(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ මන්ද පෝෂණය සහ දරිද්‍රතාව පිළිබඳව ජාත්‍යන්තර සංවිධාන සහ දේශීය විශේෂඥායන් කරන ප්‍රකාශ වැරදිනම් රජයේ මන්ත්‍රීවරුන් කළ යුත්තේ සමීක්‍ෂණ කර වාර්තා ඉදිරිපත් කිරීම බවත් එවැනි ප්‍රකාශ කරන සංවිධාන විවේචනය කිරීමෙන් පළත් නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා අද (5) පැවසීය.
කුසගින්න, මන්ද පෝෂණය සහ ගැඹුරු දරිද්‍රතාවේ ඉහළට තල්ලු වෙමින් සිටින ශ්‍රී ලංකාවේ ජනතාවට සෞඛ්‍ය සේවා සඳහා ප්‍රවේශය නැති තරම් බව ජාත්‍යන්තර ක්‍ෂමා සංවිධානය ප්‍රකාශ කර ඇති බව කී ඩිලාන් පෙරේරා මහතා ගමට ගියාම පැහැදිළිවම කුසගින්න, මන්ද පෝෂණය සහ දරිද්‍රතාව දැකයි හැකි බව ද සඳහන් කළේය.
සෞඛ්‍ය ඇමතිතුමා රෙද්දයි බැනියමයි ඇදගෙන පාර්ලිමේන්තුවේ ඔලුවෙන් හිටගන්න දේශපාලන හෙලුව ලෝකයට නොපෙන්වා ජාත්‍යන්තර සංවිධානය සහ දේශීය විශේෂඥායන් ඉදිරිපත් කරන කාරණාවලට අවධානය යොමු කළ යුතු බවත් මෙවැනි ප්‍රකාශ කරන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඒ සංවිධානය වැරදි යැයි ප්‍රකාශ කරන බවත් ඩිලාන් පෙරේරා මහතා කීය.
නිදහස ජනතා සභාවේ මාධ්‍ය හමුවට සහභාගි වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා අද (5) එසේ පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාත්‍යන්තර සංවිධාන කරන්නේ වෙනම ගේම් එකක් බව ඉතා පැහැදිලියි නේද? විපක්ෂයේ ඉන්නකොට මෙයාලාට ඒවා පේන්නේ නෑ. එම සංවිධාන එකතු වී අපේ රට හිඟන තත්ත්වයකට දාලා ඔලුව උස්සන්නම බැරි තැනකට අදින්නයි හදන්නේ... දෙමළ ඩයස්පෝරාව මේ පිටුපස නෑයි කියන්න බෑ...
එහෙම වාර්තා සකස් කරන්න පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්රීලාගෙන් වැඩි දෙනාට අකුරු ලියන්නවත් පුලුවන්ද දන්නේ නැහැ