(යොහාන් භාසුර)
ජාතික වෙසක් සතිය අද (2) සිට මේ මස 8 වැනිදා දක්වා පැවැත්වෙන බවත් වෙසක් සතියට සමගාමීව රට පුරා ආගමික වැඩසටහන් රැසක් පැවැත්වෙන බවත් බුද්ධ ශාසන අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය.
මෙවර ජාතික වෙසක් උත්සවය හලාවත, මාදම්පේ කැබැල්ලෑවල ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරයේදී පැවැත්වෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සමරණ වෙසක් පුන් පෝය මේ මස 5 වැනිදාට යෙදී තිබේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ජාතික වෙසක් සතිය ඇරඹෙයි
Chaminda Tuesday, 02 May 2023 05:39 PM
2 සිට 8 දක්වා ඇයි බාර් වැසීම, මස් කඩ වැසීම, ටෙලි නාට්‍ය සංගීත චිත්‍රපට, සම්පූර්ණයෙන්ම රූපවාහිනී සහ ගුවන්විදුලි ක්‍රියාත්මක වීම අත් හිටුවීම, මිනිසාගේ මනස නිවීම, වෙසක් උත්සවයේ නියම අර්තය නිරූපනය කිරීමට උපකාරි වේ...
සමන්තWednesday, 03 May 2023 06:06 AM
බුද්ධ දර්ශනය නොදැනීම ගැන දුකයි. එම දර්ශනයේ කොතනකවත් කිසිම දෙයක් තහනම් කර නැත. පවසා ඇත්තේ සිහි නුවනින් දැක කටයුතු කරන්න. ඉතිං බාර් ඇරලා තිබ්බා කියලා, රූපවාහිනී වැඩසටහන් ප්‍රචාරය වුනා කියලා තියෙන අවුල කුමක්ද? එදා ඉදලා බුද්ධ දර්ශනයේ හරය නොදැන කටයුතු කල නිසා අවසානයේ විශ්ණු දෙවියන් ලංකාවේ රකිනවා කිව්ව බුද්ධාගම රැකගන්න බැරි වෙලා තායිලන්තයේ සහ බුරුමයේ සිට උපසම්පදාව වැඩම කරන්න සිද්ධ වුණා. බුද්ධ දර්ශනය නිවැරදිව වටහා ගෙන කටයුතු කරන්න. නැතුව අරක එපා මේක එපා නැතිව. අදත් 90% කටත් වඩා නිදහස් චින්තනයක් තියෙන තායිලන්තයේ බෞද්ධයන් ඉන්නවා.