(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
ආණ්ඩුවට ගෙදර යන්නැයි දේශපාලන පක්ෂ භේදයකින් තොරව තරුණ සමාජය අද පාරට බැස බල කරමින් සිටිනවා. රට ලේ විලක් වීමට මත්තෙන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ජනතා ඉල්ලීමට ඇහුම්කන් දිය යුතුයැයි එක්සත් ජාතික ෂක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා අද සවස මාතර දී පැවසීය.
“මාතර විතරක් නෙවි මුලු රටේම ජනතාව අද ඉල්ලා සිටින්නේ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට ගෙදර යන ලෙසයි. ඒ නිසා අපි කියන්නෙත් ජනතාවගේ හඬට කන්දී ගෙදර යන්න. නැත්නම් මේ අර්බුදය කොහෙන් නවතීද කියන්න බැහැ.ජනාධිපතිවරයාගේ හා මැති ඇමති මන්ත්‍රී නිවාස ජනතාව වටලන්න පටන් ගෙන තිබෙනවා.
මිනිස්සු දේශපාලන වෙනසක් ඉල්ලා සිටිනවා.මේ ආණ්ඩුව පෙරේදා පත් කල ඇමතිවරයා ඊයේ ඉල්ලා අස් වෙනවා. මහාමාර්ග ඇමතිකම ජෝන්ටන් ප්‍රනාන්දු මහත්තයටම දීලා තියෙනවා.මේ වෙලාවේ තාර ගෙන්වනවට වඩා දැවෙන ප්‍රශ්න ජනතාවට තිබෙනවා. මේ අර්බුදය අස්සෙත් කොමිස් ගහ ගන්න පුලුවන් වැඩ තමයි මේ ආණ්ඩුව කරන්නේ.
ඒවාට එරෙහිවයි අද ජනතාව වීඨී බැස තිබෙන්නේ. 225 ම එපා කියන තත්වයට ඔවුන් පත් වෙලා.රටේ ආර්ථිකය හදන්න පුලුවන් නිවැරදි දැක්මක් තියෙන්නේ ජාත්‍යන්තරය සමග හොදට ගණුදෙනු කරන්න පුලුවන් විශ්වාසයක් තියෙන නායකයකුට ඉන්නේ අද රනිල් වික්‍රමසිංහ මහතා විතරයි. ඔහු අද රටේ නායකයා වී සිටියා නම් මෙවැනි අර්බුදයකට රට මුහුණ පාන්නේ නැහැ.
ජාතික ආණ්ඩුවක් හැදුවත් 20 වැනි සංශෝධනය තියෙනකම් ඒකෙන් බලාපොරොත්තු වන දේ ඉෂ්ඨ වෙන්නේ නෑ. මුලු විධායක බලයම ජනාධිපතිවරයා අතෙයි තියෙන්නේ.20 වැනි සංශෝධනය ඉවත් කර ගත්තොත් යම් සාර්ථකත්වයක් ඇති කර ගන්න පුලුවන් වේවි.
“අදුරු අනාගතය පහන් කරන්නට- ජාතික එකගතාවයක්-ජාතික ප්‍රතිපත්තියක්”යන මැයෙන් මාතර කොටු පවුර ඉදිරිපිට දී පැවැත්වු සත්‍යග්‍රහ අවසානයේ මාධ්‍යවේදීන් ඉදිරියේ අදහස් දක්වමින් ඔහු ඒ බව කීය.
එක්සත් ජාතික පක්ෂයේ මාතර ආසනයේ ප්‍රධාන සංවිධායක හා මාතර මහ නගර සභාවේ විපක්ෂ නායක උපුල් නිශාන්ත මහතා ඇතුළු ක්‍රියාකාරීහු පිරිසක් එය සංවිධානය කළහ
(ඡායාරූප: ඩික්සන් වසන්ත)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
‘‘ජනතා හඬට ආණ්ඩුව කන්දිය යුතුයි‘‘
ජුණ්ඩප්පුවා Wednesday, 06 April 2022 10:18 PM
මක්කවත් ලියන්නෙ කොහොමෙයි. ඕක දැම්මොත් ඇඩ්ඩිං මල්ලියා ගෙදර. ඇඩ්ඩිං මලයෝ... යමක් ලීවිවය කියලා හිතා ගන්ටකෝ.