IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


⁣ජේතවන ස්තූපය සංරක්ෂණයට පියවර

(දයාරත්න ඇඹෝගම)

පසුගිය දිනෙක පිපිරීමට ලක්වූ ඓතිහාසික ජේතවන ස්තූපයේ සං‍රක්ෂණ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇතැයි ජේතවන ව්‍යාපෘතියේ කළමණාකරු ගාමිණී අබේරත්න මහතා අද(15) පැවසීය.

ක්‍රි.ව. 3 වන සියවසේ දී මහසෙන් රජු දවස ඉදිකරන ලද ජේතවන දාගැබ එවක ගඩොලින් ඉදිකළ ලොව විශාලතම ස්මාරකය ලෙස සැලකිණි.

වසර සිය ගණනක් ගරා වැටෙමින් තිබු මෙම දාගැබ ඇතුළු අක්කර දෙසීයක පමණ ප්‍රමාණයක පැතිර පවතින සෙසු ආරාමික ගොඩනැගිලි මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් සං‍රක්ෂණය කොට තහවුරු කරනු ලැබීය.

මාස කීපයකට පෙර දාගැබේ හතරැස් කොටුව පාමුල සිට සිව්දිසාවකින් ස්තූප ගර්භය ඉරිතලා ගියේය.

කෙසේ වෙතත් එම ඉරිතැලීම් සිදුවූ ප්‍රදේශ සං‍රක්ෂණය කර මාස කීපයක් ඇතුලත යථා තත්වයට පත්කරන බව මේ සම්බන්ධයෙන් අපකල විමසුමේදි ව්‍යාපෘති කළමණාකරු ගාමිණී අබේරත්න මහතා පැවසීය.



අදහස් (4)

⁣ජේතවන ස්තූපය සංරක්ෂණයට පියවර

sachith Monday, 15 June 2020 08:25 AM

රජකාලේ හදපුවා අවුරුදු දහස් ගාණකට පස්සේ තමයි විනාශ වුණේ.. නවීන තාක්ෂණයෙන් කරා කිව්වට අවුරුදු 10ක් යන්නත් කලින් ඉරිතලලා.

:       0       72

ලසන්ත Monday, 15 June 2020 01:11 PM

දැනට ප්‍රතිසංස්කරණය සඳහා පලංචි සකසා ඇති කොටසේ චෛත්‍ය කොටසේ නෙරායාම් සහ ඇතුළතට ගිළුණු ගතියක් කාලයකට පෙරත් දක්නට ලැබුණා. මෙහි අනෙක් චෛත්‍යවල මෙන් මතුපිට ඒකාකාරී රවුම් හැඩයක් නැහැ කියලා පේනවා..

:       0       2

සිරිබිරි Monday, 15 June 2020 01:32 PM

ඕවා වෙන්නේ නපුරු කාලයට...

:       0       0

lalithm Tuesday, 16 June 2020 06:58 AM

එව්වා ඉරිතලන විදිහට තමයි හදන්නේ... ඒකට තමයි ව්‍යාපෘති කියන්නේ. හොද්ද බොරවීම..!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 261 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site