(විමුක්ති එස් රුද්‍රිගු)
කොළඹ ජාතික රෝහලේ ඊයේ (11) රාත්‍රී ආහාරවේල ලබා දී ඇත්තේ පස්වරු 11.30ට බව රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
එයට හේතු වී ඇත්තේ එදින දහවල් කාලයේදී කාර්යාල සේවකයන් සේවයෙන් ඉවත් වී සිටීම නිසා රාත්‍රී ආහාරය පිළියෙළ කිරීමට අවශ්‍ය වියළි සලාක බාර ගැනීමට වගකිවයුත්තෙක් නොසිටීම බව රෝහල් ආරංචි මාර්ග පැවැසුවේය. තත්වය කළමනාකරණය කර ගැනීමට හැකියාව තිබුණත් බලධාරීන් නිසියාකාරව කටයුතු නොකිරීම හේතුවෙන් මෙම තත්වය උද්ගත වූ බව රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
රෝහල් බලධාරීන් කෑම පාර්සල් 2500 ක ඇණවුමක් ආපන ශාලාවකට ලබා දී තිබුණත් එම ආපනශාලාවට කෑම පාර්සල් 2500 ක් පිළියෙළ කිරීමේ හැකියාවක් නොතිබූ බවද රෝහල් ආරංචි මාර්ග පැවැසුවේය.මෙම ඇණවුම ආපනශාලා කීපයකට ලබා දී තිබුණේ නම් මෙම තත්ත්වය උද්ගත නොවන බවද ආරංචි මාර්ග පෙන්වා දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකට මොකද, අපේ රටේ ආර්ථික ඝාතකයෝ නැව් වල ඉඳන් කන්නේ දැන්...!
ඒකේ කිසිම වරදක් නැහැ... මොකද මෙවර සිංහල අලුත් අවුරුදු සඳහා ආහාර අනුභව කරන්න නැකැත් පතේ තියෙන්නේ 2024.04.13 දින මධ්‍යම රාත්‍රියේ (එනම් 14 දින අලුයම )12.06ට තමයි. ඉතින් ඒකට පුහුණුවක් ගන්නත් එක්කම ඔහොම කමු...!
කෙසේ වෙතත්, රෝගීන්ට ආපන ශාලාවල සැකසූ ආහාර අනුභව කිරීමට දීම කෙතරම් සුදුසුද? විශේෂයෙන්ම දියවැඩියාව, අධික රුධිර පීඩනය, අධික මේදය වැනි රෝග තිබෙන අයට සුදු බත්, තෙල් යෙදූ ආහාර ආදී ආපනශාලා ආහාර ලබාදීම අනාරක්ෂිත නොවේද? එමෙන්ම එම ආහාරවල පිරිසිදු භාවය කෙතරම් විශ්වාසනීයද?
සාමාන්‍යයෙන් නිශාචර සතුන් හැර අනෙක් කිසිම සත්වයෙක් ඔය මධ්‍යම රාත්‍රියේ ආහාර ගන්නේ නැහැ.. බොරුවක් නම් සමීක්ෂණයක් කර බලන්න...
කරන්නන් වාලේ කරනවා මිස මොළයක් ඇතිව කරන වැඩ නොවෙයි... ඇත්තටම ආහාර පාර්සල් 2500 ක් හදනවා කියන්නේ ලේසි පහසු වැඩක් නොවෙයි..., බලන්න බිලේ 2500 ක් ඇති ගෙවීම කරන්න වවුචර සකසා ඇති ඇත්තටම ඇණවුමක් බාරදෙන්න හැකියාව ඇති තැනක් සොයන්න ඕනෑ. කොහොමත් රෝහල් සැපයීම ගැන දන්නෝ දනිති...!