර ඒ කරුණ ඉටුකිරීම අනිවාර්යයෙන් ම කරන බවද කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ ගොල්ලෝ පණ ගැට ගහගන්න සංධාන ගතවෙනවා... තමුන්ලා අමුල් කිරිපල්ලෙ එල්ලෙනවා. අනේ දිනනතුරු...!
අන්න ඔයාගේ ලොක්කා කැනඩාවේ ගිහින්...
Jvp ආණ්ඩුවක් ආවොත් අනිවාර්යයෙන්ම විරුද්ධ මත දරන්නන්ට, දේශපාලන විරුද්ධ වාදීන්ට පණ රැකගන්න එක දුෂ්කර කටයුත්තක් වේවි...! 70 හැත්ත එක කාලේ ලංකාවේ මිනිසුන්ගේ ජීවිතයකට තිබුණු වටිනාකම අඩු කළා වගේම අසූවට අසූ නමය කාලේ අන්තිමට පාරක මේ මනුස්සයෙක් වැටිලා හිටියත් බලන්න නැති ගානට ලාංකිකයින්ගේ මනුස්සකම නැති කළා. කළ කාලෙදී අහිංසක මිනිසුන්ගේ දේපළවලට ජීවිතවලට දීපු වටිනාකම අපි දැක්කා. කාරක වැටිලා හිටපු සතෙකුටත් අනුකම්පා කරපු ලාංකිකයන් අද මිනිස් ජීවිතයකට දෙන ලන්සුව මේ තරමි අඩු අගයක් කලේ වැඩිපුරම ජීවීපි කාරයින් හා අනෙක කොටින් කළ විනාශය නිසයි. ඉදිරියේදීත් තමන්ට බලයට එන්න හා ගත්ත බලය රැකගන්න ඕනෑම දෙයක් කරන බව අපි දන්නවා.
දැං ඔහොම කිව්වාට, 2004 රාජපක්ෂලාව බලයට ගෙනාවේ ඔබතුමන්ලා නෙමෙයිද?
ජවිපෙ කීපාරක් සීයට තුනටත් අඩුවෙන් ඡන්දය දීලා ජනතාව කී පාරක් ප්‍රතික්ෂේප කළාද?. හැම අවස්ථාවකම ජවිපෙත් කළේ සූරියප්පෙරුමගේ, සරත් ෆොන්සේකාගේ, අර්ජුන රණතුංගගේ, මහින්දගේ ඇඟේ එල්ලිලා යාන්තම් ගොඩගිය එක නේද?
දැවැන්ත ජනතා බලවේගයක් බිහිකිරීමේ කාර්‍ය පිටුපස සිටි පුංචි මිනිසා. අධිෂ්ඨානශීලීත්වයේ පරමාදර්ශය...
කව්ද ජනතාව ප්‍රතික්ෂේප කළේ? උතුර දකුණ මාරුවෙලා වගේ. ජේවීපී එක හැරෙන්න එජාපය පොහොට්ටුව වැනි බලවත් පක්ෂ අවුරුදු 5 න් 5 ට රටේ බලයට ආවා. චේගුවේරා හෙවත් ජේවීපී ය මොන නමින් ආවත් අවුරුදු 58 ජනතාව ප්‍රතික්ෂේප කළා.
ජනතාව ප්‍රතික්ෂේප කරපු අයට 225 න් 222 දෙකක් තියෙනවා ජනතාව පිළිගත් අයට 225 න් තුනක් තියෙනවා මුන්දැ කියන්නෙ එහෙම කියලා තමයි මට පේන්නෙ 1994 දී තිහකට වැඩියෙන් සිටි ඔවුන් ජනතාව පිලිගත්තා නම් තුනකට බැස්සෙ කොහොමෙයි
ඔයාලව ප්‍රතික්ෂේප කලේ සෑහෙන කාලෙකට කලින් .තොත්ත බබාලා ටික දැන් ඉන්න කොල්ලෝ කෙල්ලෝ ටික ෆේස්බුක් එකෙන් රැවැට්ටුවට බහුතරයක් ඔයාලගේ පැටිකිරිය දන්නවා මෙයා .ඒක නිසා රඟන එක නැවත්තුවොත් හොඳයි