
(නිමල කොඩිතුවක්කු)
තමා ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කිරීමෙන් මහජනතාව වෙනුවෙන් කතා කරන නිලධාරීන්ට අත්වන ඉරණම පිළිබඳ සත්‍ය අවබෝධ කරගැනීමට ජනතාවට අවස්ථාවක් ලැබුණ බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ප්‍රකාශ කළේය.
එම පරාජය පෞද්ගලිකව ජනක රත්නායකට හිමි වූ පරාජයක් නොවන බවත් ලක්ෂ 225 ක ජනතාව ලැබූ පරාජයක් බවත් ඔහු පැවසීය.
අසාධාරණ ලෙස විදුලි බිල ඉහළ දැමීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් තමා දිගින් දිගටම ජනතා වෙනුවෙන් සටන් කළ බවත් ඊට එරෙහිව පාර්ලිමේන්තුවේ 123 ක් තමා ඉවත් කිරීමට තීන්දු කළ බවත් ඔහු සදහන් කළේය.
ජනතාව වෙනුවෙන් තමන් කළ සේවය අගැයීමට පත්කරමින් තමා වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කළ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ස්තූතිය පළකරන බවත් ඔහු තවදුරටත් කීවේය.
(ඡායාරූප ළහිරු හර්ෂණ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෙදර යන්න...
පක්ෂවල සාමූහික වගකීම යන පදනම මත සමහරක් චන්දය ප්‍රකාශ කරන්න පුළුවන්.කෙසේ නමුත් මේ පවතින ව්‍යාජ සහ සංකීර්ණ දේශපාලන වටපිටාව මත හුදෙකලා සටන් අනිවාර්යෙන්ම පරාජයට පත් විය හැකි ය.කෙසේ නමුත් ඔබ තුමා ගත් සියලුම තීන්දු තීරණ ජනතාවාදී බව ජනතාව පිලිගනු ඇත. ඉදිරියේදී පත්වන ජනතාවාදී රජයක වගකීම ඔබවන් නිර්භීත නිලධාරීන්ගේ සේවය මහජනතාව වෙත බාධාවකින් තොරව ලබාදීම සදහා වන පසුබිම සකසා දීමයි.අවසන් වශයෙන් පැවසිය යුත්තේ අද දින පරාජයට පත්වූයේ ඔබනොව සමස්ත ජනතාවයි.
මහජනතාව වෙනුවෙන් කතා කරන නිලධාරීන්ට අත්වන ඉරණම නොවෙයි උසස් තනතුරුවලින් පුහු මාන්නයෙන් හිස උදුම්මවා ගන්නා අයට අත් වන ඉරණමයි. මහජනතාව වෙනුවෙන් කරන්න බැරි දේවල් යෝජනා කරන පෙළපාලි යන අය එමටයි. මහජනතාව වෙනුවෙන් යමක් කරන අය අතළොස්සයි. මහජනතාව තේරුම් ගත යුත්තෙත් මෙයයි.
එයා ගෙදර ගිහින් පාඩුවේ ඉඳියි .ඔයයි මමයි 300% වැඩි උන විදුලි බිල ගෙවාගෙන පාඩුවේ ඉමු
මුන් අපේ බදු සල්ලි වලින් උන්ට පාක්ශික කොමිසන් සභා නඩත්තු කරනවා මහත්තයා. ඒක පට්ට අසාධාරණයි. දේශපාලන තස්ත්‍රවාදය ඔඩු දුවලා.
ගෙදර ටීවී බලන්නෙත් මෝදි කිට් එක ගහගෙනද, ගොන් පොල්ලා.
ලලිත් කොතලාවල මහත්තයාගෙ දේපල වලට මයිනා එක්ක එකතු වෙලා විද්දේ කවුද කියන්න කියලත් අපි දන්නවා අනේ.