(අංජුල මහික වීරරත්න)
ලෝකයත් සමඟ ඉදිරියට යාමට නම් ශ්‍රී ලංකාවට තාක්ෂණය අතින් සම්පූර්ණ වෙනසක් අවශ්‍ය කර තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.
අද වනවිට ලෝකයේ තාක්ෂණය කෘත්‍රිම බුද්ධිය දක්වා ගමන් කර ඇති බවත් ඊට සමගාමීව ලංකාව සිටින්නේ බොහෝ පිටුපසින් බවත් අබේවර්ධන මහතා කීය.
ආර්ථික වශයෙන් මෙන්ම තාක්ෂණික වශයෙන්ද ලෝකය ජයගත යුතුව තිබෙන බව කී අබෙිවර්ධන මහතා මේ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය තමා සතුව තබාගෙන ඊට අවශ්‍ය වෙනස්කම් සිදුකරමින් තිබෙන බවද ප්‍රකාශ කළේය.
ජාතියක් ලෙස නැගී සිටින්න නම් ඊට විනයගරුක තරුණ පරම්පරාවක් බිහි විය යුතු බව ද අබෙිවර්ධන මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරකම් කරනවා නම් රත්තරන් තමයි නේද කොට වජිර...!
ජාතියක් ලෙස නැගී සිටින්න නම් ඊට විනය ගරුක තරුණ පරම්පරාවක් බිහිවිය යුතු බව ද අබේවර්ධන ප්‍රකාශ කළද විනයගරුක තරුණ පරම්පරාවක් බිහිකරන ක්‍රමවේදය කුමක්ද? හෝ එය කෙසේ කළයුතුද කියා ඔහු ප්‍රකාශ කරන්නේ නැත. විනයගරුක තරුණ පරම්පරාවක් බිහි වන්නේ නැත. එවැනි සමාජයක් රට තුල ඇතිකළ යුතුවේ. ඒ සඳහා බොහේ දේ කළයුතුව ඇත..
විනය ගරුක සමාජයක් බිහිවෙන්න නම් නීතිගරුක රටක් තියෙන්න ඕනෑ. රටේ දේශපාලුවන්ට එක නීතියකුත් සාමාන්‍ය මහ ජනතාවට එක නීතියකුත් තියෙනකොට මොන විනයක්ද? හොරකම් මැරකම්වලින් තම බලය රැකගන්න දුෂිත දේශපාලුවන්ගේ විහිළු කතා...
වජිර මහත්තයෝ, ඉතින් අපි පාර්ලිමේන්තුවෙන් පළමුවන පියවර තබමු...
විනය ගැන කතා කරා වුණාට ඒක නෑ. විනය නිකම්ම හැදෙයි... ඔබලා හොරා කන එක නවත්තපු දවසට... අනුන්ගේ විනය ගැන බණ කිය කිය ඉන්නැතුව මක බෑවිලා යන්න...
රනිල් ළඟට වෙලා ඔහේ කියවනවා.
වජිර ඔයා ඕක දියවන්නාවේ පටන් ගන්න. හරි ශෝක් වජිර බණ.. ඔවා දෙනු පරහට... තමා සම්මතයේ පිහිටා සිට...
පින් ජනපති ඇතුළු දියවන්නාවේ ඉන්න දූෂිත දේශපාලුවන් සෙට් එකෙන්ම තමයි පටන් ගන්න වෙන්නේ...!