(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ආර්ථික ප්‍රශ්න ප්‍රධාන රටේ විවිධ ප්‍රශ්න  විසඳීමේ අරමුණින් යුතුව පිහිටුවීමට  යෝජිත ජාතික සභාව පිළිබඳ යෝජනාව පාර්ලිමේන්තුවේදී හෙට (20) විවාදයට ගෙන  සම්මත කරගැනීමට නියමිතය.

මෙම යෝජනාව ඉදිරිපත් කෙරෙන්නේ ආණ්ඩු පක්ෂයෙනි.

විවාදය  අද පෙරවරු 10.00 සිට  පස්වරු 5.30 දක්වා පැවැත්වෙනු ඇත.

මේ අතර ආණ්ඩුවේ ආදායම වැඩි කර  ගැනීමේ අවශ්‍යතාව පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ විවාදය හෙට (21) බදාදා   පැවැත්වීමට නියමිතය.

මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලබන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසිනි.

දෙවැනි එළිසෙබෙත් මහරැජිනගේ අභාවය වෙනුවෙන් ශෝක යෝජනා ඉදිරිපත් කිරීම ලබන 23 වැනිදා පෙරවරු  9.30 සිට   පස්වරු 12.30 දක්වා  පැවැත්වේ.

ප්‍රචණ්ඩකාරීන් පිරිසක් විසින් නිට්ටඹුවේදී ඝාතනය කෙරුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා වෙනුවෙන් ශෝකය පළකිරීමේ විවාදය ඉන් අනතුරුව පැවැත්වේ.

පාර්ලිමේන්තුව කතානායක  මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(20 පෙරවරු 9.30 ට  රැස්වෙයි.

පාර්ලිමේන්තුව හෙට (20) සිට ලබන 23 වැනිදා දක්වා රැස්වීමට නියමිතය.