
ශ්රී ලාංකේය ඇසුරුම් නිෂ්පාදනයේ ප්‍රමුඛ පෙළේ සමාගමක් වන Flexiprint පෞද්ගලික සමාගම ලංකා ජාතික වාණිජ මණ්ඩලය සංවිධානය කළ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා (NBEA) 2021 සම්මාන උළෙලේ දී මුද්‍රණ සහ ඒ ආශ්‍රිත සේවා අංශයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය.
කොළඹ දී පැවැති සම්මාන උළෙලේ දී සමාගමේ අධ්‍යක්ෂ ඉසුරු අබේවික්‍රම මහතා සහ කණ්ඩායම එම සම්මාන ලබා ගත්තේය. 1994දී ඇරැඹූ Flexiprint සමාගම වර්තමානයේ දී දෙස් විදෙස් කීර්තියට පත් ඇසුරුම් නිෂ්පාදන ආයතනයකි.
දේශීය සහ විදේශීය තේ වෙළෙඳපොළට ඉතා උසස් තත්ත්වයේ තේ බෑග් ටැග් සහ තේ බෑග් කවර නිෂ්පාදනය කරන මෙම සමාගම ෆ්ලෙක්සොග්‍රැපි තාක්ෂණය සහ ජලය සමඟ මිශ්‍ර කර ගත් (Water Base) තීන්ත භාවිතයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අගනා තේ ඇසුරුම් නිපදවයි.
1994දී එක් යන්ත්‍රයක් භාවිත කර සේවක සේවිකාවන් 10 දෙනකුගෙන් ඇරැඹූ Flexiprint ආයතනය වර්තමානයේ දී යන්ත්‍ර අටකින් සහ 275කට ආසන්න කාර්ය මණ්ඩලයකින් සමන්විතය. ඕනෑම ප්‍රමාණයක ඇණවුමක් කලට වේලාවට සැපැයීමට අවශ්‍ය විශිෂ්ට තාක්ෂණික දැනුම සමාගම සතුය.
තේ බෑග් ටැග්, තේ බෑග් කවර සහ පීරමීඩ හැඩැති තේ කවර ඇතුළු විවිධාකාරයේ තේ ඇසුරුම් රැසක් Flexiprint සමාගමේ නිෂ්පාදන අතර වේ. පවතින අභියෝගාත්ම කාලයේ දී පවා නිෂ්පාදන අවශ්‍යතා සැපිරීමට අදාළ උපක්‍රමික වැඩපිළිවෙක් අනුව සමාගම ක්‍රියා කරයි. එක් එක් පාරිභෝගික අවශ්‍යතා වෙන වෙනම හඳුනා ගෙන ඔවුන් අතර මනා සම්බන්ධතාවක් පවත්වමින් සේවා සැපයීම සමාගමේ සුවිශේෂත්වයකි.
“මෙම සම්මානය අපගේ විශිෂ්ට නිෂ්පාදන සහ සේවා පිළිබඳව පවසන කදිම නිදසුනක්. ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගෙන එන ව්‍යාපාර ක්ෂේත්‍රයක කටයුතු කරන අපි ඉදිරියටත් විශිෂ්ට නිෂ්පාදන ඔස්සේ ලෝකය දිනා ගැනීමට සුදානම්. මේ අවස්ථාවේ දී මෙම ජයග්‍රහණයට දායක වුණ අපගේ සේවක මණ්ඩලයට මගේ කෘතවේදීත්වය පිරිනමනවා.” කළමනාකරණ අධ්‍යක්ෂ සතිස් අබේවික්‍රම මහතා පැවසීය.
595
2025 දෙසැම්බර් මස 16
106
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
911
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
623
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ජාතික ව්‍යාපාර විශිෂ්ටතා රන් සම්මානයෙන් Flexiprint පිදුම් ලබයි