IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ජෝන්කිල්ස් ප්‍රජා ශක්ති ඩිජියල් ඉගෙනුම් වැඩ සටහනේ දෙවැනි අදියර දියත් කරයි

 

ජෝන් කීල්ස් පදනමDeutsche Bank  සමග එක් වී ජෝන් කීල්ස් ප්‍රජා ශක්ති ඩිජිටල් ඉගෙනුම් වැඩසටහනේ දෙවැනි අදියර ආරම්භ කර තිබේ. මේ වෙනුවෙන් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ  හිදී පැවති උත්සවයට, ජෝන් කීල්ස් ප්‍රජා ශක්ති වැඩසටහන මගින් ආවරණය වන කොළඹ 02, ජාඇල සහ රණාල යන ප්‍රදේශවල පාසල් 11 ක් නියෝජනය කරමින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 80 දෙනකු සහභාගී වූ අතර, එහිදී ඔවුන්ට ටැබ්ලට් උපාංග සහ ඩේටා පැකේජ ප්‍රදානය කරන ලදී.

මෙම අවස්ථාවට ජාඇල ප්‍රාදේශීය අධ්‍යාපන අධ්‍යක්ෂ ලීලානන්ද කුලතිලක, ජෝන් කීල්ස් සමූහයේ සමූහාධිපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර, ජෝන් කීල්ස් ව්‍යාපාර අංශ ප්‍රධානීන් වන චරිත සුබසිංහ, නයන මාවිල්මඩ සහ නදීජා තම්බයියා, ජෝන් කීල්ස් සමූහයේ ආයතනික සමාජ වගකීම් ප්‍රධානී කාමලීන් ජයසූරිය, Deutsche Bank හි අධ්‍යක්ෂවරුන් හා ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජික සාමාජිකාවන් වන නිරංජන් ෆිගරාඩෝ, ජනත් ඉලංගන්තිලක, ප්‍රභාත් සමීන්ද්‍ර, රේසා මන්සූර් සහ චරිත දුම්බරගේ, Dialog Axiata PLC හි නියෝජිතයන් වන හර්ෂ ද සොයිසා සහ නිශාල් හේරත් යන මහත්ම මහත්මීන්, අදාළ පාසල්වල විදුහල්පතිවරුන් සහ ගුරුවරුන්, ප්‍රදානයන් සඳහා තෝරා ගනු ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ ඔවුන්ගේ දෙමාපියන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

COVID-19 රෝග ව්‍යාප්තිය පැවති සමයේ රජයේ විභාගවලට සූදානම් වෙමින් සිටි, අඩු පහසුකම්ලාභී දරුවන්ට මාර්ගගත අධ්‍යාපනය සඳහා අවශ්‍ය පහසුකම් සලසා දීමේ අරමුණින් ජෝන් කීල්ස් පදනම, Deutsche Bank සමග එක් වී 2021 වසරේදී ජෝන් කීල්ස් ප්‍රජා ශක්ති වැඩසටහන ආරම්භ කළේ ය.

මෙහි නියමු ව්‍යාපෘතිය (පළමු අදියර) යටතේ, ජෝන් කීල්ස් ප්‍රජා ශක්ති වැඩසටහන මගින් ආවරණය වන කොළඹ 02 සහ රණාල යන ප්‍රදේශවල තෝරාගත් සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සිසු සිසුවියන් 100 දෙනකුට, ඔවුන් විභාගයට සූදානම් වන කාල සීමාව තුළ භාවිතය සඳහා Samsung A7 ටැබ් උපාංග 100 ක් සහ ඩේටා පැකේජ පිරිනමන ලදී. මෙහි දෙවැනි අදියර යටතේ, ජාඇල ඇතුළු තෝරා ගත් ප්‍රදේශවල සිසු සිසුවියන් 80 දෙනකුට Samsung A8 ටැබ් උපාංග ලබා දීම සිදු විය. Deutsche Bank මෙම වැඩසටහනේ සම-නිර්මාතෘ පාර්ශ්වයක් වන අතර, Keells Office Automation (JKOA) සහ Dialog Axiata PLC  පිළිවෙළින් ටැබ්ලට් උපාංග සහ ඩේටා පැකේජ සහන ගාස්තු යටතේ පිරිනමයි.

ජෝන් කීල්ස් පදනම විසින් කළමනාකරණය කරනු ලබන ජෝන් කීල්ස් සමූහයේ ප්‍රජා සත්කාර වැඩසටහන වන ජෝන් කීල්ස් ප්‍රජා ශක්ති’ මගින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී. විවිධ පාර්ශ්වකරුවන් සමග අත්වැල් බැඳගෙන, හඳුනාගත් ප්‍රජා සංවර්ධන ගැටලු‍වලට පිළියම් සෙවීම ජෝන් කීල්ස් ප්‍රජා ශක්ති වැඩසටහනේ අරමුණ වේ.

595



අදහස් (0)

ජෝන්කිල්ස් ප්‍රජා ශක්ති ඩිජියල් ඉගෙනුම් වැඩ සටහනේ දෙවැනි අදියර දියත් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 104 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 907 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site