
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත පරිපූරක ඇස්තමේන්තු දෙකක් සහ යෝජනා සම්මතයක් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් සළකා බැලීමෙන් අනතුරුව අනුමතිය ලබා දීම සිදුවිය.
මුදල් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් එම සභාව රැස්විය.
ඒ අනුව, ගැබිනි මව්වරුන්ට පෝෂණ ආහාර පැකේජයක් ලබා දීමට අදාළව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ පරිපූරක ඇස්තමේන්තුව මෙහිදී සලකා බලන ලදී. සහන මිලකට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දීම පිණිස අයවැය යෝජනා යටතේ වෙන් කරන ලද ප්‍රතිපාදන භාවිතා කිරීම පිළිබඳව මෙහිදී අවධානය යොමු විය.
තවද, මහනුවර උතුරු පාතදුම්බර ඒකාබද්ධ ජල සැපයුම් ව්‍යාපෘතිය සඳහා චීන EXIM බැංකුව විසින් නොගෙවූ බිල්පත් පියවීම සඳහා සහ ව්‍යාපෘතියේ ඉතිරි වැඩ නිම කිරීමට අදාළව නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරන ලද පරිපූරක ඇස්තමේන්තුව ද සාකච්ඡාවට ලක් කළ අතර, එම ඇස්තමේන්තු දෙකටම කාරක සභාවේ අනුමැතිය හිමිවිය.
ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ආයෝජන ප්‍රවර්ධන හා අන්‍යෝන්‍ය සුරක්ෂණය පිළිබඳ ගිවිසුමට අදාළ යෝජනා සම්මතය ද සාකච්ඡා වලින් පසුව කාරක සභාව විසින් අනුමත කරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd