
(යොහාන් භාසුර)
කොළඹ ජාතික රෝහලේ දියවැඩියා සායනයට පැමිණෙන රෝගීන්ට අවශ්‍ය ‘ඉන්සියුලින්’ නොමැතිවීමෙන් රෝගීහු දැඩි අපහසුතාවට පත්ව සිටිති.
ජාතික රෝහලේ දියවැඩියා සායනයෙන් ප්‍රතිකාර ලබාගන්නා බොහෝ රෝගීන් ‘ඉන්සියුලින්’ නොමැති වීමෙන් අසරණ පත්ව සිටින බවත් ‘ඉන්සියුලින්’ නොමැති වීම හේතුවෙන් පෞද්ගලිකව ලබාගන්නා ලෙස වෛද්‍යවරු දැනුවත් කර ඇති අතර ඒ හේතුවෙන් රෝගී ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිති.
දියාවැඩියා රෝගීන්ටෙග් වැඩි පිරිසක් ‘ඉන්සියුලින්’ මිලදී ගැනීමට මුදල් නොමැතිව සිටින බව කියන වෛද්‍යවරුන් සඳහන් කළේ ඇතැම් රෝගීන්ට මසකට ‘ඉන්සියුලින්’ කුප්පි දෙකක් පමණ අවශ්‍ය බවයි.
‘ඉන්සියුලින්’ කුප්පි පෞද්ගලිකව මිලදී ගැනීමට රුපියල් 1000 කට වැඩි මුදලක් අවශ්‍ය බවත් රෝගීන්ට එය දරා ගැනීමට නොහැකි බවත් වෛද්‍යවරු පෙන්වා දෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතිගරු ඇමතියාගේ වාහනේ විකුණා ඒ මුදලින් ඉන්සියුලින් ගමු. කැමැතිද ඇමතියෝ...?
කොළඹ ජාතික රෝහලේ විතරක් නෙමෙයි ලංකාවේ කිසිම රෝහලක ඉන්සියුලින් නෑ... ඔසුසැල් වලවත් නෑ.