(යොහාන් භාසුර)
කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශය සහ සායන ඇතුළු ඒකක රැසක් ස්ථාපිත චීන රජයෙන් ඉදිරිකළ නව මහල් ගොඩනැගිල්ලේ විවිධ උපාංග සොරකම් කළ චෝදනාවට පෞද්ගලික පිරිසිඳු කිරීමේ ආයතනයක වැඩ පරීක්‍ෂකවරයෙක් පොලිසියට භාරදුන් බව එම රෝහලේ ආරක්‍ෂක අංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
මරදාන පොලිසියට භාරදුන් පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ බව ද එම නිලධාරියා කීය.
අදාල පුද්ගලයා එම ගොඩනැගිල්ලේ විදුලි බුබුලු අලවන ආකාරය සී.සීටී.වී. කැමරාවල පටිගත වී තිබූ බව කී එම නිලධාරියා එම ගොඩනැගිල්ලේ විවිධ උපකරණ ගලවාගෙන යෑම පිළිබඳව කළ විමර්ශනයකදී අදාල පුද්ගලයා හදුනාගැනීමට හැකි වූ බව ද සඳහන් කළේය.
එම ගොඩනැගිල්ලේ විශාල වටිනාකමින් යුත් විවිධ උපකරණ රැසක් මේ වන විටත් ගලවාගෙන ගොස් ඇති බවත් වැසිකිළිවලට දැඩි හානිකර ඇති බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.
2025 දෙසැම්බර් මස 18
264
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
183
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
990
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජාතික රෝහලේ ලයිට් ගැලවූ වැඩපරීක්‍ෂක පොලිසියට