(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුවන්, අභ්‍යාසකයන් සහ භෞතචිකිත්සකයන්ට වැඩිදුර පුහුණුව දීම සඳහා දකුණු අප්‍රිකානු හිටපු සුපිරි පන්දු රකින ක්‍රීඩක ජොන්ටි රෝඩ්ස් ඇතුළු ජාත්‍යන්තර ප්‍රවීණයන් තිදෙනෙක්ගේ සේවය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.
ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු වේග පන්දු පුහුණුකරු භාරත් අරුන් සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු භෞතචිකිත්සක ඇලෙක්ස් කුන්ටූරි යන මහත්රුන්ගේ සේවය ද ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබේ.
මෙම ප්‍රවීණයන් තිදෙනා ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුවන්, අභ්‍යාසකයන් සහ භෞතචිකිත්සකයන්ට විශේෂ පුහුණු වැඩසටහන් පැවැත්වීමට නියමිත අතර ඔවුන්ගේ සහභාගිත්වයෙන් විවිධ ප්‍රදේශවල විශේෂ පුහුණු වැඩසටහන් ද පැවැත්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු ගෙනාවත් මේ වැඩබැරි ටාසන්ලා එක්ක මොන ක්‍රිකට්ද?
අවාසනාවකට අපේ රටේ සිටි සුපිරි පන්දු රකින්නන් වන රොෂාන් මහානාම, තිලකරත්න ඩිල්ෂාන්, උපුල් චන්දන වැනි ක්‍රීඩකයින් ගැන ක්‍රිකට් බලධාරීන්ගේ අවධානය යොමුවෙලා නෑ. උපුල් නම් දැන් යමක් කරමින් ඉන්නවා.
ඉහත තනතුරු සඳහා විදේශිකයන් වඩාත් සුදුසු වේ