(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති මෙන්ම කෝටිපති ව්‍යාපාරිකයෙකු වු ජනක රත්නායක මහතා ඝාතනය නොකිරීම සඳහා සංවිධානාත්මක අපරාධ කල්ලියක් රුපියල් ලක්ෂ 15 ක කප්පම් මුදලක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි කොළඹ ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය
ඩුබායි රටේ සැඟව සිටින බ්ලූමැන්ඩල් සංඛ නමැත්තා එකී කප්පම් මුදල් ලබාගෙන ඇතැයි දැනගන්නට ඇත
අද (16) පෙරවරු 7.10 ත් 9.00 ත් අතර කාලයේදී බ්ලූමැන්ඩල් සංක යනුවෙන් හඳුන්වා දුන් පුද්ගලයකු තමන්ව ඝාතනය කිරීම සඳහා රුපියල් ලක්ෂ 80ක කොන්ත්‍රාත්තුවක් ලබා දී ඇති බවත් එම කොන්ත්‍රාත්තුව ඔහු විසින් ඉටු නොකරන බවත් ඒ සඳහා රුපියල් ලක්ෂ 15 ක් අවශ්‍ය බව දුරකථනයෙන් පවසා තිබූ බව පොලිසිය කියයි.
එකී ඇමතුම අනුව පැමිණිලිකරු වන ජනක රත්නායක මහතා තම කාර්යාලයේ ඇති මුදල්වලින් රුපියල් ලක්ෂ 15 ක මුදලක් තමන්ට ඇමතුම් ලබා දුන් පුද්ගලයා වෙත ලබා ලබා දෙන ලෙසට සේවකයකුට දැනුම්දී තිබූ බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරක් මරන්න කවුද බන් කොන්ත්‍රාත් දෙන්නෙ. ලොරියකට පටවගෙන යනව මිසක්.
පිටපත ටිකක් අවුල් වගේ නේද,
බයියන්ට හොඳ බයිට් එකක්. මෙයා ජනාධිපති වෙන්න හීන දකිනවා.
මෙයා දැන් විහිළු කාරයෙක් වෙලා...!
ලක්ෂ 15 දෙන්න කළින් පොලිසියට කිව්වේ නැත්තේ මොකද?
මෙයා මේ ජනප්‍රිය වෙන්න හදන බොරු කතාවක් .ඕනෑම ව්‍යාපාරිකයෙක් කරන්නේ මුදල් ලබාගන්න එන්න කියා පොලිසියට දන්වා පොලිසියට හසුකර දීමයි
එයාගේම ගේමක්...
මෙයා නොම්මර එකේ තක්කඩියෙක්. මං වැඩ කරපු සෙලින්කෝ ආයතනයට අනුබද්ධ සුපිරි මහල් නිවාස සංකීර්ණයක සභාපති පට්ටම ගත්තා මහින්දගේ 2010 ඉලෙක්ෂන් කැම්පේන් එක කරලා. ඊට පස්සේ ඒක මෙයාගේ කියල ප්‍රසිද්ධ කරගත්තා. දැන් බොරුවට සාධාරණ පොරක් කියල පෙන්නන්න හදනවා. ලෝක අන්ඩයෙක් .
ඔබ ජනතාව වෙනුවෙන් කලේ කුමක්ද? ටික දවසක් මැති ඇමතිලාට බැන්නම එය ජනාධිපති වෙන්න සුදුසු කමක් ද ? ඔබ අනුගසකය කිරීමට යන්නේ ඉතාමත් ප්‍රාතමික මට්ටමේ ප්‍රයෝගයන්බබව පොඩි එකෙකුටත් තේරෙනවා
සල්ලි වලට ගොනෙක් මරන්න ඔ්නෙ කාටද?