(සුජිත් හේවාජුලිගේ )
එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පත් කෙරෙන බව සඳහන් ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව විසින් අද (18) පස්වරුවේ නිකුත් කරනු ලැබීය.
මේ ගැසට් නිවේදනය එම කොමිෂන් සභාව විසින් පාර්ලිමේන්තු මහලේකම්වරයාට නිල වශයෙන් භාරදෙනු ලැබීමට නියමිතය .
ඉන්පසු වික්‍රමසිංහ මහතාට එම මන්ත්‍රී ධූරයේ දිවුරුම් දීම සඳහා අවස්ථාව සලසා දීමට කටයුතු කෙරෙනු ඇත.
මේ අතර රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ලබන 23 වැනිදා දිවුරුම්දීමට නියමිතව ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා එහි නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නම එම පක්ෂය විසින් මැතිවරණ කොමිෂන් සභාවට පසුගියදා යෝජනා කෙරිණ .
පසුගිය 2020 වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට හිමි වූයේ එක් ජාතික ලැයිස්තු ලයිස්තු මන්ත්‍රීධූරයක් පමණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වජිර අබේවර්ධන හීනෙන් දකින අනාගත ජනාධිපති...
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා බුද්ධිමත්, පලපුරුදු, දුරදක්නා නුවණක් තිබෙන නායකයෙක්... එතුමා ගන්නා වූ තීන්දුව කුමක් වුවද එය රටේ යහපත සහ දේශපාලන යහපත සඳහාම ගන්නා වූ තීරනයක් වනු ඇත.
මම දැක්කා "රනිල් - සජිත් ගැටුමෙන් මන්ත්‍රී 750 කගේ තනතුරු අහිමිවේද?" කියලා අන්තර්ජාලයේ ප්‍රශ්නයක් අහලා තිබුණා. ඒ වාර්තාවේ මෙහෙමත් තිබුණා..." එජාපයෙන් තේරීපත් පළාත් පාලන නියෝජිතයින් බහුතරය පසුගිය මහා මැතිවරණයේදී සජබයට සහාය දුන් නිසා එජාපය 3%ක වැටුණේය. 10 කට ආසන්න පිරිසකට විනය පරීක්ෂණ පවත්වා තනතුරු අහිමි කර ඇත. 69 ඉවත් කිරීමට සූදානම්ය. රනිල් එපා යැයි කී නිසාම පක්ෂ තහනමට ලක් වූ පාලිත රංග බණ්ඩාර මහ ලේකම්වරයාගේ පරණ කතා සජබ සමාජ මාධ්‍ය කණ්ඩායම නැවත පළ කරමින් සිටියි... නාටක රැසකි. එජාප - සජබ ප්‍රතිපත්ති වෙනසක් නැත. ඇත්තේ කල්ලි ගැටුමකි. සජබ හා එජාප නායකයින්, තමන් වෙනුවෙන් කොට ඇද්ද මන්ත්‍රීවරු පිළිබඳ සැබෑ කැක්කුමක් ඇති නම් ඔවුන්ගේ මන්ත්‍රි ධුර රැක දීම සඳහා නායකත්ව මට්ටමේ සාකච්ඡාවකින් ප්‍රශ්නය විසඳාගත යුතුව ඇත. එජාපය ඉවත් කරන්නට යන මන්ත්‍රීවරුන් 750 හා සජබ මන්ත්‍රීනි ඩයනා ගමගේට ඇත්තේ එකම චෝදනාවකි. ඒ පක්ෂයේ විනය කඩ කිරීමය. නමුත්, ඩයනා ගමගේ ඉවත් කිරීම තබා, එහි මූලික අදියරට හෝ තවමත් සජබ පැමිණ නැත. කිසි ලෙසකින් හෝ එය අහම්බයක් නොවේ...
මහත්තයෝ, ගත්තු තීරණ අපිට හොඳට මතකයි. පිස්සු කරන්න එපා...!!!
රට ආර්ථික වශයෙන් පිරිහීමට යොමු කළ අතර ආර්ථිකය නගා සිටුවීමට ක්‍රියා කරමින් සිටි ගාමිණී දිසානායක, ලලිත් ඇතුළත්මුදලි වැනි අය විවිධ කෙණහිලිකම් වලට තදින්ම පත් විය. සජිත් දක්ෂ නායකයකු නොවන බව මේ වනවිටත් පෙන්වා ඇත. ඉදිරියට රට යා යුතු ඉලක්ක තේරුම්ගත් තරුණ නායකයන් පිරිසකගේ යෝජනාවෙන් බෝනස් ආසනයකින් හෝ රනිල් පාර්ලිමේන්තුවේ සිටිය යුත්තේ මේ නිසායි...