
(බී.ජී. චතුරංග)
බුදුරජාණන් වහන්සේගේ "පටි ධාතුව" තැන්පත් කර ඇති ගඩොලින් තනන ලද ලොව විශාලතම ස්තූපය ලෙස සැලකෙන අනුරාධපුර ජේතවනාරාම ස්ථූපයේ හතරැස් කොටුවේ සිට පහලට සතර දෙසය පිපිරීම් දක්නට ඇතැයි වාර්තා වේ.
පුරාවිද්‍යා හා විද්වත් සෘජු මැදිහත්වීමක් ලබාදී තාවකාලික පැලැස්තර විසඳුම් ලබා නොදී ස්ථිරසාර විසඳුමක් මේ සඳහා ලබා දීමට ජනාධිපතිවරයා හෝ මැදිහත් වන ලෙසට ජනතාව ඉල්ලීමක් කරති.
මහසෙන් රජ දවස ක්‍රිස්තු වර්ෂ හතරවන සියවසේ දී ජේතවනාරාමය ඉදිකර ඇත.එය උසින් අඩි 400ක් ලෙස දැක්වේ. සංස්කෘතික අරමුදල 1982 වසරේ ආරම්භ කරන ලද්දේ ද ජේතවනය කේන්ද්‍ර කර ගනිමිනි. මේ ස්ථූපය ලෝක උරුම ස්ථාන අතරින් සුවිශේෂී ස්ථානයක් හිමිකර ගනියි.
මේ සම්බන්ධයෙන් අප මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය ගාමිණි රණසිංහ මහතාගෙන් සිදු කල විමසීමකදී ඒ මහතා කියා සිටියේ මේ සම්බන්ධව සතිපතා නිරන්තර සොයා බැලීම් සහ පිළියම් කරමින් අවශ්‍ය සියලු කටයුතු සිදු කරනවා.මෙවැනි පිපිරීම් සාමාන්‍යයෙන් සෑම ස්තූපයකම දැකිය හැකියි.
මෙහි ඇති පිපිරිමි සම්බන්ධව විද්වත් කණ්ඩායමක් සහ ඉංජිනේරුවරුන් පිළියම් සිදු කරනවා
මෙහි පමණක් නොව රුවන්වැලි සෑයේද යම් යම් ඉරි තැලීම් තිබෙන බව සඳහන් කළ මහාචාර්ය මහාචාර්ය ගාමීණී රණසිංහ වසර 2500 ක් පමණ පැරණි ඉතිහාසයක් තුළ මෙවැනි දේ සිදු විය හැකි බවද පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලුවොයි රට වැසියෝයි බුද්ධ ධර්මයට විරුද්ධ ක්‍රියාවන් වල නියලෙනකොට ඕවා තමයි සංකේත
රටේ හොරකම් කරන දූෂිත රජයේ නිලධාරීන්ට අපලයි .උන්ගේ පවුලේ උන් මැරෙනවා
රටේ හොරකම් කරන දූෂිත රජයේ නිලධාරීන්ට අපලයි.උන්ගේ පවුලේ උන් මැරෙනවා
මහාචාර්ය වුනාට කිසිම විසඳුමක් නැති පාරයි. උඹල ගන්න පඩියටත් ණයයි යකෝ.
වසර 2500 ක් පමණ පැරණි ඉතිහාසයක් තිබුනට මේ දාගැබ අලුත්වැඩියා කරලා 2500ක් නැහැ නේද?
අපි ඉක්මණින්ම හදාගන්න බලමු! කාටවත් බැන බැන ඉඳලා වැඩක් නෑ...!
මේ දිනවල පවතින අධික උෂ්ණත්වය පිපුරුම්වලට හේතුව විය හැකියි. විශේෂඥ නිරීක්ෂණ සහ නිගමන අවශ්‍යය.
ඇත්තටම සියලුම ප්‍රදානයින් හැකි පමණින් පුලුවන් ඉක්මනට මොනවා හරි කළ යුතුයි අපගේ අතිතිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ඡිවමානව සිටිනවා සත්තයි ඒ කර ගන්නාවු පින අප සැමට ක්‍රියා නිම කර ගැනිමට නොහැක සියලුම දෙනාටම සමිමා සමිබුදු සරණයි