IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


ජාතික ළමා රෝහලේ වෛද්‍යවරයකුට කොරෝනා

 

(විනීතා එම් ගමගේ)

ජාතික ළමා රෝහලේ වෛද්‍යවරයෙකුට කොවිඞ් 19 වයිරසය ආසාදනය වී තිබේ.

එම රෝහලේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකුට මෙම වයිරසය ආසාදනය වූ පළමු වතාව මෙය බව එම රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී විජේසූරිය මහතා ලංකාදීපයට  පැවැසීය.

රෝගී දරුවන් හා ඔවුන්ගේ භාරකරුවන් 32 දෙනෙකු ඉකුත් මාසයක කාලය තුළ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් හමුවූ බව ද අධ්‍යක්ෂවරයා කීය.

කොවිඞ් 19 වයිරසය අසාදනය වූ වෛද්‍යවරයා වාර්තාවූයේ මේ වනවිට ප්‍රතිකාර සඳහා යොමු කර ඇති අතර ආශ්‍රිතයන් සියලු දෙනා නිරෝධායනයට ලක්කර ඇති බවත් අධ්‍යක්ෂවරයා කීය.

කොවිඞ් 19 දෙවන රැල්ල ඇරඹි ඉකුත් ඔක්තෝබරයේ සිට මේ දක්වා මෙම ළමා රෝගීන් 20 දෙනාද ඔවුන්ගේ භාරකරුවන් 12 දෙනා ද රෝහල් වාට්ටුවලින් වාර්තා වූ බව හෙතෙම සඳහන් කළේය. 

කෙසේ වෙතත් මෙතෙක් හමුවූ රෝගීන් ගෙන් වෙනත් රෝගීන්ට හෝ භාරකරුවන්ට වයිරසය වැළඳීමට ඉඩකඩක් නැතැයි ද එම රෝගීන් හා ආශ්‍රිතයන් ප්‍රතිකාර හා නිරෝධායනයට ලක්කර ඇති බවත් වෛද්‍ය විජේසූරිය කියා සිටියේය.

මෙසේ කොරෝනා රෝගීන් හමුවීම හේතුවෙන් යම් රෝගයකින් පෙළෙන දරුවෙක් රෝහලට ගෙන ඒමට බිය විය යුතු නැතැයි කී අධ්‍යක්ෂවරයා ළමා රෝහලේ දී කොවිඞ් ආසාදනය වූ රෝගියෙකු ගෙන් තවත් රෝගියෙකුට බෝවීමට ඉඩ තබා නැතැයි ද කීය. 



අදහස් (0)

ජාතික ළමා රෝහලේ වෛද්‍යවරයකුට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31628 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14044 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11099 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 175 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1105 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site