(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ආර්ථික ප්‍රශ්න ප්‍රධාන රටේ විවිධ ප්‍රශ්න විසඳීමේ අරමුණින් යුතුව පිහිටුවීමට යෝජිත ජාතික සභාව පිළිබඳ යෝජනාව පාර්ලිමේන්තුවේදී හෙට (20) විවාදයට ගෙන සම්මත කරගැනීමට නියමිතය.
මෙම යෝජනාව ඉදිරිපත් කෙරෙන්නේ ආණ්ඩු පක්ෂයෙනි.
විවාදය අද පෙරවරු 10.00 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වෙනු ඇත.
මේ අතර ආණ්ඩුවේ ආදායම වැඩි කර ගැනීමේ අවශ්‍යතාව පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ විවාදය හෙට (21) බදාදා පැවැත්වීමට නියමිතය.
මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලබන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසිනි.
දෙවැනි එළිසෙබෙත් මහරැජිනගේ අභාවය වෙනුවෙන් ශෝක යෝජනා ඉදිරිපත් කිරීම ලබන 23 වැනිදා පෙරවරු 9.30 සිට පස්වරු 12.30 දක්වා පැවැත්වේ.
ප්‍රචණ්ඩකාරීන් පිරිසක් විසින් නිට්ටඹුවේදී ඝාතනය කෙරුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා වෙනුවෙන් ශෝකය පළකිරීමේ විවාදය ඉන් අනතුරුව පැවැත්වේ.
පාර්ලිමේන්තුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(20 පෙරවරු 9.30 ට රැස්වෙයි.
පාර්ලිමේන්තුව හෙට (20) සිට ලබන 23 වැනිදා දක්වා රැස්වීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
361
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජාතික සභාව යෝජනාව හෙට විවාදයට