(රෝහණ චන්ද්‍රදාස)
අනුරාධපුර ජේතවන ස්ථූපයේ මෑතක දී සිදු වී ඇති ඉරිතැලීම් ගැන සොයාබැලීමට විශේෂඥ දැනුමැති කණ්ඩායමක් අනුරාධපුරයට හෙට (02) යන බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ මහතා පැවැසීය.
සති කිහිපයකට පෙර කළ නිරීක්ෂණයක දී ස්ථූප ගර්භයේ ඉහළ කොටසෙහි ඉරිතැලීම් කිහිපයක් දකින්නට ලැබී ඇති බව වාර්තාවිය. ඒ අනුව මේ වනවිටත් ඊට පිළියම් යොදා ඇති බව මධ්‍යම සංස්කෘතික අරමුදල සඳහන් කරයි.
කෙසේ වුව ද මෙම පිළිසකර කිරීම් ගැන ගැඹුරු අධ්‍යයනයක් සිදුකිරීමට බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික අමාත්‍යංශය මඟින් පියවර ගනු ලැබ ඇත. ඒ අනුව පුරාවිද්‍යා , වාස්තු විද්‍යා හා ඉංජිනේරු විශේෂඥවරුන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් යොදවා එම පිළිසකර කිරීම් ගැන වාර්තාවක් ලබාගැනිමට පියවර ගෙන ඇතැයි මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.
මේ අතර ජේතවන ස්ථූපයේ ව්‍යාපෘතියේ නිලධාරියකුගෙන් අප කළ විමසීමේදී ඔහු කියා සිටියේ වර්තමානයේ පවතින උණුසුම් කාලගුණය නිසා ස්ථූපයට යම් බලපෑම් සිදුවීම ස්වභාවික තත්ත්වයක් බව ය. මෙය ගඩොලින් නිම කර ඇති ස්මාරකයක් නිසා දේශගුණික විපර්යාස මත ඇතිවන තත්ත්වයන් ගැන විශේෂ අවධානයක් යොමු කිරීම අත්‍යවශ්‍ය බව ද එහි නිලධාරියෙක් කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසුබ සලකුණක්... දූෂිත රජෙය් ෙස්වකයින්ගේ දරුවන්ට වස් වදිනවා...!
පුදුම රටක්නේ මේක...
දාගැබ්, ඉරි තලන්නේ නැතිද? චෞර පාලකයින් රට පාලනය කරද්දී..!