(නිමල කොඩිතුවක්කු)
පවතින දුර්දාන්ත වැඩපිළිවෙළ නතර කොට ජනතාව ජීවත් කරවීම වෙනුවෙන් කැපවන පාලනයකට ඉඩ සලසා දෙන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී ප්‍රකාශ කළේය.
විසිහතර පැයම පෝලිම්වල දුක් විඳින ජනතාවගේ වේදනාව සහ පීඩනය නොතේරෙන පාලකයින්ගේ ගමන වහා නවතා දැමිය යුතු බව ද විපක්ෂ නායකවරයා පැවසීය.
ආණ්ඩුව ගෙන යන ප්‍රෝඩාකාරී බොරුව නවතා දමා නව ජනවරමකට ඉඩ සලසා දිය යුතු බවත් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.
කුසගින්නෙන් හඬන දරුවන්ට ආහාර ටිකක් දීමට නොහැකිව දුක් විඳින දෙමව්පියන් වෙනුවෙන් ද, පාසල් සහ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය අහිමි වී බලාපොරොත්තු සුන් වී සිටින දරු පරපුරේ නාමයෙන් ද මේ රටේ ස්ථාවර කරන්නට ඉඩ ලබා දෙන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන බවත් ප්‍රේමදාස මහතා කීවේය.
රටේ ලක්ෂ දෙසිය විස්සක් වූ ජනතාවට පීඩනය අපේක්ෂා භංගත්වය සහ දුක් වේදනාවන් උරුම කළ ජනාධිපති අගමැති ප්රමුඛ ආණ්ඩුව නැවත නැවතත් ඔප්පු කරන්නේ ඔවුන්ගේ අසමත්කම සහ නොහැකියාව බව ද විපක්ෂ නායකවරයා එහිදී තවදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල්ට වැඩිය හොඳට සජිත්ට කරන්න පුළුවන්ද...?
තමුන්වැනි අයෙක් මම මගේ ජීවිතේට දැකලා නෑ... පව් නොදී කට වහන් ඉන්න තවත් මෝඩකම ප්‍රදර්ශනය නොකර...
කවි මඩුවක්...!
ජනවරමෙන් කොහොමද ඉන්ධන, විදුලිය, ගෑස් එහෙම ලැබෙන්නේ? මම නොදන්න නිසයි අහන්නේ?
මෙයාටත් රනිල්ට වගේ කිසිම වැඩක් බැහැ. රට බාර අරගෙන වැඩ පෙන්නන්න අවස්ථාව දීලත් ගත්තේ නැහැ. දැන් විකාර කියවනවා...
මෙයා කලේ ජනතවාගේ සල්ලිවලින් ජනතාවටම ගෙවල් හදන එක. නැතුව ජනතාවට තමන්ගේම ගෙවල් හදාගන්න ආදායම් සැලසෙන ක්රීයා මාර්ග හදලා ගෙන එක නොවෙයි. අන්දරේ කිව්වා කළුගල කර උඩින් තිබ්බොත් ගිහිල්ලදා දාන්නම් කියලා මේ ගොයියගේ කර උඩින් තිබ්බත් ආර්ථිකය ගොඩ දමන්න බැහැ. වාචාල කතා තමයි.
පිස්සු
කවුරුන් කෙසේ කිව්වත්,අද මේ රටේ තියෙන්නේ කොන්ද පණනැති දුර්වල විපක්ෂයක්. දූෂිත පවුල් පාලනය රට මේ තරම් අගාධයකට ඇද දමා තිබෙනවා.ඒත්,මේ රටේ ඔය කියනා විපක්ෂය තාමත් කෙකර ගගා විකාර කියවමින් ඉන්නවා.විකාර කතා හා කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරමින් ඉඳලා හරියන්නේ නැහැ.රට වැටිලා.ජනතාවට තියෙන පීඩනය වචනයෙන් කියා නිමකරන්නට බැහැ.මෙන්න මේ වගේ වෙලාවක තමයි විපක්ෂයේ බලය පෙන්වා දූෂිතයන් පන්නා දමා රටත් ජනතාවත් බේරාගත යුත්තේ. ඒත් එවැනි දෙයක් කරන්න පුළුවන් විපක්ෂයක් මේ රටේ නැහැ.කිව්වාට කිසිවෙකු අමනාප වෙන්න එපා.අද මේ රටේ තියෙන්නේ කොන්ද පනනැති,කිසිදු සැලැස්මක් නැති විපක්ෂයක්.
රනිල් 5ස් වතාවක් රටේ අගමැති වෙලා බැදුම්කර හොරකමින් රට නැත්තට නැති කරලා දැන් අගමැතිවෙලත් කරන්නේ රාජපක්සල බේරලා රට තව තවත් අනාථ කරනෙකය්.අනික රටේ එක ආසනයක් දිනන්න බැරිවුණා වගේම සද්දන්ත UNP පක්ෂය පොළොවට සමතල කලා.සජිත් ඉහල ජනතා ප්‍රසාදයෙන් චන්ද ලක්ස 55ක් දිනලා විපක්සනායක වුන.ඉතින් බහුතර කැමැත්ත පරිදි සජිත් මේ හොරුන්ට වඩා හොදට රට කරය්.
මෙතන සමහර කමෙන්ට්ස් සහ ඒවාට ලැබිච්ච ලයික් දැක්කාම රට පත්වෙලා තියෙන තත්වය ගැන අමුතුවෙන් පුදුම වෙන්න දෙයක් නෑ. මෝඩකමට බෙහෙත් නැහැනේ...
සජිත් කියන දේ තේරුම් ගන්න වුවමනාවක් නැති රට කාපු අය එක්ක එකතු වෙලා දාන අදහස් වලින් හිතන්න ගොඩක් දේවල් ඇත. මෝඩකමට සීමාවකුත් නැත. එහෙත් රටේ ජනතාව සජිත් ගැන තියෙන පැහැදීම ඔය අදහස් වලින් මකන්න බැහැ..
මේකෙ කමෙන්ට් දාන්නත්, ලයික් කරන්නත් හරි අපූරු සාම්පල් සෙට් එකක් ඉන්නවා වගේ...
මොනවා කරන්නද? බහුතර මනාප අරන් දිනුවාම බලේ වැඩියි... මොලේ අඩුයි. හොඳට තිබුණු රටක්. අපි වැටිච්ච තැනක් කියලනේ කිව්වේ... දැන් හොඳයි.
සජිත්ගෙන් පර්ලිමේතුවේ විපක්ෂයේ රාජකාරිය හරියට ඉටු වෙන්නේ. නැහැ... කොන්දක් නැති විපක්ෂයක් ජනතාව මහපාරෙ පෝළිම්වල දුක් විඳිනවා... රට, ජාතිය බඩගින්දරේ පාරක් පාරක් ගානේ අව්වට වැස්සට වේලෙනවා. විපක්ෂය මාධ්‍ය සංදර්ශන දාලා පිස්සු කෙලිනවා. විපක්ෂ නායකයාගේ මෝඩ චූන් තමයි. මහජනතාව මහ පාරේ අරගලයේ. රටේ විපක්ෂය මර නින්දේ... ලැජ්ජයි... ලැජ්ජයි...!