(ගයාන් සූරියආරච්චි සහ බුද්ධික කුමාරසිරි)
කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේදී අද රාත්‍රි කාලයේ සිදු වූ වෙඩිතැබීමකින් එක් අයකු තුවල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කර ඇතැයි පොලිසිය කියයි.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර වෙඩි තැබු බව කියන සැකකරුවන් දෙදෙනාගෙත් එක් සැකකරුවකු පැමිණි යතුරු පැදිය සමග වෙරළබඩ පොලිස් ස්ථානයේ නිළධාරීන් අත්අඩංගුවට ගෙන මේවනවිටත් ආදුරුප්පුවිදිය පොලිසිය වෙත භාරදී ඇත
සැකකරුවන් වෙඩි තැබීමට භාවිතා කළ පිස්තෝල අවියද අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇති අතර, අනෙක් සැකකරු සොයා විමර්ශන සිදුකරනු ලබයි.
ආදුරුප්පුවීදිය ජින්තුපිටිය වීදියේදී මෙම වෙඩි තැබීම සිදුකර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන් නීතියට බය නෑ. මොකද ඒක දුරුවල වග දන්නවා
මෙසේ අල්ලා ගන්නා සැකකරුවන් ගැන විස්තර මාධ්‍යට ලබාදීම මෙම පාතාලයින්ට වාසි සහගත බව කාලයක් සිට මේගැන කියවන අපිට පෙනීගොස් ඇත. මාධ්‍ය නිසා මොවුන්ට අනුකම්පා කරන නීතිඥ යින් ඇතුළු සිවිල් සංවිදාණ කියාගන්න පාතාලයින්ගෙන් යැපෙන කල්ලි පාතාලයින්ට විරුද්දව කෙරෙන කටයුතුවලට මග අහුරනු පෙනේ. එමනිසා පාතාලයින් අත්අඩංගුවට ගෙන අවශ්‍ය තොරතුරු ලබා ගෙන පරලෝසැපත් කිරීමෙන් පසු ඒත් අවශ්‍ය නම් පමණක් මාධ්‍යට කියන්න. එසේ අවශ්‍යතාවයක් ගොඩ නැගුනේ නැතිනම් case එක close කරන්න. ජනතාවට සාමය ලැබුනොත් ඇති ලැබුනේ කොහොමද කියලා විස්තර අවශ්‍ය නැත.
රාජ්‍ය ත්‍රස්තවාදය ද පාතාලය ද කියලා හිතාගන්න බැහැ