IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ජනතා කැමැත්ත හොයන්න අපේක්ෂකයෝ බරටම වැඩ

(සුජිත් හේවාජුලිගේ)

ජනාධිපතිවරණය කර ළඟටම පැමිණ ඇති හෙයින් ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයන් සියලු දෙනාම පාහේ ජනතාවගේ අදහස දැනගැනීම සඳහා සිය අවසාන ජන මත විමසුම් සමීක්ෂණ මේ දිනවල ප්‍රබල වටයකින් ආරම්භ කර ඇතැයි වාර්තාවේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද සිය අවසාන ජනමත සමීක්ෂණය දීප ව්‍යාප්ත මට්ටමින් අරඹා ඇති බව රජයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනාවරණය කළේය.

එම කටයුතු සඳහා බුද්ධි අංශයේ නිලධාරිහු පිරිසක්ද යොදවනු ලැබ සිටිති.

මේ ජනමත විමසුම් සියල්ල පැවැත්වෙන්නේ දිස්ත්‍රික් මට්ටමිනි.

රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේද නැද්ද යන්න තීරණය කරන්නේ එම ජනමත විමසුමේ ප්‍රතිඵල ඉතා සියුම් ලෙස විග්‍රහ කිරීමෙන් අනතුරුව බව දැනගන්නට ඇත.

ජනාධිපතිවරණ අපේක්ෂකයන් ජනමත විමසුම් පැවැත්වීමට රුපියල් කෝටි දෙදහසකට වැඩි මුදලක් දැනටමත් වියදම් කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ඒ ඒ දේශපාලන පක්ෂ මේ දක්වා පවත්වා ඇතැයි පැවසෙන විධිමත් ජනමත සමීක්ෂණ සංඛ්‍යාව හතරකි. එම සමීක්ෂණ මගින් විවිධ තොරතුරු සහ සංඛ්‍යා දත්ත දැනටමත් හෙළිදරව් කරනු ලැබ ඇත.

 



අදහස් (5)

ජනතා කැමැත්ත හොයන්න අපේක්ෂකයෝ බරටම වැඩ

Suranga Saturday, 22 June 2024 09:41 AM

දැනට සමීක්ෂණ ප්‍රතිඵලය කොහොම වුණත් මැතිවරණ දිනයේ මනාපය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා...!

:       0       0

විපරමා Saturday, 22 June 2024 11:48 AM

මාරුවෙන් මාරුවෙන් බලයේ හිටපු බලලෝබී බඩගෝස්තරවාදී දූෂිත දේශපාලුවෝ රටට කරපු විනාසේ හොඳටම ඇති. අතීතයෙන් පාඩම් ගෙන වර්තමානය ගැන, අවදානයෙන් හිතලා අනාගතයේදී බුද්ධිමත් හරිහමන් පිරිසක් තෝරා ගැනීමට ජනතාවට මොලේ පෑදේවා...!

:       1       32

අරවින්ද මොනරවිල Saturday, 22 June 2024 01:53 PM

ඒ හැම ජනමත සමීක්ෂණයකින් ජාතික ජනබල වේගය ඉදිරියෙන් සිටින බවටත් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරන බවටත් තොරතුරු ලැබී තිබෙනවා...

:       0       4

C.K.Lankaputhra Sunday, 23 June 2024 05:01 AM

රටේ ජනතාව හැටියට අපි දන්නා ජනමතය නම් ජනාධිපතිවරණය දිනන්නේ තඹුත්තේගම රතු මලයා තමයි. ඒ බව කට හෝදලාම කියන්නම්...

:       0       4

සෙනෙවිරත්න Sunday, 23 June 2024 04:17 PM

රනිල්ට රාජපක්ෂ ලෙඩේ හැදිල‍ා, අන්න විශාල කටවුට්. කවුරුත් බාරගත්ත නැති රට බාරගත්තා කියල‍ා, අනේ අපරාදේ ඕවා මොනවා කළත් ජය අනුරට...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 526 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site