IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


ජාතිය ගොඩනැගීමේ දී තම කාර්යය නිසි ලෙස ඉටුකරන්න

 

(නිමල කොඩිතුවක්කු)

ජාතිය ගොඩනැගීමේ කාර්යයේ දී තමන්ගේ කාර්යභාරය නිසි ලෙස ඉටුකරන ලෙස වෘත්තීය සමිති නායකයන්ගෙන් ඉල්ලීමක් කරන  බව  සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා කොළඹදී ප්‍රකාශ කළේය.

මව්බිම රැකගැනීමේ ක්‍රියාදාමයේ දී වෘතීය සමිති නියෝජිතයන්ට  අන් අයට වඩා වගකීමක් ඇති බවත් ජයසූරිය මහතා සඳහන් කළේය.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික වයාපාරය, වෘත්තිය සමිති නායකයන් සමග කොළඹදී පැවති  හමුවකදී ඔහු මේ බව පැවසීය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ  සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්ධු කරු ජයසූරිය මහතා මෙසේද කීවේය.

“අප ඉතිහාසයේ දරුණුතම අභාග්‍ය සම්පන්න කාලයකට මුහුණ දී ඇති අවස්ථාවක මව්බිම රැකගැනීමේ ක්‍රියාදාමයේ දී සෑම පුරවැසියෙකුටම විශාල කාර්යභාරයක් පැවරී ඇත. මෙහිදී වෘතීය සමිති ව්‍යාපාරය  නියෝජනය කරන ඔබතුමන්ලාට අන් අයට වඩා වගකීමක් ඇති බව අපගේ හැඟීමයි.

පාලකයින්ගේ පළමුවන කාර්යභාරය වන්නේ ජන ජීවිතය  යථා තත්ත්වයට පත් කිරීමයි. පැය 24 ක විදුලිය සැපයුම,  කිරිපිටි, ගෑස් හා ආහාර ද්‍රව්‍ය සාධාරණ මිලකට ලබා දීම ඉක්මනින් සිදු විය යුතුයි. එවිට කර්මාන්ත, අපනයනය හා සංචාරක ව්‍යාපාරය ශීඝ්‍ර වශයෙන් දියුණු වනු ඇත. ගමනාගමනය යථා තත්ත්වයට පත්වනු ඇත.

පසුගිය අවුරුදු දෙකක පමණ කාලයක් අධ්‍යාපනයට බාධා ඇති වූ නිසා මේ ක්ෂේත්‍රය ද වහා යථාවත් කිරීමට කටයුතු කළ යුතුයි. අපගේ වටිනාම සම්පත හා ආයෝජනය විය යුත්තේ අධ්‍යාපනයයි. සම්පූර්ණයෙන් විනාශ වූ කෘෂිකර්මය නැවත පුනර්ජීවනය කළ යුතුයි. මෙහිදී පසුගිය පාලනය වැරදි තීරණ ගත්තා.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම තුළින් පාර්ලිමේන්තුව ශක්තිමත් වනු ඇත. සර්වබලධාරී එක් පුද්ගලයකු විසින් මිලියන 22ක ජනතාවකගේ ඉරණම විසඳීම වෙනුවට මහජන නියෝජිතයන්ට රාජ්‍ය කරණයේ දී වගකීම පැවරෙනු ඇත. පක්ෂ විපක්ෂ නියෝජනය කරන පසුපෙළ මන්ත්‍රීවරු බොහෝ දෙනකු අධීක්ෂණ කමිටු ක්‍රමය ගැන දැඩි උනන්දුවක් දක්වා ඇත.

ලෝකයේ දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටවල සාර්ථකව පවත්වන අධීක්ෂණ කාරක සභා යළි ස්ථාපිත කිරීම තුළින් මෙම මන්ත්‍රීවරුන්ට වගකීම් ඇතිව ජනතා සේවයට සහභාගිවීමට හැකිවනු ඇත.

ජනාධිපතිතුමාගේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ගේ ඉල්ලීම මත සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය මුල්වීමෙන් රටේ ප්‍රවීණ විද්වතුන්ගේ අදහස් හා අපගේ අත්දැකීම් ද උපයෝගී කරගනිමින් ඉදිරිපත් කළ යෝජනාව දැනටමත් රජය විසින් පිළිගෙන තිබීම අපි අගය කරමු. සැප්තැම්බර් 1 දා සිට අධීක්ෂණ කාරක සභා පාර්ලිමේන්තුවේදී ක්‍රියාත්මක කිරීමට කටයුතු සූදානම් කර ඇති බව කථානායකතුමන්, සභානායකතුමන් හා පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් අපව දැනුවත් කර ඇත. උපදේශක සභාව ද එදින සිට ඇරඹෙනු ඇත.

අප විසින් ඉදිරිපත් කරන ලද ලංකාවේ ප්‍රවීණ ආර්ථික විද්වතුන් 25 ක් පුද්ගලික අංශයේ දැවැන්තයන් 25ක් සමඟ මහාචාර්ය රොහාන් සමරජීව මහතාගේ ප්‍රධානත්වයෙන් ඉදිරිපත් කළ නිර්දේශ රජයටත්, විපක්ෂයටත් අප විසින් යොමු කර ඇත.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා වෙත විශාල බලතල පැවරුණත් එතුමා අසාර්ථක වූයේ විද්වත් මතයට ගරු නොකළ නිසයි. රජයට උපදෙස් දීමට ඒ ක්ෂේත්‍ර වල අත්දැකීම් ඇති අය හා විද්වතුන් 2500ක් පමණ අප හඳුනාගෙන ඇත.

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය ලෙස දේශපාලනයට සම්බන්ධ නොවූ ස්වාධීන ආයතනයක් වශයෙන් අප වෘත්තීය සමිති නායකයන්ගෙන් ඉල්ලා සිටින්නේ ජාතිය ගොඩනැගීමේ කාර්යයේ දී ඔබගේ කාර්යභාරය ඉටුකරන ලෙසයි. එවිට සතුටින් ජීවත් විය හැකි යහපත් වාසනාවන්ත රටක් බිහි වනු ඇත.



අදහස් (1)

ජාතිය ගොඩනැගීමේ දී තම කාර්යය නිසි ලෙස ඉටුකරන්න

ganegoda Tuesday, 16 August 2022 12:57 PM

ඕක ඉතින් සුද්දන්ගෙන් අපි රට භාරගත්තු දවසෙ කියන සිදුවීමක්නෙ.. රට අපායක් බවට පරිවර්ථනය උනා හැරෙන්න සිද්ද වුන දෙයක් නැහැ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 95 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 862 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 377 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site