(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවේ ජන හා නිවාස සංගණනයක් ලබන වසර (2023) මුල පැවැත්වීමට සැලසුම්කරමින් සිටින බව ජන ලේඛණ සහ සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව පවසයි.

එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදලේ අනුග්‍රහයෙන් පැවැත්වෙන මෙම සංගණනයේ සිතියම් සකස් කිරීම මේ වන විට ක්‍රියාත්මක වෙමින් ඇති බවත් අනතුරුව ලැයිස්තු සකස් කිරීම සහ නිලධරීන් පුහුණුකිරීමේ කටයුතු ආරම්භ කරන බවත් එම දෙපාර්තමේන්තුව කියයි.

ශ්‍රී ලංකාවේ අවසන් වරට 2012 වසරේ ජන හා නිවාස සංගණනයක් පැවැත්විණි.