IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


ජාතික සභාවට අවසර

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

රටේ ආර්ථික හා සමාජ අර්බුදය සමනය කිරීම සඳහා ජාතික සභාවක් පිහිටුවීමට අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (7) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය කෙරිණ.

ජාතික සභාව පිහිටුවීමට අදාළ යෝජනාව කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටද මෙහිදී තීරණය කර ඇත.

මේ අනුව කතානායකවරයා ජාතික සභාවේ මූලාසනය දරණ අතර අග්‍රාමාත්‍යවරයා, විපක්ෂ නායකවරයා, සභානායකවරයා සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා නිල බලයෙන් එහි සාමාජිකයන් බවට පත්වෙති.

නිල බලයෙන් පත් වන සාමාජිකයන්ට අමතරව පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නියෝජනය වන පරිදි පත් කෙරෙන නියෝජිතයන්ද ඇතුළුව ජාතික සභාවේ සම්පූර්ණ සාමාජික සංඛ්‍යාව 37කි.

රටේ ප්‍රශ්න විසඳීම සඳහා ජාතික සභාවක් පිහිටුවන ලෙස සිවිල් සංවිධාන සහ බහුජන සංවිධාන රැසක් පසුගිය කාලයේදී නොයෙක් වර රජයේ ප්‍රධානීන්ගෙන් ඉල්ලීම් කර තිබිණ.

 



අදහස් (1)

ජාතික සභාවට අවසර

'රැප්' Wednesday, 07 September 2022 07:16 PM

ජාතික ගීය දිග වැඩියිලු ගයන්නට..!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 429 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 602 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 242 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site